මාලිමාවේ තුනෙන් දෙක සහ අනුරගේ සමාජ විජ්ජාව!

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    433435651_7589932064390371_3761539318635575782_n.jpg

    225 තුනෙන් බෙදුවම 75 යි , ඒ වගේ දෙගුණයක් යනු 150 යි. මාලිමාවට පාර්ලිමේන්තුවේ "තුනෙන් දෙකක්" යනු මන්ත්‍රීධූර 150 ක්‌!
    මේ සමීක්ෂණ වාර්තා සහ පුරෝකථන ඇත්තක්‌ විය හැකි ද?
    සමහරවිට මේ පඬිවරු විසින් "තුනෙන් දෙකක් " යනුවෙන් අදහස් කරනු ලබන්නේ දැනට මාලිමාවට තිබෙන "මන්ත්‍රී ධූර තුනෙන්, දෙකක්" යැයි කොලොප්පමට හිතන්නත් එපා!
    පහත දැක්වෙන ඇත්ත මැතිවරණ දත්ත සහ තොරතුරු ඇසුරෙන් විචාරාශීලීව හිතන්න.
    ඒ වගේම, "දේශපාලන වෙනස්වීම් අංක ගණිතයෙන් පමණක් විග්‍රහ කරන්න එපා, එය සමාජ විද්‍යාත්මක කාරණයක්" යැයි අනුරලා කියන නිසාම අපි සමාජ විද්‍යා හේතු සාධක ද පහත දක්වා ඇත.
    2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද 6,853,690 ක්‌ ලැබුන පොහොට්ටුවට මන්ත්‍රී ධූර 145 යි.( දිස්ත්‍රික් මට්ටමින් 128 යි.ජාතික ලැයිස්තුවෙන් 17 යි )
    පොහොට්ටුවේ ඡන්ද හැට අට ලක්ෂයක් සඳහා ලැබුනේ මන්ත්‍රී ධූර 145 යි.
    2020 පාර්ලිමේන්තු මැතිවරණය අදට අදාළව හිතුවොත් මන්ත්‍රී ධූර 150 ක්‌ ගන්න මාලිමාව ඡන්ද ලක්ෂ 70 ක්‌ ඉක්මවා යන්න ඕන බව ඔබ‍ට පැහැදිලි නේද?
    ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික් 22 යි.
    ලක්ෂ 70 ව 22 න් බෙදමු. ඒ අනුව එක දිස්ත්‍රික්කයකින් ඡන්ද 318,181 ක්‌ අනිවාර්යයෙන් මාලිමාව ගන්න ඕන.
    උතුරේ යාපනය, වන්නි,නැගෙනහිර මඩකලපුව, ත්‍රිකුණාමලය සහ දිගාමඩුල්ල ( අම්පාර ) මැතිවරණ දිස්ත්‍රික් පහෙන් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්
    එක දිස්ත්‍රික්කයකින් ඡන්ද ලක්ෂ 03 ක්‌ ඉක්මවා මාලිමාවට ඡන්ද ලැබෙනවා ද? කිසිසේත්ම නැත.
    2020 දී යාපනය, ලියාපදිංචි ඡන්ද 571,848 යි. මාලිමාවට ඡන්ද 853 යි!
    වන්නි, ලියාපදිංචි ඡන්ද 567,762 යි.මාලිමාවට ඡන්ද 662 යි!
    මඩකලපුව, ත්‍රිකුණාමලය සහ දිගාමඩුල්ල ( අම්පාර ) දිස්ත්‍රික්ක තුළ පිළිවෙලින් මාලිමාවට ඡන්ද 198 යි ,2226 යි,3447 යි!
    නුවරඑළිය මැතිවරණ දිස්ත්‍රික්කයේ මාලිමාවට ඡන්ද 5,043 යි!
    ඉහත දිස්ත්‍රික්ක 06 න් ලබාගන්න ඕන ඡන්ද ලක්ෂ 18 ක මදි පාඩුව හිඟය පුරවන්න වෙන්නේ ඉතිරි දිස්ත්‍රික්ක 16 න් නේද?
    එසේනම් ලබාගත යුතු ඡන්ද ලක්ෂ 70 බෙදන්න ඕන 16 න්.
    එවිට ඉතිරි දිස්ත්‍රික්ක 16 තුළ එක දිස්ත්‍රික්කයකින් ඡන්ද 437,500 බැගින් මාලිමාව ගන්න ඕන.
    එය, ඇත්ත මහපොළොවේ සිදුවිය හැකිද?
