මාරාන්තික fake අසනීපය....

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොන පිස්සුද බන්. මම සමනලී කියන්නෙ කවුද කියල දන්නෙත් නෑ:rofl:
    :lol::lol: මාත් දන්නෑ බං.. ඕවට ලවු කරන්න ගිහින් අන්තිමට මොලේ අවුල් කරගන්නෙ මොකටෙයි.. අන්තර්ජාලය කියන්නෙ මායා ලෝකයක්.. ඒක දැනගෙන තමා මේකෙ ඉන්න ඕන.. ගොන්නු අහුවෙනවා.. මොලේ තියෙන එවුන් බේරෙනවා.. මම අහුවුනා එකසැරයක්.. දුක් සීන් එකක් බං.. එපා වෙනවා.. :(:(:(

    මොකුත් නෑ බලපන්කො. එතකොට තේරෙයි.:P
    මම බැලුවා බොස්.. මොකෝ ඉතින් වෙන්න ඕන මචෝ..?:yes:
    (උඹ දවල්ට කොහෙද බං අන්තරස්දාන වෙන්නෙ..? අද හිටියෙ නෑනෙ.. රෑට විතරද EK එන්නෙ..)
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness

    මොකුත් නෑ බන් ඔය ඉතින් බලල ගියා නම් හරි. දවල්ට වැඩිය නෑ බන් මොබයිල් එකේ නම් ඉන්නවා ඒත් ලොකු වැඩ බෑ ඉතින් කියවන්න විතරයි. :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ෴සමනලී෴

    me wage id ekak hadanna bae elakiri gana hodata danne nathi, forum wala karagahala nathi thoththa babekuta ... that's for sure ... :baffled:

    පැතුවේ එකකි. සිදුවූවේ තව එකකි නේද?. අහෝ :P

    මාතෘකාවට ගියොත්,

    ෆේක් කියන එකේ අදහස මොකද්ද? එක ID එකකට වඩා තියන එකද?
    ඒක එහෙමනම්, සෑහෙන්න බොන්න ඕනේ විහිලුවක් ඒක.
    මොකද කවුරුත් මේකේ නම උපන්දිනේ දාගෙන එන්නේ නෑනේ.
    ඉතින් ඇත්තටම එකක් ආවත් ඒකත් fake (ව්‍යාජ) එකක් තමයි.
    මොකද මෙතන ඉන්නේ හැබෑ ජීවිතේ ඉන්න පුද්ගලයා නෙමෙයි.
    අමුතුම කෙනෙක් වෙන්න හදන පුද්ගලයෙක්. online life එකේදී fake හොයනවා කියන එක ව්හිළුවක්. මූණට මූන හම්බුවෙලා කතා කරන එකක් නෙමෙයිනේ මේක.

    මෙතන ප්‍රශ්නේ ෆේක් නෙමෙයි. මොන මඟුලෙන් හරි අවිත් ආගම් වලට අගෞරව කරන එකයි.
    අනික් ආගම් භේද කරන්න හදන එකයි.

    :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකුත් නෑ බන් ඔය ඉතින් බලල ගියා නම් හරි. දවල්ට වැඩිය නෑ බන් මොබයිල් එකේ නම් ඉන්නවා ඒත් ලොකු වැඩ බෑ ඉතින් කියවන්න විතරයි. :lol:
    ආහ්.. මම නම් පැය 20ක්ම වැඩ බං.. ඒක නිසා දවසෙන් වැඩි හරියක් EK

    ෴සමනලී෴

    me wage id ekak hadanna bae elakiri gana hodata danne nathi, forum wala karagahala nathi thoththa babekuta ... that's for sure ... :baffled:

