

මචන් LED වල එලිය මාළුන්ට අවුල් කියනවා බං.... අර ඈක්වේරියම් වලටම එන ටියුබ් ලයිට් එකලු මාළුන්ට හොදම...... මම හරියටම දන්නේ නෑ..... එක එකා කියන ඒවා කිව්වේ.....
මාත් මේ ලගක් වෙනකම් ඈති කරා...... කාර්යබහුල කම නිසා මාළු පව් කියලා හිතුනා..... සැලකිල්ලක් දක්වන්න බැරි වෙන නිසා..... ඒ ගමන පිට්ටුගල මහමෙව්නාව අසපුවට බාර දුන්නා......මාසෙට සැරයක් දෙසරයක් ගිහින් බලලා එනවා..... දැන් ගොඩක් ලොකුයි එයාලා.....
![]()
ඒ කියන්නෙ අර බොර පාටට තියෙන ලයිට් එක නේද..?
ඒත් දැන් ගොඩක් මාලු ටැංකි කඩවලත් එල්.ඊ.ඩී නේ අප්ප විකුණන්න තියෙන්නේ... වතුර ඇතුළටම දාන එකකුත් තියෙනව.. ඒක මාර එළියත් එක්ක.. ඉතින් ඒ නිසා එහෙම හානියක් නැතුව ඇති නේද..? මම ඒකකුත් හදන්න ට්රයි කළා..කොච්චර කළත් වතුර ඇතුළට ලීක් වෙලා හුටස් වෙනව..

අපේ ගෙදරනම් අම්ම ඉන්න නිසා උන්ට වෙලාවට කෑම ටික දාල ටිකක් හොයල බලනවා...

අස් කරන එක තමයි ඉතින් මම කරන්නේ...

පිට්ටුගල පාර අයිනෙම තඩි කාෆ්ල ඉන්න පොන්ඩ් එකක් තියෙනව නේද.. මට තැන හරියට මතක නෑ..කොහොමහරි මේන් රෝඩ් එකේ ඉඳල අඩි දෙක තුනක් වගේ ඇත්තේ පොන්ඩ් එකට.. උන් රෑට කවුරුවත් උස්සගෙන යන්නෙ නැද්ද මන්ද..?

එලනේ මේවා තමයි පට්ට සුපිරි වැඩ කියන්නේ
+15
මාත් කාලයක් මාලු ටැංකි පිස්සෙක් තමයි. හැබැයි A/L කාලෙන් පස්සේ හොද වුනා![]()
ආහ්..මම ඔයාගෙ ත්රෙඩ් එකේ රිංගගෙන ඉන්න අස්සේ ඔයා මෙහෙ ඇවිල්ලා...

මගේ පිස්සුව හොඳ උනා මාලු මැරෙන්න ගත්තට පස්සේ.. ඉතින් ඉතුරු උන ටික යාලුවන්ට බෙදල දීල වැඩේ කාලයක් අත ඇරලයි තිබුණේ..

මේ ලඟදි තමයි ආසාවට වගේ ගේ ඇතුළෙ තියාගන්න පුලුවන් විදිහෙ පොඩි ටැංකියක් ගත්තේ..




මේක වීදුරු වහලක්.. උඩින් ස්ටිකරයක් අලවලයි තියෙන්නෙ කලු පාටින්..
එකෙක් වත් හරියට කිව්වෙ නෑනේ...
