මේ හැත්තෑව දශකයේ ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශයක පින්තුරයක්.
පොඩ්ඩක් හොදට බලපන් , කෙල්ලොන්ගේ ඇඳුම දිහා.
ඒ කෙල්ලෝ ඔක්කොම ඇදගන් ඉන්නේ මිනි ගවුම්, මිනි සායවල් . දනිසට වඩා අගල් 6ක් විතර කකුල් දෙක පේනවා.
අද ගමේ පොලක ඔහොම කෙල්ල්ක්ට ඇදගන යන්න පුලුවන්ද?
ගමක තියා නගරෙක වත් පාරේ යන්න පුලුවන්ද.?
වේසි , බඩුව කියල අහගන්න වෙනවා අනිවාර්යෙන්.
එත් පොඩ්ඩක් හිතල බලපන්,
මේ අපේ වැඩිහිටි පරම්පරාව. ඒ කියන්නේ අද තරුණ කට්ටියගේ අම්මල , නැන්දලා.
අද සමහර උන්ට කෙල්ලෙක් කලිසමක් ඇදගන ඉන්නවා දැක්කත් එකී වෙසියක්.
කොච්චර වේසා වැඩ කරන කෙල්ලෙක් උනත් ළමා සාරියක් ඇදගන හිටියොත් අපේ උන්ට එකී පත්තිනි අම්මෙක්.
"FB" එකේ උනත් ගොඩක් උන් කෙල්ලොන්ගේ ඇදුමේ ඇද කුද හොයනවා, උන්ට උපදෙස් දෙනවා. එහෙම උපදෙස් දුන්නට "sexy sri lankan school girls" කිය කියා තියන pages වලට like කරල, ඉස්කෝල යන පොඩි කෙල්ලන්ගේ කකුලක් දිහා බලල පොන්න ආතල් ගන්නවා.
අර පහුගිය දවසක විශාකා එකේ කෙල්ලෝ සෙට් එකක් උන්ගේ school walk එකේ යද්දී පාරේ නැටුවා කියල උන්ට වගේම උන්ගේ අම්මලටත් අම්බානක බැනල තියනවා දැක්ක. එලකිරියේත් threads ගියා වගේ මතකයි.
අපේ සමහර උන්ටත් ඕනේ කෙල්ලෝ ඔසරියක් ඇදගන , ඒකෙත් හම පෙන තැන් සම්පුර්නෙන්ම වහගන ,
ගෙවල් වලට වෙලා කිසිම සමාජ ආශ්‍රයක් නැතුව ඉන්නවා දකින්න.


මේ තියෙන්නේ ඇෆ්ගනිස්තානේ කෙල්ලොන්ගේ පින්තුරයක් 70 ගණන් වල එකකුයි දැන් එකකුයි..
මුන්ට බැන බැන , අපි කරන්නෙත් මේකමයි.
අපිම මේක සිංහල අරාබියක් කරගන්න දගලන හැටි දැක්කම මට මතක් වෙන්නේ,
" ඒ කාලෙනේ ඉන්න තිබ්බේ , අයි ඩෝන්ට් නෝ වයි.? " කියල තමා.




ෆොටෝ එක ඉස්සුවේ "old ceylon" කියන FB page එකෙන්.