    :yes:
    මචං ඒකි ඔය දේට පිළිතුරු දීළා තිබුණා අද.. මමත් ඔය සීන් එක නිසා ඒකිව සැක කලා.. නමුත් එයා බලපු වීඩියෝස් ඔක්කොම දාලා තිබුණා මම ඉගෙනගත්තෙ මේවයින් කියලා.. බලපන් පිටු පිටිපස්සර පෙරලලා.. ඇති ඒකත්.. අපිට කමක් නැහැ බං ෆේක් වුනත් නැති වුණත්.. ලිපිය වැදගත් නම් එච්චරයි.. කාගෙවත් හිත රිද්දන්නෙ මොකටද වචනෙකින් හරි.. ඒකත් පවුනේ.. ඒකි ඇත්තටම කෙල්ලෙක් නම් හිත රිදෙනවනේ.. ඉතින් එයා ආගමකට අපහාස කලොත් ඒ වෙලාවට බලමු.. දැනට මම දැක්කා ලිපි දෙකක් දාලා තියෙනවා.. දෙකම වැදගත් ලිපි.. බලමු ඉදිරියෙදි..
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    :lol::lol: මාත් දන්නෑ බං.. ඕවට ලවු කරන්න ගිහින් අන්තිමට මොලේ අවුල් කරගන්නෙ මොකටෙයි.. අන්තර්ජාලය කියන්නෙ මායා ලෝකයක්.. ඒක දැනගෙන තමා මේකෙ ඉන්න ඕන.. ගොන්නු අහුවෙනවා.. මොලේ තියෙන එවුන් බේරෙනවා.. මම අහුවුනා එකසැරයක්.. දුක් සීන් එකක් බං.. එපා වෙනවා.. :(:(:(

    මේකයි බන් වැඩේ. අන්තර්ජාලයේ ඉන්නවා නම් කිඩ්නිය පාවිච්චි කරලා කල්පනාවෙන් ඉන්න ඕන. ෆේක් විමානයක්. බලපන් ඇත්තටම බැලුවොත් මේකේ කවුරු හරි එකෙක් ඔය සමනලී ට ලවු කරොත් මොකද වෙන්නේ? එහෙම කෙනෙක් කවදාවත් ඉඳල නෑ කියල දැනගත්තහම අනාතයි නෙ? ඔය ප්‍රොෆයිල් එක ඉදිරියට හොඳ ගේම් ටිකක් දෙනවා. බලපන්. උඹ කියනවා වගේ මේක මචන් කල්පනාවෙන් හුස්ම ගන්න ඕන තැනක්. අනිත් පැත්තට හැරෙනවා නම් පස්ස පැත්තට අත තියාගෙන ඕන. නැත්නම් කවුරු හරි එකෙක් අරිනවා. :rofl::rofl:
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ආහ්.. මම නම් පැය 20ක්ම වැඩ බං.. ඒක නිසා දවසෙන් වැඩි හරියක් EK

    මචං ඒකි ඔය දේට පිළිතුරු දීළා තිබුණා අද.. මමත් ඔය සීන් එක නිසා ඒකිව සැක කලා.. නමුත් එයා බලපු වීඩියෝස් ඔක්කොම දාලා තිබුණා මම ඉගෙනගත්තෙ මේවයින් කියලා.. බලපන් පිටු පිටිපස්සර පෙරලලා.. ඇති ඒකත්.. අපිට කමක් නැහැ බං ෆේක් වුනත් නැති වුණත්.. ලිපිය වැදගත් නම් එච්චරයි.. කාගෙවත් හිත රිද්දන්නෙ මොකටද වචනෙකින් හරි.. ඒකත් පවුනේ.. ඒකි ඇත්තටම කෙල්ලෙක් නම් හිත රිදෙනවනේ.. ඉතින් එයා ආගමකට අපහාස කලොත් ඒ වෙලාවට බලමු.. දැනට මම දැක්කා ලිපි දෙකක් දාලා තියෙනවා.. දෙකම වැදගත් ලිපි.. බලමු ඉදිරියෙදි..
    මචන් මම ඕකට එක දෙයක් පෙන්නන්නම්. දැන් ඔය ලී කියනවනේ අරෙහෙම පුරුදු උනා මෙහෙම පුරුදු උනා කියල. මල්ටි කෝට්, ස්මයිලීස්, සිංහල යුනිකෝඩ් ටයිපිං... ඔක්කොම. හැබැයි dead island බෑන් වුනහම අහනවා ''එතකොට මොනවද වෙන්නේ?'' කියල. මොකද ඒ වෙනකොට මම අහල තිබුනේ එයාගෙන් කොහොමද මේ ඔක්කොම දන්නේ කියල. ඒ හින්ද බබා පාර්ට් එකක් පෙන්නන්න ඕන උනා. එකයි. ඔක්කොම දන්නවා. ඇඩ්මින් ගැනත් දන්නවා. බෑන් වෙන එක දන්නෙ නෑ. ඔන්න මරිසිය.:rofl::rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචං ඒකි ඔය දේට පිළිතුරු දීළා තිබුණා අද.. මමත් ඔය සීන් එක නිසා ඒකිව සැක කලා.. නමුත් එයා බලපු වීඩියෝස් ඔක්කොම දාලා තිබුණා මම ඉගෙනගත්තෙ මේවයින් කියලා.. බලපන් පිටු පිටිපස්සර පෙරලලා.. ඇති ඒකත්.. අපිට කමක් නැහැ බං ෆේක් වුනත් නැති වුණත්.. ලිපිය වැදගත් නම් එච්චරයි.. කාගෙවත් හිත රිද්දන්නෙ මොකටද වචනෙකින් හරි.. ඒකත් පවුනේ.. ඒකි ඇත්තටම කෙල්ලෙක් නම් හිත රිදෙනවනේ.. ඉතින් එයා ආගමකට අපහාස කලොත් ඒ වෙලාවට බලමු.. දැනට මම දැක්කා ලිපි දෙකක් දාලා තියෙනවා.. දෙකම වැදගත් ලිපි.. බලමු ඉදිරියෙදි..

