මිනිස්සු විකල්පයකට කවදා හරි ඡන්දෙ දෙයිද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මිනිස්සු විකල්පයකට කවදා හරි ඡන්දෙ දෙයිද?

    මේ කියන්නෙ මෙදා ඉල්ලපු විකල්පය ගැන නෙමෙයි. විකල්පය විකල්පය ගගා හිටියට ඇපත් නැති උනානෙ.

    මම නම් අවංකවම හිතුවා මේ පාර විකල්පය ලක්ශ කිහිපයක් ගනී කියලා. ඒත් අන්ත පරාජයක් ආවෙ.

    මේ ප්‍රතිපල දිහා බලපුවම මිනිස්සු කවදාවත් මොකක් හෝ විකල්ප බලවේගයක් ගැන විශ්වස කරයිද කියන එක ප්‍රශ්නයක්.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මිනිස්සු කවදාවත් මොකක් හෝ විකල්ප බලවේගයක් ගැන විශ්වස කරයිද කියන එක ප්‍රශ්නයක්.

    කිසි ප්‍රශ්නයක් නෑ...මිනිස්සු විකල්ප බලවේග විශ්වාස කරත් අනුර කුමාර විශ්වාස කරන්න තරම් මෝඩ නෑ..
    මොකද අනුර රතු අලියෙක් කියලා මතයක් මිනිස්සු අතර තිබ්බා..ඒක ස්ථීර වුනා දෙවෙනි මනාපෙ සජිත්ට ගහන්න කියලා කිව්වට පස්සේ :yes:
    ඉතිං මිනිස්සු කෙළෙව්වා....ඔය විකල්පෙට හොම්බෙන් යන්නම :yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,228
    20,865
    113
    හස්තිශෛලපුර
    විකල්පය යූ.එන්.පී (ජේ.වී.පී) හරි පොහොට්ටු(කොලොන්න) වෙන් හරි බැක් කරන එකක් නොවෙනකන් රටට හරි විකල්පයක් බිහි වෙන්නේ නෑ...

    :yes::yes::yes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    විකල්පය ආවේ හරියට විකල්පයක් විදිහට නෙමෙයි, එක එක ලොකු පක්ෂ වලට යටින් කඩේ යන - ඩිල් විදිහට. එක එකාගේ චන්ද කඩන්න දාපු එවුං.
    හරියට විකල්පයක් තිබුන නම් මිනිස්සු චන්දෙ දෙනවා.
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    විකල්පය ආවේ හරියට විකල්පයක් විදිහට නෙමෙයි, එක එක ලොකු පක්ෂ වලට යටින් කඩේ යන - ඩිල් විදිහට. එක එකාගේ චන්ද කඩන්න දාපු එවුං.
    හරියට විකල්පයක් තිබුන නම් මිනිස්සු චන්දෙ දෙනවා.

    :yes:
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,558
    1,364
    113
    Rathnapure
    විකල්පය ආවේ හරියට විකල්පයක් විදිහට නෙමෙයි, එක එක ලොකු පක්ෂ වලට යටින් කඩේ යන - ඩිල් විදිහට. එක එකාගේ චන්ද කඩන්න දාපු එවුං.
    හරියට විකල්පයක් තිබුන නම් මිනිස්සු චන්දෙ දෙනවා.

    :yes::yes::yes:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මේ කියන්නෙ මෙදා ඉල්ලපු විකල්පය ගැන නෙමෙයි. විකල්පය විකල්පය ගගා හිටියට ඇපත් නැති උනානෙ.

    මම නම් අවංකවම හිතුවා මේ පාර විකල්පය ලක්ශ කිහිපයක් ගනී කියලා. ඒත් අන්ත පරාජයක් ආවෙ.

    මේ ප්‍රතිපල දිහා බලපුවම මිනිස්සු කවදාවත් මොකක් හෝ විකල්ප බලවේගයක් ගැන විශ්වස කරයිද කියන එක ප්‍රශ්නයක්.

    මචන් විකල්පයකට යන්න පුලුවන් තත්වයක් රටේ තිබුනේ නැහැ. ඒ වෙලාවේ මිනිස්සුන්ට සිද්ද වුනා රටේ ආරක්ශාව සනාත කල හැකි යැයි තමන්ට වැඩියෙන්ම සිතිය හැකි කෙනෙකු පත්කරගන්න ඒ තුල විකල්පයට ඇති ඉඩක් කිසිසෙත්ම නැත. එක් අතකින් අන්තර්ජාතික අතපෙවිම්, එක් අතකින් අර්ථකය කඩා වැටිම, එක අතකින් සහරන්ලා බිහිවිම හමුවේ යුද්ධය නිම කල රාජපක්ශවරයන්ටම රට භාරදිමයි ඉතිරිව තිබුනේ.

    මට හිතෙන්නේ ජනතාවගේ තෙරිම හරි
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මහේශ් සේනානායකත් හොර මගඩියකට සෙට් වෙලා ආපු එකෙක් කියල ඔප්පු උනා, ශුවර් නැත්තම් Dr. අජිත් කොලොන්නේ ඊයෙ දාපු වීඩියෝ එක බලන්න. අනුරගෙ ඩීල් දේශපාලනේ නිසා මිනිස්සු අනුර ගැන සැක කරනවා, ඒකයි ඒ දෙගොල්ලොන්ටම මෙච්ච්ර ඡන්ද අඩු උනේ. අනික් එවුන් ගැන නම් කතා කරලා වැඩක් නෑනේ. අලුත් විකල්පයක අඩුව දැන්නම් හොඳටම දැනිලා තියෙන්නේ:dull:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    විකල්පයක් උනත් අහසෙන් පාත්වෙලා වැඩකරන්න බැහැනෙ බන්. විකල්පය උනත් මිනිස්සුන් අතරට යන්න ඕන. අඩුම තරමෙ ප්‍රාදේශීය සභා මට්ටමේ ඡන්දෙකට ඉදිරිපත් වෙලා දිනුවෙ නැතත් මිනිස්සු අතර ගැවසෙන මිනිස්සුන්ට මතක හිටින මට්ටමේ ඉන්න ඕන. අහසෙන් පාත්වෙච්ච ජනාධිපති කෙනෙක්ට පාර්ලිමේන්තුවෙ ඉන්න පරන සැට් එකත් එක්ක වලි දාගෙන අදින එක නෙමෙයි විකල්පය කියන්නෙ.... මගේ මතය...
     
    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    me parath sinhala anathayo tika wiklpa passe giyanam blaganna thibba sonnalunta wena de. gotawa select karapau nisa goda giya ape sinhalau. wikalpa passe yanna purudu wenna epa