    ඒ වගේම බදුල්ල, මාතලේ, මහනුවර සහ පුත්තලම දිස්ත්‍රික්ක තුළ මාලිමාව ඡන්ද පදනම හම්බන්තොට, මාතරට සාපේක්ෂව ඉතා අඩු බව ද සඳහන් කළයුතුය.
    මාලිමාවට උපරිම වාසිසහගත හම්බන්තොට දිස්ත්‍රික්කයේ 2020 ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 499,586 යි.
    දැන් මේ හම්බන්තොට ඡන්ද ලක්ෂ පහෙන්, ලක්ෂ හතර හමාරක්ම මාලිමාවට ද?
    සජිත්ගේ දේශපාලනයේ ආරම්භයවූ හම්බන්තොට දැනටත් මන්ත්‍රී, හිටපු ඇමති දිලිප් වෙදආරච්චි ට ඉතිරි වෙන්නේ ඡන්ද 50 දාහක් පමණ ද?
    දැනටත් ඇමතිකම කරන මහින්ද අමරවීරට ඡන්ද බිංදුව ද? නාමල් රාජපක්ෂට, ඩී. වී. චානක,චමල් රාජපක්ෂ, අජිත් රාජපක්ෂ, කපිල දිසානායක මේ ඔක්කොටම ඡන්ද බිංදුව ද?
    දැන් ඔබ‍ට පැහැදිලි වෙන්න ඕන හම්බන්තොටින් වත් මාලිමාවට ඡන්ද ලක්ෂ හතර හමාරක් ගන්න බැරි බව.
    ඉතිං කොහොමද රටෙන්ම මන්ත්‍රී ධූර තුනෙන් දෙකක් ගන්නේ?
    ඊළඟට පොළොන්නරුව, මොනරාගල දිස්ත්‍රික්ක දෙකේ වෙන වෙනම ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවත් ලක්ෂ හතරට අඩුයි. ඉතිං කොහොමද එක දිස්ත්‍රික්කයකින් ලක්ෂ හතර හමාරක් ගන්නේ?
    2020 දී පොළොන්නරුවේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව =331,109
    2020 දී මොනරාගල ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව =
    372,155
    දිස්ත්‍රික්ක දෙකේම ඔක්කොම ඡන්ද මාලිමාවට දුන්නත් රටෙන් තුනෙන් දෙකේ මන්ත්‍රී ඉලක්කයට යන්න බෑ.
    ඒ මදි පාඩු සහ උතුරු නැගෙනහිර, කඳුකර මදිපාඩු ඔක්කොම පුරවන්න වෙන්නේ ගම්පහ, කොළඹ සහ කුරුණෑගල මැතිවරණ දිස්ත්‍රික්ක තුනේ ලියාපදිංචි ඡන්ද පිළිවෙලින් ලක්ෂ 17, ලක්ෂ 16 සහ ලක්ෂ 13 න් ය.
    එහෙම බැලුවම ගම්පහ මැතිවරණ දිස්ත්‍රික්කයෙන් පමණක් ලක්ෂ 10 ක්‌ ඉක්මවා මාලිමාවට ඡන්දගතයුතුය.
    එය මහ පොළොවේ ඇත්තක්‌ වෙන්න පුළුවන් ද?
    තීරණය ඔබේ අතේ!
    ඉහත ඇත්ත දත්ත සහ ගණිතය පැත්තකින් තියලා සමාජ විද්‍යා කෝණයෙන් දැන් සලකා බලමු.
    පොහොට්ටුව ලක්ෂ හැට අටහමාරක් ගන්න බලපෑ සමාජ දේශපාලන හේතු මෙන්න.
    යහපලානේ දින සියය චොරි වෙලා, හොරු ඇල්ලීම පච වෙලා, බැඳුම්කර වංචාව නිසා කුජීත වෙලා, ජනාධිපති, අගමැති කඹ ඇදිල්ල නිසා විගඩමක් වෙලා, බුද්ධි අංශ නිලධාරින් හිරේ විලංගුවේ දැමීම නිසා ජනතාව කෝපවෙලා, ලංකාව නමැති ඒකීය රාජ්‍යය වෙනුවට එක්සත් රාජ්‍යයක් ලෙස නව ව්‍යවස්ථා යෝජනා නිසා ජනතාව කම්පාවෙලා, කී නොකී යහපලානේ පජාති වැඩ ගොඩාරියක් එක්ක රාජපක්ෂලා නුගේගොඩින් අළු ගසා නැගිටීම යන සමාජ විද්‍යා හේතු සාධක ඔක්කොම එකතුව තමයි පොහොට්ටුව 2018 පළාත් පාලන මැතිවරයෙන් ඡන්ද ලක්ෂ 50 ක්‌ (5,06,832) 40.47% අරගෙන දිනුවේ.
    ඊට පසුව 2019 තමයි පාස්කුදා ප්‍රහාරය සිදුවුනේ.