    oya type ekema id hadapu ekkenek elakiri ekema deepu games mama danna nisa ban kiwwe :P ... eyage winodansaya kollanta boruwata love kirima ... anyway apita wedak nae oya magul
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    eema kiyannepa patiya :no: man apu dawas wala rep monaada kiyala witharai danan hitiye naththe passe danne rep kiyanne reputaion short karala kiyala :P api borwata kaagahana handa thamai man hithanne glrs la godak adu mekata dan kollantath fake kiyana nisa unuth enawa adui :oo:

    Machan mama danna girls la elakiri eke innawa but un kello kiyala pennanna dangalanne na. :D

    Apita gender eka metana adala wenne na. Dan ma scene ekata adala girl or boy eyage name eka samanalee (or whatever name which reflects his/her gender) kiyala dagena inne mokatada?

    Ookai mama kiyanne. Meya nam aniwa fake :rofl:

    Anika machan sinhala unicode walin ID eka gahana eken monada pennum karanne? :confused:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේකයි බන් වැඩේ. අන්තර්ජාලයේ ඉන්නවා නම් කිඩ්නිය පාවිච්චි කරලා කල්පනාවෙන් ඉන්න ඕන. ෆේක් විමානයක්. බලපන් ඇත්තටම බැලුවොත් මේකේ කවුරු හරි එකෙක් ඔය සමනලී ට ලවු කරොත් මොකද වෙන්නේ? එහෙම කෙනෙක් කවදාවත් ඉඳල නෑ කියල දැනගත්තහම අනාතයි නෙ? ඔය ප්‍රොෆයිල් එක ඉදිරියට හොඳ ගේම් ටිකක් දෙනවා. බලපන්. උඹ කියනවා වගේ මේක මචන් කල්පනාවෙන් හුස්ම ගන්න ඕන තැනක්. අනිත් පැත්තට හැරෙනවා නම් පස්ස පැත්තට අත තියාගෙන ඕන. නැත්නම් කවුරු හරි එකෙක් අරිනවා.

