උඹ කියපංකො මේ සියල්ල ඇතිවුනේ කොහොමද කියල ? මේ සියල්ල කිව්වාම පොලොව හඳ වගේ භෞතික වස්තු නෙමේ. ගත් කටටම කියයි big bang කියල. big bang හරි මොකෙං හරි සියල්ල ඇතිවෙන්න භෞතික නියම ඕනෙනෙ. කොහොමද ඒව ඇති වුනේ ? භෞතික නියම ඇතුලු සියල්ලෙහි ආරම්භය පැහැදිලි කරන්න පුලුවන් necessary-contingent being කෙනෙකුට විතරයි. necessary contingent දේවල් වල වෙනස දන්නව ඇති කියල හිතනව. necessary දේකිං පැවැත්ම දෙන්න පුලුවන් necessary දේකට විතරයි. contingent දේකිං පැවැත්ම දෙන්න පුලුවන් contingent දේකට විතරයි. necessary දේවල් කොහොමත් සත්‍යයි. ඒ සත්‍යය දෙවියන් වහන්සෙට වත් වෙනස් කරන්න බෑ. contingent දේවල් ඇතිවුනේ කොහොමද ? උඹ වගේ නිරාගමිකයො කරන්නෙ තව contingent දෙයක් හේතුව විදිහට දක්වන එක. එතකොට ඒක ? කෙලවරක් නෑ. අන්තිමට කියන්න වෙන්නෙ ඉබේ ඇතිවුනා කියල තමා. දෙවියන් වහන්සෙ මැව්ව කියන වාක්‍යයෙ බොරුවට දෙවියන් වහන්සෙ කියන වචනෙ අයිං කල්ල විතරයි. නිකං වචන trick එකක් දාල හිතං ඉන්නව අපි හරිනෙ කියල![]()
දන්නේ නැති දේවල් ටිකක් කියලා තියෙනවා. ඒවා ගැන ඉගෙනගන්න ඕනේ.
බිග් බෑන් එක ඇවිල්ලා වෙන්න පුළුවන් දෙයක් විතරයි. වෙන වෙන විදි තියෙන්න පුළුවන්. ඔය හැම දෙකයක් පිටිපස්සෙම "විශ්වය හැදුන හැටි කියන්න තරම් තොරතුරු අපි ලග නෑ.". ඉතින් සයන්ස් කරන අය හොයන්න පටන් ගන්නවා එතකොට හම්බෙන තොරතුරු වලින් කතන්දරයක් හදලා තියෙනවා. එක වෙනස් වෙනවා අලුත් දේවල් හොයාගන්න කොට.
එතකොට ආගම් කාරයෝ ටික ඕවා හොයන්න කම්මැලි. ඉතින් දෙයියෝ හැදුවා කියන ලේසි ඕවා හොයනවට වඩා.