    ජාතික ආරක්ෂාව නැතෝ! කියලා සමාජය බියට නොසන්සුන් බවට පත්වීම තමයි ප්‍රබලම සමාජ විද්‍යාත්මක බලපෑම!
    ඒ ඔක්කොම පොහොට්ටුවේ වාසියට බලපෑ සමාජ හේතු නේද?
    දැන් අනුරට සහ මාලිමාවට එහෙම වාසි සමාජ සාධක තිබේ ද? නැත!
    ගෝටාභය 69 ලක්ෂයක් අරගෙන ජනාධිපති වුනේ ඉහත කී සමාජ, දේශපාලන හේතු සාධක නිසා ය.
    එහෙම වාසි සාධක ඔක්කොම තිබිලත් ගෝටාභය ඡන්ද 69 ලක්ෂය(6,924,255) වුනාට රටෙන්ම ප්‍රතිශතය 52.25% බව අමතක කරන්න එපා.
    රටෙන්ම 50% ඉක්මවා යන්න කොතරම් දුෂ්කරද කියලා එයින් ඔබ‍ට අවබෝධවෙන්න ඕන.
    ගෝටාභයගේ ජනාධිපති ජයග්‍රහණයේ උණුසුමේ වාසිය සමගම තමයි 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පොහොට්ටුව ඡන්ද ලක්ෂ 68 ක්‌(6,853,690) ලබාගෙන මන්ත්‍රී ධූර 145 ක්‌ වුනේ .
    අද අනුරට සහ මාලිමාවට එදා ගෝටාභයට සහ පොහොට්ටුවට වාසි දායකවූ ඉහත හේතු සාධක වැනි ප්‍රබල සමාජ, දේශපාලන,ජාතික ආරක්ෂාව බිඳ වැටීම වැනි ප්‍රබල වාසි ගෙනදෙන හේතු සාධක කිසිවක් තිබේ ද? නැත!
    එදා ගෝටාභය යනු රට බේරාගත් නායකයෙකි.රට බේරාගත් මහින්ද රාජපක්ෂගේ සහාය සහිත එක කුස උපන් සහෝදරයාය. කොළඹ ලස්සන කෙරූ වැඩකරුය. කෙළින් මින්හෙක්! දරුණු මිනිහෙක්! පාතාලය සුද්ද කරපු මිනිහා, සාටකය නොපළඳින බොරු සෝබන නැති සිම්පල් මිනිහා. එවැනි පෞද්ගලික
    සාධක රාශියක් ද ගෝටාභයට
    වාසියට තිබුනා.
    ඒ මදිවට මහතීර් මොහොමඩ්, ලී ක්වාන් යූ ලේබල් එකත් වාසියට හේතු වුනා නේද?
    එහෙම වාසි අද අනුරට තිබේ ද? නැත.
    අනුරට ඉංග්‍රීසි බෑ, විදෙස් නායකයින් ඉදිරියේ බයාදු ලෙස හැසිරෙනවා වැනි විවේචන ඇතුළු විවාහය වැනි අති පෞද්ගලික දේවල් ගැන පවා විවේචන තමයි තියෙන්නේ.
    එහෙනම් කොහොමද අනුර සහ මාලිමාව රටෙන්ම ඡන්ද ලක්ෂ 70 ක්‌ ගන්නේ?
    මාලිමාව කොහොමද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ගන්නේ?
    වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50% ඉක්මවා එකවර අරගෙන ජනාධිපති වෙන්නේ?
    මාලිමාව පුම්බන කවුරු හෝ පඬිවරයෙක් උත්තර දෙනවා ද?
    උතුර, නැගෙනහිර සහ කඳුකර ඡන්ද පදනම බිංදුවේ තියෙන අනුරට දකුණ තුළ ද වාසි සහගත ප්‍රබල සමාජ, දේශපාලන හේතු ඇත්තෙත් නෑ කියලා ඔබ‍ට පැහැදිලි ඇති.ඒ වගේම පෞද්ගලික චරිතය පදනමින් හෝ විශේෂ වාසි අනුරට නෑ.
    ඇත්තම කිව්වොත් අනුරට අද තරග පිටියේ සමාජ විද්‍යා සාධක අවාසියි.
    තෙල් පෝලිමේ මිනිස්සු මැරිලා වැටුන රටක්, ගෑස් ටැංකි පුපරපු රටක්,බෙහෙත් ටිකක් නැති රටක්, කී නොකී කාරණා නිසා ආර්ථික ප්‍රපාතයකට වැටෙමින් තිබුන රටක් නැවත හුස්මක් ගන්න පුළුවන් මට්ටමට ගෙනාපු සමාජ වටපිටාවක් අද තියෙන්නේ.එහි ගෞරවය රනිල් ජනාධිපතිගේ ආණ්ඩුවට අයිතිවෙලා ඉවරයි.