    උඹ කියන දේ සම්පූර්ණ ඇත්ත මචං.. ෆේක් නෙමෙයි ඇත්තට ඉන්න එවුනුත් ලෝකෙ කාලා වතුර බීලා ඉන්නෙ.. මටත් ඔය වගේ සීන් එකක් වෙලා තියෙනවා FB එකේ.. හැබැයි ඒකි ඇත්ත කෙල්ලෙක්.. කතාව දිගයි කියන්න අමාරුයි.. මමත් විදෙව්වා මාස ගාණක්.. සමනලී ගැන වැඩිය ලියන්න එපා.. ඒකි ඇත්ත එකියක් වුනොත් හිත රිදෙයි.. හැමදාම මට මොනා හරි කියලා තියෙනවා කියලා හිතෙනවනේ.. අර අපි ඊයෙ රෑ දීපු ආතල් එකත් ඒකි දැකලා.. එයා බෞද්ධ කෙනෙක්ලු.. කොහොමත් මුස්ලිම් කෙනෙක්ට අර විදියට සිංහල ටයිප් කරන්න බෑ.. අනිත් එක එයා Quote කරන්න දන්න එකනේ අපේ අයට සැක හිතුනෙ.. එයා ඒ හැමදේම ඉගෙනගෙන තියෙන්නෙ Youtube එකේ වීඩියෝ බලලා.. ඒ වීඩියෝ මේකෙ දැම්මා එයා.. ඒක EK එකේ මෙම්බර් කෙනෙක් හදපු වීඩියෝ එකක්.. ඒපාර තමා මගේ සැකෙත් නැති වෙලා ගියේ.. අද Thread 2ක් දාලා තිබුනා.. ෆේක් කියලා කියන සැකේ මගේ හිතෙන් ගොඩක් අඩු වුනා.. අනාගතේදි බලමු මෙයාගෙ වැඩ මොනවද කියලා.. :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    oya type ekema id hadapu ekkenek elakiri ekema deepu games mama danna nisa ban kiwwe :P ... eyage winodansaya kollanta boruwata love kirima ... anyway apita wedak nae oya magul
    ඔව් මචෝ.. එහෙම සීන් නම් කොච්චර වෙන්න ඇත්ද.. නමුත් ඒකෙ වැරැද්ද කරගන්නෙ කොල්ලොනෙ බං.. මොකටද ලවු කරන්න යන්නෙ.. මේකෙ තියෙන්නෙ තනිකර මායාවක්.. හැබැහින් දකින ලෝකෙත් මායා වලට අහුවෙන අපි දැනගන්න ඕන මේ වගේ දේවල් වලින් ගොඩක් ආරක්ෂාවෙලා ඉන්න.. ඒකයි මචං කිව්වෙ.. ඇත්තෙන්ම උඹ කියනවා වගේ අපිට වැඩක් නෑ මේවා.. එයා හොද ලිපි දානවා.. මම දැක්කා අදත්..

    පැටියා;12945525 said:
    Machan mama danna girls la elakiri eke innawa but un kello kiyala pennanna dangalanne na. :D

    Apita gender eka metana adala wenne na. Dan ma scene ekata adala girl or boy eyage name eka samanalee (or whatever name which reflects his/her gender) kiyala dagena inne mokatada?

    Ookai mama kiyanne. Meya nam aniwa fake :rofl:

    Anika machan sinhala unicode walin ID eka gahana eken monada pennum karanne? :confused:
    පැට්ටා මේ ටිකත් අහපංකො.. දැන් උඹ ඉන්නෙ පැටියා කියලා.. මම ඉන්නෙ CrazyBuddy කියලා.. මගේ ඇත්ත නම රන්දු ශාන්.. ඒත් මම මේකෙ රන්දු ශාන් කියලා දාගෙන නෑනෙ.. අඩුම තරමෙ මම මේකට මගේ කිසිම විස්තරයක් දාලා නෑ.. ඉන්න පලාත විතරයි දාලා තියෙන්නෙ.. එහෙම බැලුවාම පැට්ටා අපිත් ෆේක්නෙ.. අනික මචං එයා අපිට උදාහරණ පෙන්නුවා එයා මේ ෆෝරම් සම්බන්දව ඉගෙනගත්තු විදිය.. අපේ කොල්ලෙක්ම YouTube එකේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තිබුණා ත්‍රඩ් එකක් දාන විදිය Quote කරන විදිය ගැන.. ඉතින් එයා ඒවා බලලා..

    ඊයෙ ඒ කෙල්ල අලුතෙන් ආවා කියලා ත්‍රඩ් එකක් දාලා තිබුණා.. ඒකට ලැබුන ප්‍රතිචාර උඹ දැක්කද..? ඉතින් එයා ඇත්ත කෙල්ලෙක් නම් හිතට දුකක් ඇතිවෙනවා නේද එහෙම කතා කරනකොට.. මම මේ දැනුත් බැලුවා එයා මෙතෙක් දාපු Comment's ඒවයි කිසිම වැරැද්දක් පේන්න නැහැ..

