වැඩක් නැහැ බන් ඔව්ව කතා කරලා. මුන් හිතන්නේ තෙල් පෝලිම් වල ඉන්නේ මිනිස්සු ට්‍රිප් යන්න තෙල් ටිකක් ගහගන්න කියල. පෝලිම ගොඩක් දිග උනාම කියනවා අමොහ් සෙනග බලන්ඩ පෙට්‍රල් 200 ගානකට ගිහිනුත් තෙල් ගහගන්න ඉන්න සෙනග ගොඩ. මුන්ට යකෝ සල්ලි උතුරනවනේ කියල.View attachment 166524
අද උදෙ 12.45 යි තාත්තා ගෙදර එනකොට ඩීසල් අරන්.උදේ පාන්දර 6 ඉන්දලා පෝලිමේ.කුබුර හාන්න ඕනි නන් ටැක්ටරේට තෙල් ටික ගෙනත් දෙන්න ඕනි.ඊයේ දවල් දවසම ශෙඩ් එකේ ඩීසල්,පෙට්‍රල් දෙකම නෑ.ගහ ගන්න ඕනි හැම එකාම පෝලිමේ.උන්ට මේ සල්ලි තිබිලා නෙමෙයි මහ උජාරුවට අවුරුදු කන්න. උබලා වගේ කැස්වටුවන්ගේ පින්න කතා දැක්කම මල පනිනවා බන් සිරාවටම.පව් යකෝ තාත්තා වැස්සේ තෙමි තෙමි සීතල් බත් පාර්සල් කකා හිටියේ.ඊලගට එන මාස ටිකේ මීට වඩා කෙල වෙනවා කියලා දන්න නිසා.තාත්තලා ජීවිතකාලෙම සැප විදලා නෑ.හාල් පෝලිම්ල,කැරලි,යුද්ද හැම මගුලකටම මූණ දීල් තේ ටිකෙන්,කුරුදු ටිකෙන් රටට ඩොලර් හොයලා දීලා වයසට ගිය මිනිස්සු.දැන්වත් නිදහසක් නෑ.ඒ මිනිස්සු දැන්වත් සැපක් විදින්න ඕනි.නැත්තං දුක් විදලම මැරිල යනවා.මෙහෙම බැනලා දාලා නෑ කාටවත් මේකේ. මේක මීඩියා යුනිට් කාරයෙක්ගේ එකක් නන් මෙහ්ම කමෙන්ට් එකක් දාන්නෙත් නෑ ignore කරලා නිකන් ඉන්නවා.උබත් ගේම ගහන කොල්ලෙක් කියලා හිතිලා තියෙන නිසා දැම්මේ.
ඔව් කතා කරල වැඩක් නැහ.