    ඉතිං ඒ රට නැවත අනුර ඇතුළු මාලිමාවට බාරදෙන්න ඕන ද?යන ප්‍රශ්නය ජනතාව තුළ තියෙනවා.
    IMF යෝජනා සඳහා එකඟ මාලිමාවට , ආර්ථික අර්බුදයට කෙටිකාලීන ප්‍රායෝගික වැඩපිළිවෙලක් නැති මාලිමාවට , ඒ සඳහා විකල්ප යෝජනා ඉදිරිපත්නොකර IMF යෝජනා, එහා මෙහා කරල පොලිෂ් කරලා හදලා ගන්නව කියන අනුරට රට බාර දෙන්නේ මොකටද?
    ආර්ථික අභියෝගය අවස්ථාවේ වගකීම අරගෙන රට බාරගත් රනිල් ගෙන් උදුරා අනුර ට රට බාරදෙන්නේ මොන හත්ඉලව්වටද? යන ප්‍රශ්නය පොදු ජනතාව තුළ තියෙනවා.
    රනිල් කරන වැඩේම කරන්න අනුරට දෙන්නේ ඇයි?
    අත්දැකීම්, පළපුරුද්ද නැති අනුරට, ඉංග්‍රීසි බැරි අනුරට, කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමතිකම කරගන්න අසමත්නිසා බොරු හේතු දක්වා ඇමතිකම දාල ගිය අනුරට, තිස්ස ප්‍රාදේශීය සභාව කරන්න බැරිවුන අනුරට, නොමිලේ ජවිපෙට ලැබුන " V. FM ගුවන් විදුලිය විකුණලා දැම්ම අනුරට මෙවැනි දුෂ්කර මොහොතක රට බාර දෙන්න ඕන ද?
    අපේ ඇත්ත දත්ත සහිත ගණිතය පමණක් නොව සමාජවිද්‍යා හේතු සාධක ද අපි ඉහත පැහැදිලිව ඔබ‍ට ඉදිරිපත් කළා.
    එහෙනම් මේ මාලිමාව රැස්වීමේ ඉන්න සෙනග කවුද?
    ඒ තමයි දේශපාලන මාකටින්.. ටිං ටිං!
    "යූ ටියුබ් " සහ " fb " ප්‍රචාරය සඳහා අතිවිශාල මුදලක් පොම්ප කරමින් තමයි මේ මවා පෙන්වීම කරන්නේ.
    අනුරාධපුර සිට ගාල්ලට කාන්තාවන් ගෙනාපු බස් රථය අනතුරට ලක්‌වෙලා සිදුවූ අකරතැබ්බය ඔබ රූපවාහිනියේ දකින්නට ඇත. එදා විජේවීරගේ රැස්වීම් තුළ හිටියේත් මේ වගේම විශාල සෙනඟ තමයි.
    ඉදිරියේදී අනිත් පක්ෂ සෙනග පිරුණු රැස්වීම් කරනකොට ඔබ‍ට පෙනෙයි " සෙනඟ ඇදල ඔළු ගෙඩි පෙන්වීම " මාකටින් ප්‍රෝඩාවක් කියලා.
    බිමේ ඇත්ත නොතේරෙන, මවන රැල්ලට රැවටෙන, ඇතුළත හරය නොපෙනෙන පිටත පෙනුමට පමණක් රැවටෙන සැලකියයුතු පිරිසක් මාලිමාව වටා රැස්වීම අදට ඇත්තක් වුවද අනිත් තරග කරුවන් පිටියට පිවිසෙන විට හෙට දවසේ පිටත පෙනුම වෙනස්වීමට නියමිතය.එවිට ඇතුළතින් හරය ද වෙනස්වනු ඇත!
    කියන්නා කෙසේ කීවත්, මවන්නා කොහොම මවලා පෙන්නුවත් ඉහත කරුණු කෙරෙහි ඔබගේ විචාර බුද්ධිය යොමු කරන්න.
    ඔබ‍ වෙනුවෙන් මාලිමාව ප්‍රචාරකයින්ට හිතන්න දෙන්න එපා. ඔබ වෙනුවෙන් ඔබම හිතන්න.
    මාලිමාවට කතිරය ගසා යහපලානේ අංක 02, වියත් මග අංක 02 දක්වා මේ රට නැවත පසුපසට තල්ලු කරමු ද?
    තීරණය ඔබේ අතේ!
    "තංගල්ලේ අපි" වෙනුවෙන් පුංචිහේවා.
    2024. මාර්තු.17
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    හරි එහෙනම් රනිල්ටම දෙන්නම් චන්දෙ. මේ පොස්ට් එක දැකල හිත වෙනස් වුනා :(