    අවසාන වශයෙන් අපිට කොහෙත්ම අදාල නෑ එයා ගැන හොයන්න.. මොකද එයා අපි ගැන හොයන්නෙත් නෑනෙ.. ඒක නිසා එයා දාන ලිපි බලලා හොදයි නම් අපි ප්‍රතිචාර දක්වමු.. වැරදි දෙයක් කලොත් අපි GT මහත්තයට දැනුම් දෙමු.. එච්චරයි කරන්න තියෙන්නෙ..

    ඔය Fake කිය කිය මැරෙන්න හදන අය ඇඹලයො.. පැණියො.. ඒකයි.. අපි ඒ ගොඩට වැටෙන්න ඕන නෑ.. එයා Fake වුනත් නැතත් දාන ලිපි වැදගත් නම් එච්චරයි.. එයාට ලවු කරන්න යන්න ඕන නෑ.. එහෙම කරන්නෙ මෝඩයො.. ඒක ඒ කෙල්ලගෙ වරදක් නෙමෙයි අපේ වරදක්..
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සිරාවට, අපි ඕවට නෑ:no:.මගුලටද බන් ඵකේ හදාගෙන එන්නෙ වෙන වැඩක් නැත්තන් හොදයි. මම ආපු කාලෙත් මගේ rep කපලත් තිබුන fake කියල. මම එතකොට fake කියන්නෙ මොනවාද කියලවත් දැනගෙන හිටියෙ නැහැ.fake තියා rep වත් දැනගෙන හිටියෙ නෑ:rofl:

    :yes::yes::yes::yes:kawruth mulin awahama ehema thamayi..matath ehema karala thibba..girl id unahama eka wadi...onawata wada nathiwa ganata hitiyama serama hari..:)
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔව් මචෝ.. එහෙම සීන් නම් කොච්චර වෙන්න ඇත්ද.. නමුත් ඒකෙ වැරැද්ද කරගන්නෙ කොල්ලොනෙ බං.. මොකටද ලවු කරන්න යන්නෙ.. මේකෙ තියෙන්නෙ තනිකර මායාවක්.. හැබැහින් දකින ලෝකෙත් මායා වලට අහුවෙන අපි දැනගන්න ඕන මේ වගේ දේවල් වලින් ගොඩක් ආරක්ෂාවෙලා ඉන්න.. ඒකයි මචං කිව්වෙ.. ඇත්තෙන්ම උඹ කියනවා වගේ අපිට වැඩක් නෑ මේවා.. එයා හොද ලිපි දානවා.. මම දැක්කා අදත්..

    පැට්ටා මේ ටිකත් අහපංකො.. දැන් උඹ ඉන්නෙ පැටියා කියලා.. මම ඉන්නෙ CrazyBuddy කියලා.. මගේ ඇත්ත නම රන්දු ශාන්.. ඒත් මම මේකෙ රන්දු ශාන් කියලා දාගෙන නෑනෙ.. අඩුම තරමෙ මම මේකට මගේ කිසිම විස්තරයක් දාලා නෑ.. ඉන්න පලාත විතරයි දාලා තියෙන්නෙ.. එහෙම බැලුවාම පැට්ටා අපිත් ෆේක්නෙ.. අනික මචං එයා අපිට උදාහරණ පෙන්නුවා එයා මේ ෆෝරම් සම්බන්දව ඉගෙනගත්තු විදිය.. අපේ කොල්ලෙක්ම YouTube එකේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තිබුණා ත්‍රඩ් එකක් දාන විදිය Quote කරන විදිය ගැන.. ඉතින් එයා ඒවා බලලා..

    ඊයෙ ඒ කෙල්ල අලුතෙන් ආවා කියලා ත්‍රඩ් එකක් දාලා තිබුණා.. ඒකට ලැබුන ප්‍රතිචාර උඹ දැක්කද..? ඉතින් එයා ඇත්ත කෙල්ලෙක් නම් හිතට දුකක් ඇතිවෙනවා නේද එහෙම කතා කරනකොට.. මම මේ දැනුත් බැලුවා එයා මෙතෙක් දාපු Comment's ඒවයි කිසිම වැරැද්දක් පේන්න නැහැ..

