මාමාගේ ජෝගී (UPDATING.........)

මාමාගේ ජෝගී (UPDATING.........)

මචන්ලා මම ඉස්සරහට දාන හැම විහිලු කතාවක්ම මේ thread එකේ දාන්න හිතුවා . :yes::yes:
එක එක කතාවට වෙන වෙනම thread අරින එක බොරු වැඩක් කියලා හිතුනා . :no::no:
ඕගොල්ලොත් රස කතා මොනාහරි තියෙනවනම් මේකේ ලියන්න . මම මේක පුළු පුළුවන් විදියට update කරනවා.

 
මගේ නෝනා.......

බලන්න දොස්තර මහත්තයෝ මගේ නෝනා හැමදාම club එකකට ගිහින් එයාට invite කරන ඔනෑම මිනිහෙක් එක්ක එදා රෑට නිදාගන්නවනේ :angry::angry::angry:

දොස්තර :- හරි හරි ...පොඩ්ඩක් සන්සුන් වෙන්න ...හොද හුස්මක් අරන් සැහැල්ලු වෙලා මට කියන්න







නෝනා මොන club එකටද යන්නේ කියලා..............................
 
ඉනිම declare කිරීම

ඔන්න පොඩි කොල්ලෝ set එකක් දෙකට බෙදිලා cricket match එකක් ගහනවලු.එකපැත්තක් මුලින්ම bat කරන්න ගත්තා . ඔන්න උන් ලකුණු 56ක් ගැහුවලු .
තව overs 2කුයි wickets 3කුයි ත් ඉතුරුලු . මුන් ඒත් කියනවා අපි ඉනිම declare කරලා උබලට ගහන්න දෙනවා කියලා . එතකොට ball කර කර හිටපු පැත්තේ පොඩි එකෙක් ඒ පැත්තේම ටිකක් ලොකු එකෙක්ගෙන් ඇහුවලු .
"අයියේ දැන් අපි ගහන්න ගන්න ඕනේ උන් නවත්තපු ලකුණේ ඉදන්ද ?"
 
යුද්ධ කරන්න ආවේ ඇයි ?

ඔන්න දවසක් soldiers ලා දෙන්නෙක් එකිනෙකා එක්ක කතා කර කර ඉන්නවලු

Soldier 1 - මචන් ඇයි උබ හමුදාවට බැදුනේ ?

Soldier 2 - මචන් මට ගෑණියෙක් නැහැ . අනික මම යුද්ධ කරන්න හරි කැමැතියි . එකයි මම බැදුනේ . ඇයි උබ බැදුනේ ?

Soldier 1 - මටනම් මචන් ගෑණියෙක් ඉන්නවා . හැබැයි මම නිදහසට කැමැතියි . ඒකයි මම හමුදාවට බැදුනේ
 
මීටරේ කියවීම නැවත්වීම

ඔන්න ඉතින් ලයිට් බිලත් වැඩිවෙන හින්දා දවසක් එක මිනිහෙක් කල්පනා කළා කොහමද මම ගෙදෙර ලයිට් බිල අඩු කරගන්නේ කියලා . හිතුවා හිතුවා කිසිම අදහසක් අවේ නැහැ . අන්තිමට මිනිහට හිතුනා මීටරේ කියවන එක නැවැත්තුවා නම් හරි නේ කියලා . ඉතින් මේ ගෙදෙර අයිතිකාරයා මීටරේ කියවන මිනිහා එන දවස බලලා මීටරේ වැහෙන්න ගොම ගෑවා . ගාලා ගේ ඇතුලට වෙලා බලන් හිටියා . ඔන්න මීටරේ කියවන මිනිහා ආවා. ඇවිල්ලා දැන් මේකා ගේ වටේ ඇවිදිනවා . දෙතුන් පාරක්ම ඇවිද්දා. බැරිම තැන ගේ අයිතිකාරයා පොරගෙන් මෙහෙම ඇහුවා . "ඇයි ඇයි මහත්තයා මොනාද හොයන්නේ ?"
එතකොට මීටරේ කියවන මිනිහා කිව්වා
"නැහැ මන් මේ බැලුවේ මෙච්චර උසට ගොම දාන්න පුළුවන් හරකා කොහෙද ඉන්නේ කියලා "
 
මල්ලීගේ ප්‍රාර්ථනා

ඔන්න අයියා මලෝ දෙන්නා දවසක් ආච්චිලාගේ ගෙදෙර ගියාලු . අයියා නම් හරි අහිංසක එකා .එත් මල්ලී පොඩි වුනාට හෙන ඇම්ඩන් පොරක් :P. මුන් දෙන්නගේ පුරුද්දක් තිබ්බලු නිදාගන්න කලින් දෙවියෝ වදින්න .ඔන්න අයියා නිශ්ශබ්දව දෙවියෝ වදිනවා . එත් මල්ලී ටිකක් විතර හයියෙන් අනේ දෙවියනේ මට laptop එකක් ලබා දෙන්න, මට iphone එකක් ipad එකක් ලබා දෙන්න කියනවලු . දැන් මේක අයියට වදයක්ලු . අයියා ටිකක් වෙලා විතර බලන් ඉදලා බැරිම තැන මල්ලිට කිව්වලු මොකද මල්ලි අද කවදාවත්ම නැතුව හයියෙන් කියවන්නේ . ඔයා හිතුවද දෙවියොන්ගේ කණ ඇහැන්නේ නැහැ කියලා .
මල්ලී හිමීට අයියට කිව්වලු
"ඒ වුනාට අයියේ ආච්චිගේ කණ ඇහැන්නේ නැහැ නේ " ;);)