    උන්ට තුනෙන් දෙක කෙසේ වෙතත් පර ලෙකො ජෙප්පො ගන්න නිවාස නය වල පොලියෙන් 2/3ක් අපි ගෙවනවා​

     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    JVP campain eka hodatama yanne lankawe eliye .

    JVP ekek ta puluwanda podi pahe dili kereemak karanna eka gana.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    225 න් 2/3 ගන්න ගාන හදපු හැටි දැක්කම හිතා ගන්න පුලුවන්...

    "මාලිමාවට කතිරය ගසා යහපලානේ අංක 02, වියත් මග අංක 02 දක්වා මේ රට නැවත පසුපසට තල්ලු කරමු ද?"

    අනුරයියාද මේ දෙක කලේ?
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    උන්ට තුනෙන් දෙක කෙසේ වෙතත් පර ලෙකො ජෙප්පො ගන්න නිවාස නය වල පොලියෙන් 2/3ක් අපි ගෙවනවා​

    ලෙකෝ එකත් එක්ක මහබැන්කුවත් විකුණලා දාන්න බැරිත :ROFLMAO: 😂 😂













     
    • Wow
    Reactions: Draco Malfoy

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ජෙප්පොන්ට වඩා අප්පිරියයි ජෙප්පො ගැන දාන හෑලි බන්



    අම්මප

    බයිසිකල් වල හෙල්මට් නැතුව යන පොමනේරියන්ලා ඊට වැඩිය අවුල් නැද්ද? අම්මප
     
    • Haha
    Reactions: Solo Rider

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,205
    1
    61,587
    113
    Mother Earth
    තිස්සමහාරාම පෙරහැරේ..
    ඉස්සරහම කස පුපුරන්නේ..
    මගෙ බිදුනු හිතත් කසයක් වාගේ..
    ඇයි මේ තරම්ම ගිනි අවුලන්නේ..:(

    පට්ට සින්දුව
     
    • Haha
    Reactions: Solo Rider