    අවසාන වශයෙන් අපිට කොහෙත්ම අදාල නෑ එයා ගැන හොයන්න.. මොකද එයා අපි ගැන හොයන්නෙත් නෑනෙ.. ඒක නිසා එයා දාන ලිපි බලලා හොදයි නම් අපි ප්‍රතිචාර දක්වමු.. වැරදි දෙයක් කලොත් අපි GT මහත්තයට දැනුම් දෙමු.. එච්චරයි කරන්න තියෙන්නෙ..

    ඔය Fake කිය කිය මැරෙන්න හදන අය ඇඹලයො.. පැණියො.. ඒකයි.. අපි ඒ ගොඩට වැටෙන්න ඕන නෑ.. එයා Fake වුනත් නැතත් දාන ලිපි වැදගත් නම් එච්චරයි.. එයාට ලවු කරන්න යන්න ඕන නෑ.. එහෙම කරන්නෙ මෝඩයො.. ඒක ඒ කෙල්ලගෙ වරදක් නෙමෙයි අපේ වරදක්..

    ඇත්ත කතාව..මත් හිතන්නේ ඔහොම තමයි වෙන්න ඕන...:):):)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇත්ත කතාව..මත් හිතන්නේ ඔහොම තමයි වෙන්න ඕන...:):):)
    අනිවාර්යෙන්ම නංගියා.. වැරැද්දක් කලාම මේකෙ දැනුම්දෙන්න අය ඉන්නවා.. අපිට අදාල නෑ ඒවට අතදාන්න.. අනික අපි කාගෙවත් හිත රිද්දන්න ඕනත් නෑනෙ.. අපේ පාඩුවෙ අපි ඉමු.. එච්චරයි.. හැබැයි ඉතින් කවුරු වුනත් ආගම් වලට අපහාස කරනවා නම් එතනදි කතා කරන්න ඕන.. :yes: ඕය සීන් ආපු අලුත විතරයි නංගි.. මම හිතන්නෙ ඔයාටත් එහෙමම තියෙන්න ඇති ආපු දවස්වල.. ඒත් නංගි දැන් රෙප් කොටු 11ම පුරවගෙන සතුටින් සමගියෙන් ඉන්නවනේ හැමෝමත් එක්ක.. හිතට නොගෙන හිටියා නම් හරි ඔය දේවල්.. මම දැක්කා සමනලී නංගි අද ලිපි දෙකක් දාලා තියෙනවා එළකිරියට.. ඔය බැනපු අයත් හොදයි නංගි, ලස්සනයි නංගි කියලා ප්‍රතිචාරත් දාලා තිබුණා.. :D:yes::yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මං මේ ත්‍රේඩ් එකේ පළමුවෙන් දාපු පෝස්ට් එකේ දි කියන්න අමතක වුණ දෙයක් තියෙනව. ඒක තමයි ඉන්ටර්නෙට වල ඉන්නකොට ඕනවට වඩා කට්ටියව විශ්වාස කිරීම කොහොමත් ‍අවධානමට අත වැනීමක් බොහෝවිට. සැබෑ ජීවිතේදි වුණත් කෙනෙක්ව ඕනවට වැඩිය විශ්වාස කිරීම හෝ ඕනවට වැඩිය අවිශ්වාස කිරීම හොඳ දෙයක් නෙමෙයි. ඒත් ඉන්ටර්නෙට් එකේදි ඒක ගොඩක් තදින් බලපානව.

    කොහොමත් ගොඩක් ගැහැණු ළමුන් එයාලගෙ ප්‍රයිවසි එක ගැන හිතන එක හොඳයි ඉන්ටර්නෙට් වලදි. පිරිමි ළමුන්ටත් අදාලයි මේක. ඒත් ගැහැණු ළමුන් ඊට වැඩිය කල්පනාකාරී වෙන්න ඕන. මොකද මර උගුල් වැඩියි සැබෑ ජීවිතේටත් වඩා. ඒක නිසා එයාලගෙ ඇත්ත දත්තයන් ඉදිරිපත් කරන්නෙ නෑ කියල එයාලට බණින එක සුදුසු දෙයක් නෙමෙයි.

