මාමා_ගොඩ_ගිය_හැටි
මාගේ මාමා දියුණු උන හැටි.
අපේ මාමා වෙබ් එකකින් බිස්නස් ගත්තේ මෙහෙමයි.
අපේ මාම ටුවරිසම් කරන්නේ. එකියන්නේ වෝකර්ස් ටුවර්ස් එකේ වැඩ කලේ. ඇත්තම කියනවනම් එයාගේ වාහනේ හයර් කළා වෝකර්ස් ටුවර්ස් එකට . හයිබ්‍රිඩ් ප්‍රියස් එකක් තිබ්බේ. සුද්දෝ තමයි අරන් යන්නේ. ලංකාව වටේම අරන් යනවා. ඒවගේම සුද්දන්ගේත් මදි නොකියන්න ටිප්ස් හම්බ වෙනවා.
දැනට අවුරුදු දෙකකට උඩදී එයාට වෙබ් එකක් කරගන්න ඕනේ කිවුවා. මට කෝල් කරලා ඇහුව කරන්නේ කොහොමද කියලා.
පස්සේ මම සන්ඩේ ටයිම්ස් එකේ හිට් ඇඩ්ස් බලල එකෙක් ගෙනාව. ඌ කරපු සයිට් එක මෙලෝ රහක් නැහැ. හරියට පොඩි ළමයෙක් කරපු සයිට් එකක් වගේ. පොර රුපියල් 12000 ගත්තා. පස්සේ ඔය වගේ කිහිප දෙනෙක් කළා. කිසිම ප්‍රොෆෙෂනල් ගතියක් නැහැ.
පස්සේ ලොකුවට වෙබ් කරන කම්පනියකට ගියා. එකේ ලක්ෂ ගානක් ඉල්ලුව. තේරුමක් නැහැ . අනෙක එහෙම යට කරන්න ඒ හැටි සල්ලියක් නැහැ නේ.
පස්සේ සයිට් එකේ ඔහේ දිවුවා. කවුරුවත් බලන්නෙත් නැහැ. ඒ වෙනක්කොට රුපියල් 75000 විතර කෙල වෙලා තිබ්බා එක එක්කෙනා ලගට ගිහින්. අයෙත් මාම අහනවා මේකට මොකද කරන්නේ කියලා.
ඔහොම මාස කිහිපයක් යනකොට මගේ යාලුවෙක් කිවුවා ඉන්දියන් අය ඕන තරම් ඉන්නවා එකෙන් කෙනෙක් ගන්න කියලා. පස්සේ මම Odesk එකෙන් කෙනෙක් හයර් කළා. ඉන්දියන් පොරක්. පොර කලින් ලස්සනට සයිට් කරලා තියනවා.
පස්සේ මම පොරට දුන්නා . හැබැයි වැඩේ ඉවර උනාම තමයි ගෙවනවා කිවුවේ. කැමති උනා පොර. සම්පුර්න සයිට් එක කරන්න ඇමරිකන් ඩොලර් 450 ඉල්ලුව. අන්තිමට $ 250 කට කැමති උනා .
පොර සයිට් එක ගැහුවා සතියෙන්. ගින්දර වගේ . ෆුල් ඉන්ට්‍රක්ටීව්. පස්සේ පොරට මාම සතුට වැඩි කමට ඇමරිකන් ඩොලර් 600 ගෙවුවා.
පස්සේ පොර කිවුවා.මේක මාර්කටින් කරන්න ඕනේ කියල. එකට SEO වලට වෙනම බන්ගලිදේශ් කෙනෙක් අල්ල ගත්ත. පොර කට්ටයා. හැබැයි වැඩේ කරනවා. කොහොම හරි SEO වලට ඩොලර් 2000 වගේ ගියා. හැබැයි සල්ලි වියදම් කලාට අවුලක් නැහැ.
ඔහොම යනකොට දවසින් දවස ඇමරිකන් යුරෝප් සුද්දන්ගෙන් බුකින් එන්න ගත්තා. දැන් මාමට දවසකට ගොඩක් ටුවර්ස් සෙට් වෙනවා. දැන් වෝකර්ස් ටුවර්ස් එකෙන් අයින් වෙලා තමන්ගේම ටුවර් කොම්පැනියක් පටන් ගත්තා. දැන් වාහන 13 තියනවා . ප්‍රියස් . වෙනම ඩ්‍රයිවර් ල ඉන්නවා. වෙනම ඔෆිස් එකක් තියනවා . වෙබ් එක දිනපතා නඩත්තු වෙනවා. එකට Web Developers දෙන්නෙක් ඉන්නවා. තව SEO වලට වෙනම අය ඉන්නවා. මොකද SEO කියන්නේ එක පාරක් කරලා නවත්වන්න බැහැ. එක දිනපතාම නඩත්තු වෙන්න ඕනේ.
දැන් මාමට SEO ගැන ලොකු අවබෝධයක් තියනවා. සමහර දේවල් එයාම කර ගන්නවා.
දැන් මාමාට හේනට සල්ලි. හැබැයි මාම දැන් ලොකු රෝගයකින් පෙළෙනවා. ඒ මොකවත් නොවෙයි මුල අමතකවීමේ රෝගය. මමනම් එයාගෙන් සල්ලි මොනවත් බලාපොරොත්තු වේන්නේ නැහැ. දැන් ඔෆිස් එකට ගියාම වැඩිය ගණන් ගන්නේ නැති සිද්දියක් තියෙන්නේ. ඉතින් අපිත් මොකටද නිකන් පදිරි වෙන්නේ. මුල අමතකවීම ගොඩක් සල්ලි කාරයින්ට තියන රෝගයක්.
මගේ උපදේශය : ෆී ලාන්සර් සයිට් වලින් ගන්නකොට ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ගොඩක් අය ඒගොල්ලෝ කළා කියල දෙන්නේ ඉන්ටර්නෙට් එකෙන් හොයා ගත්ත ලස්සන සයිට්ස් . බොරුව කරනවා. එක බලා ගන්න පුළුවන් හොඳම දේ තමයි ජොබ් එක දෙන්න කලින් රිවිව්ස් බලන්න. එහෙම නැතුව දෙන්න එපා. අනෙක වෙබ් එක අවසන් කරනකන් සල්ලි රිලීස් කරන්න එපා. වැඩේ හොඳට යනවනම් මගදී ඇඩ්වාන්ස් එකක් දෙන්න.
ඒවගේම SEO වලටත් ආයෝජනය කරන්න පැකිලෙන්න එපා. මොකද SEO නැත්නම් කවදාවත් ඉබේ බිස්නස් එන්නේ නැහැ. SEO වලටත් බොරු කරන අය බොහොමයි. එකටත් හොඳම කෙනෙක් තෝරා ගන්න ඕනේ. අනෙක එක දවසින් දෙකෙන් SEO කරන්න බැරි බව සිහියේ තබා ගතයුතුම දෙයක්. SEO සඳහා වසර ගණනාවක් පවා ගත වෙන්න පුළුවන්.