පව්, පින් බෙදන්නේ විපාකය වින්දනය *සැප*, *දුක්* වීමෙන් සහ, ඕක බුදුන් තියපු විදිහට අත්තූපනායක ධර්ම පර්යායෙන් ගත්තොත්.. තමන්ටත්/ අනුන්ටත් හිරිහැර වෙන සහ නොවෙන දේවල් විදිහට බෙදන්න පුලුවන්.
ඒ වගේම තමයි මේක කිව්වේ පෘථක්ජන මිනිස්සුන්ට. පෘථක්ජන මිනිස්සු කියන්නේ සම්මා-දිට්ටිය නැති අය. ලෞකික මට්ටමෙන් ඕක දේශනා කරේ බහුජන හිතසුව පිනිස. නැතුව මේක නිවන් දකින්න අදාල දෙයක් නෙමෙයි.
කර්ම යාන්ත්‍රනය අපිට තේරුන් ගන්න බැහැ. ඒක කරන්න යන්න එපා කියලා තියෙන්නෙත් ඒ නිසා..
ඉතින් ලෞකිකව, ඔය දෙකෙන් මොකක්ද වැඩියෙන් පව් තියලා කියන්නවත්.. ඕක කරපු නිසා කර්ම විපාකය x විදිහට කියන්නවත් අපිට බැහැ. ඒ මරන වෙලාව ඇති විත්ත, චයිතිසික ස්වභාවය තමයි බලපාන්නේ. ඔය චිත්ත-චයිතිසික කතා අපිට ගෝචර වෙන එකක් නෙමෙයි. ඒ නිසා ඒක කතා කරලා වැඩක් නැහැ. නිකන් කතන්දර පොතක කතාවක් කියනව වගේ..
ඒ නැතත් "ඕක මෙහෙම වෙනවා" කියන්නේ නිකන් දෘස්ටියක් විතරයි. සක්කාය දිට්ටිය නිසා පවතින.. (සක්කාය දිට්ටිය කියන්නේ, යට කියලා තියෙන මිරිගුව, මිරිගුවක් කියලා දැකපු නැති වීම තුල ඇති වෙන දෙයක් කියලා හිතන්න..)
සත්කාය දිට්ටිය නිසා තමයි පින්/ පව්/ කර්මඵල/ සැප/ දුක.. ගැන කතා කරන්න වෙන්නේ..
ඕක x විදිහට වේ කිව්වත්, y විදිහට වේ කිව්වත් දෘස්ටියක් විතරයි.
හැබැයි බීජ පැල කරහම ගහක් හැදිලා ඵල හැදෙනවා..
බීජය පැල කරන වෙලාවේ කියන්න බැරි වුනාට, මේ අත්ත මෙන්න මෙතන, මේ වගේ ඵලයක් එයි කියලා, ඵල හැදෙනවා. හැබැයි මේ වෙන වැඩේ වෙන්නේ සහ වෙනවා කියලා පේන්නේ මිරිගුවක් ඇතුලේ.. මිරිගුව ඇතුලේ වෙන එක තමයි දකින්නේ, දැනෙන්නේ, අහන්නේ, වින්දනය කරන්නේ.
ඉතින් මේ එකක්වග් *ඇත්ත* නෙමෙයි තමයි.. ඒත් අරු දන්නැහැ ඒක මිරිගුවක් කියලා. ඉතින් උට ඒක ඇත්ත. උට පේන/ ඇහෙන/ දැනෙන දේවල් තියෙනවා. පේන/ ඇහෙන/ දැනෙන/ වින්දනය කරන කෙනෙක් (ඌ) ඉන්නවා.
(1) , (2) නිවනක් ගැන කතා කරන්න වෙන්නෙත්, ධර්මාවබෝධය ගැන කතා කරන්න වෙන්නෙත් ලෞකිකව. මේ ලෞකිකව කතා කරන එකක්වත් තියෙනවා හෝ නැහැ නෙමෙයි.. තියෙන දෙයක්/ නැති දෙයක් ගැන කතා කරන්න වෙන්නේ සක්කාය-දිට්ටිය නිසා. තියෙනවා හෝ නැහැ කියන්නේ දෘස්ටි. ධර්මය අවබෝධ නොකර මේ කියන්නේ මොකක්ද කියලා ග්‍රහනය කර ගන්න බැහැ කිව්වේ ඒකයි.
නිවනය, ලෝකොත්තරයි. එතන මේ ලෞකිකව කතා කරන *නිවනක්* වත්, *ධර්මයක්* වත් මම හෝ කෙනෙක් වත් දෙයක් වත් හම්බෙන්නැති තැනක්..
පන්චඋපාදානස්කන්ධ නිරෝධය. ඒත් එතෙන්ට යන මාර්ගය පෙන්නන්න වෙන්නෙත් ලෞකික දේවල් වලින්මයි (මිරිගුව ඇතුලේ තියෙන දේවල් වලින්ම තමයි මිරිගුව, මිරිගුවක් කියලා පෙන්නන්න වෙන්නේ). මේ ඒක පෙන්නන්නයි බහුජන හිත සුව පිනිසයි හදපු සංකල්ප ඔක්කොම, නැතුව *ඇත්ත* දේවල් නෙමෙයි. ඒ වගේම ධර්මාවබෝධය නැති කෙනෙක් මේ කියන දේවල් ග්‍රහනය කර ගන්නෙත් වැරදි තැනින්මයි (සක්කෙය දිට්ටිය නිසා). මෙතන නිවන හෝ ධර්මය සාක්ෂි සමග ඔප්පු කිරීම්වත්, ෆැක්ටුවලයිස් කිරීමක්වත් කරන්න බැහැ.. තර්කයට ගෝචර වෙන්නැහැ. තර්කයෙන්, logic වලින්.. නිවන් අවබෝධ කරන්න බැහැ මොකද සක්කාය දිට්ටිය සහ විචිකිච්චාව නිසා. විචිකිච්චාව, සක්කාය දිට්ටිය, සීලබ්බත පරාමාස දුරු වෙද්දි තමයි ප්‍රථම මගඵලය ලබන්නේ.
ඉතින් කර්ම-ඵල, නැත්තම් අර කලින් කියපු මිරිගුව ඇතුලේ වෙනවා කියලා පේන දෙයක්, පේන්නේ මිරිගුවක් කියලා දැක්ක එකෙක්ට, දැන් කර්ම-ඵලයක් ගැන කතා කරන්න පුලුවන්ද?