    පිරිමි නම්වලින් ගැහැණු අයත්, ගැහැණු නම්වලින් පිරිමි අයත් මේ වගේ සයිට්වල දකින්න ලැබෙන දෙයක්. ඒ එක එක අයට තමන්ගෙ පටු අරමුණු තියෙන්න පුළුවන්. හැබැයි අනිත් අය දැනගන්න ඕන ඒ අයගෙන් ආරක්ෂාවෙලා ඉන්න. තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ වැඩක් කරගෙන ඉන්නවනම් ඒක ගැටලුවක් වෙන එකක් නෑ.

    ආදරය කරන ඇත්තන්ට කියන්න තියෙන්නෙ ඉන්ටර්නෙට් වලදි ආදරය කරන්න කලින් ටිකක් හොයල බලන්න කියල. ආදරය පටන් ගන්න කලින් මුණගැහිල බලන්න පුළුවන්නම් වැඩිය හොඳයි. ආදරය කිරීම වරදක් නොවුනත් තමන්ගෙ ජීවිතයම විනාෂ විමට එය හේතුවක් නොවන තැනට කටයුතු කිරීම තමාගේ ම වගකීමක්. එහෙම නොකර පස්සෙ අනිත් අයට බැණල වැඩක් නෑ.

    තව දෙයක් කියන්න ඕන කෙනෙකුගෙ හිතක් හා හැඟීම් එක්ක සෙල්ලම් කරන එකනම් කැත වැඩක්. තමන්ට ඒ වගේ දෙයක් වුණහම දැනෙන වේදනාව ම අනිත් අයටත් දැනෙනව කියල හිතන්න පුළුවන්නම් එහෙම කරන එකක් නෑ කවුරුවත්.
     
    ආගම්වලට අපහස කළා වුණත් ඒකත් වගකිවයුත්තන්ට දැනුම් දෙන එකයි හොඳ. මොකද ඒ අයට ඕන අනිත් අය ලවා තවත් ආගමකට බන්නවන්න. එතකොට දෙගොල්ලොම එකම තත්වයට නේද වැටෙන්නෙ? එහෙම ආගමකට අපහස කරන්නෙ කිසිම ආගමක් නැති අය. තමන්ගෙ ආගම හරියට දන්නවනම් ඒ කෙනා වෙනත් ආගමකට අපහස කරන්නෙ නෑ. තමන්ගෙ ආගමවත් හරියට දන්නෙ නැති අය එක්ක තර්ක කරල පලක් තියෙනව ද?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං මේ ත්‍රේඩ් එකේ පළමුවෙන් දාපු පෝස්ට් එකේ දි කියන්න අමතක වුණ දෙයක් තියෙනව. ඒක තමයි ඉන්ටර්නෙට වල ඉන්නකොට ඕනවට වඩා කට්ටියව විශ්වාස කිරීම කොහොමත් ‍අවධානමට අත වැනීමක් බොහෝවිට. සැබෑ ජීවිතේදි වුණත් කෙනෙක්ව ඕනවට වැඩිය විශ්වාස කිරීම හෝ ඕනවට වැඩිය අවිශ්වාස කිරීම හොඳ දෙයක් නෙමෙයි. ඒත් ඉන්ටර්නෙට් එකේදි ඒක ගොඩක් තදින් බලපානව.

    කොහොමත් ගොඩක් ගැහැණු ළමුන් එයාලගෙ ප්‍රයිවසි එක ගැන හිතන එක හොඳයි ඉන්ටර්නෙට් වලදි. පිරිමි ළමුන්ටත් අදාලයි මේක. ඒත් ගැහැණු ළමුන් ඊට වැඩිය කල්පනාකාරී වෙන්න ඕන. මොකද මර උගුල් වැඩියි සැබෑ ජීවිතේටත් වඩා. ඒක නිසා එයාලගෙ ඇත්ත දත්තයන් ඉදිරිපත් කරන්නෙ නෑ කියල එයාලට බණින එක සුදුසු දෙයක් නෙමෙයි.

