සෙනහස මදිකම
ඔන්න අපේ නිමල් ගේ නෝනා කන්නෙත් නැහැලු බොන්නෙත් නැහැලු ඔය බලාගත් අතේ ඉන්නවා .නිමල්ටත් මාර අප්සෙට් . නිමල් ඉතින් නෝනව් අරන් ගියාලු දොස්තර කෙනෙක් ගාවට . දොස්තර නොනැව හොදට චෙක් කරලා කිව්වලු අයියෝ මෙයාට එච්චර ලෙඩක් නැහැ තියෙන්නේ සෙනහස මදිකම කියලා .පොඩි දෙයයි කරන්න තියෙන්නේ. හැමදාම මෙයාව මෙන්න මේ වගේ ටික වෙලාවක් බදාගෙන ඉන්න කියලා . ඔයාට මේක කරන්න පුලුවන්ද කියල දොස්තර නිමල්ගෙන් ඇහුවා
නිමල් ටික වෙලාවක් කල්පනා කරලා මෙහෙම කිව්වා .
මට සතියේ දවස්වලටනම් මෙයාව එක්කගෙන එන්න පුළුවන් ඩොක්ටර් හැබැයි සෙනසුරාදා ඉරිදා මට ගිටාර් පන්ති තියෙනවනේ