මැණික් පතලකට බහිමුද..?

Matara_C

Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    මැණික් පතලකට බහිමුද..?

    දැකලා නැති අයට බලන්නත් නොදන්න අයට දැනගන්නත් රත්නපුරේ සාම්ප්‍රදායක මැණික් පතලෙක පින්තූර ටිකක් දාන්න හිතුනා.

    පොලව මට්ටමේ ඉදන් අඩි හැටක් විතර ගැබුර මේ පතලය හතර රිය
    න් වලක් හැටියට හදුන්වනවා.

    මේ වගේ වලවල් දෙකක ප්‍රමානයේ වලක් අටරියන් වලක් හැටියට හදුන්වනවා.රත්නපුරේ ගොඩක් අයට මේක අරුමයක් නොවුනට නොදන්න අයත් ඉන්නවනේ ..මමත් හුග කාලෙකින් තමා දෝනාව අස්සට රිංගුවේ...


    එහෙනම් පිළිවෙලට යමු...




    මේ තමා දබර වාඩිය. ඒ කියන්නේ පතලේ කට

    10157117_10202791090249955_1517156454_n.jpg






    මේ උඩ ඉදන් බලනකොට පේන හැටි. ඔය වලේ පතුලට පතුවල කියලා තමයි කියන්නේ..



    10150632_10202791090329957_1779204341_n.jpg







    මේ දෝනාව ඇතුලේ




    603581_10202791090449960_1767973120_n.jpg









    දෝනාව තුල සාමාන්‍යයෙන් උශ්නත්වය සෙල්සියස් අංශක 40ත් 45ත් අතර වගේ තියනවා ඒක හින්දා මේ පේන බටෙන් නිතරම උඩ ඉදන් හුලන් එවනවා ඇතුලට



    1150942_10202791090689966_1840152494_n.jpg











    මේ තමා ප්‍රධාන දෝනාව ..මේ දෝනාව පොලව යටින් මීටර් 500ක් පමණ දුරට ගිහින් තියනවා දැනට.

    ෆොහෝ එක ගත්තේ එක අතකින්.ලෙන්ස් එකට වතුර වැටිලා..


    1012158_10202791091009974_1562498191_n.jpg









    මේ මැණික් සහිත ඉල්ලම් පස

    මෙහෙට විදුලිය නෑ.ඒ නිසා ඉටිපන්දම් එළිය තමයි.
    ඒත් සමහර වෙලාවට ඒක නිවලා චාජ් කල පහන් යොදාගන්නවා.
    ඉටිපන්දමට ඔක්සිජන් වැයවෙන නිසා..


    1972527_10202791091169978_1539804603_n.jpg











    දෝනාව ඇතුලේ වැඩ කරන හැටි..
    වැරදුන සෙල්ෆිය..


    10152018_10202791091569988_1859712888_n.jpg









    නැවතත්,

    මැණික් සහිත ඉල්ලම් පස


    10009346_10202791091889996_2043651834_n.jpg






    ප්‍රධාන ගමන් දෝනාවේ වැඩ කරන පතලේ බාසුන්නැහැලා


    1922107_10202791092370008_2021760446_n.jpg






    දෝනාවේ ලී අතර පුවක් පටි තියලා තදකරන්න යොදාගන්නේ කැකිල්ල...



    1975105_10202791092610014_1031154824_n.jpg









    දෝනාව සවිකරන ආකාරය..




    1014038_10202791092850020_6402097_n.jpg


    1964913_10202791092970023_614106131_n.jpg


    1964859_10202791093170028_604147939_n.jpg






    දෝනාව ඇතුලේ..


    1978650_10202791093610039_1110110617_n.jpg






    දෝනාව තුල ඉල්ලම් ගෙන වැඩ අවසන්කල තවත් දෝනාවක්...


    1908281_10202791093810044_962678488_n.jpg



    1908285_10202791094010049_1155458844_n.jpg



    1000651_10202791094130052_1116778963_n.jpg









    එහෙනම් අපි ගොඩ ආවා.
    ඕක තමයි පුලුපුලුවන් විදියට ගත්ත ෆොටෝ ටික..






    මාතර දිහාවට නම් බුදු සරණින් තවම ගංවතුරින් අතුරු ආන්තරාවක් නෑ.
    විපතට පත් සියල්ලන්හට නිදුක් නිරෝගී සම්පත්තිය හා ඉක්මන් සැනසීම ප්‍රාර්ථනා කරනවා.



    බම්ප් කරලා යන්න තව කෙනෙක්ට බලන්න.
    සළකලා ගියාට පවු නෑ..












     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    බම්ප් කරලා යන්න තව කෙනෙක්ට බලන්න.
    සළකලා ගියාට පවු නෑ..
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මේ දැක්කමයි බන් TFS :cool: +12
    කොහොමද මචං හරියට දැනගන්නේ මැණික් ඉල්ලම් පස් තියන තැන් අඩි ගානක් හාරලා මුකුත් නැති උනොත් :rolleyes::rolleyes:
     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    කොහොමද මචං හරියට දැනගන්නේ මැණික් ඉල්ලම් පස් තියන තැන් අඩි ගානක් හාරලා මුකුත් නැති උනොත් :rolleyes::rolleyes:
    ඔවු බන්.. කොහොමද දැනගත්තේ..?????