    පිරිමි නම්වලින් ගැහැණු අයත්, ගැහැණු නම්වලින් පිරිමි අයත් මේ වගේ සයිට්වල දකින්න ලැබෙන දෙයක්. ඒ එක එක අයට තමන්ගෙ පටු අරමුණු තියෙන්න පුළුවන්. හැබැයි අනිත් අය දැනගන්න ඕන ඒ අයගෙන් ආරක්ෂාවෙලා ඉන්න. තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ වැඩක් කරගෙන ඉන්නවනම් ඒක ගැටලුවක් වෙන එකක් නෑ.

    ආදරය කරන ඇත්තන්ට කියන්න තියෙන්නෙ ඉන්ටර්නෙට් වලදි ආදරය කරන්න කලින් ටිකක් හොයල බලන්න කියල. ආදරය පටන් ගන්න කලින් මුණගැහිල බලන්න පුළුවන්නම් වැඩිය හොඳයි. ආදරය කිරීම වරදක් නොවුනත් තමන්ගෙ ජීවිතයම විනාෂ විමට එය හේතුවක් නොවන තැනට කටයුතු කිරීම තමාගේ ම වගකීමක්. එහෙම නොකර පස්සෙ අනිත් අයට බැණල වැඩක් නෑ.

    තව දෙයක් කියන්න ඕන කෙනෙකුගෙ හිතක් හා හැඟීම් එක්ක සෙල්ලම් කරන එකනම් කැත වැඩක්. තමන්ට ඒ වගේ දෙයක් වුණහම දැනෙන වේදනාව ම අනිත් අයටත් දැනෙනව කියල හිතන්න පුළුවන්නම් එහෙම කරන එකක් නෑ කවුරුවත්.

    ඔයා මෙතෙක් දාපු ප්‍රතිචාරයන් සියල්ල සාර්ථකයි මචං..
    උදාහරණයක් ගමුකො.. දැන් මේ කෙල්ල මෙයාලට විශ්වාස නෑ.. ඉතින් ඒ කෙල්ල කොහොමෙයි බං ඔප්පු කරන්නෙ කෙල්ලෙක් කියලා.. Phone number, Skype ID, Facebook ID, Real Pix දාන්නද මේකට.. ඒක කොහෙත්ම ණුවනට හුරු වැඩක් නෙමෙයිනෙ.. මචං ඔයා පිලිගන්නවද මේ අපි ඉන්න ප්‍රොෆයිල් එකත් Fake කියලා.. මොකද මේවට අපි සැබෑ ජීවිතයේ තොරතුරු වලින් භාගයක්වත් අඩංගු කරලා තියෙනවද නෑනෙ.. අනිත් එක අපි මේකෙ ගෙනියන්නෙ අපේ රියල් ලයිෆ් එකට වඩා වෙනස්ම ලයිෆ් එකක්.. ඉතින් අනුන්ගෙ මගුල් හොයන්නෙ තමුනුත් ඒ වැරැද්ද උඩ ඉදගෙනමනේ.. අනික කෙල්ලෙක් මේකට ආවා කියලා ඔච්චර කුලප්පු වෙන්න ඕන නෑනෙ කොහෙත්ම.. ඒකෙන් වෙන්නෙ හිත් බිදෙන එක.. ඔයා කියනවා වගේ අන් අයගෙ හැගීම් එක්ක සෙල්ලම් කරන එක නම් මහා පවක්.. අපිට මේකෙ ඉන්න එවුන් 100ක් විතර එකතුවෙලා ආතල් දුන්නොත් දුක හිතෙනවනේ.. ඉතින් ඒ වගේම දෙගුණයක් තුන් ගුණයක් කෙල්ලෙකුට දුක හිතෙනවා.. ඒක තේරුම් කරන්න මෙයාලට අමාරුයි.. මම දැන් මේ වචන ටිකම තැන් කිහිපයක දැම්මා.. බලමුකො අනාගතයෙදිවත් හැදෙයිද කියලා..

    සයිබර් අවකාශය කියන්නෙ මායා වලින් පිරිච්ච ලෝකයක්.. සැබෑ ලෝකයෙත් මායා වලට අහුවෙන අපි මේකෙ මායා වලින් මොන තරම් ආරක්ෂා වෙන්න ඕනද..

    උඹට ජය මචං.. නියම ප්‍රතිචාර කිහිපයක් දුන්නා බොක්කමට වදින්න..