මුඩු මහණ ඔහොම නැවතිය

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    මුඩු මහණ ඔහොම නැවතිය

    මුඩු මහණ ඔහොම නැවතිය (අංගුලිමාල )
    මම නැවතිලා ඉන්නේ ඔබ නවතින්න ..(බුදු රජාණන්වහන්සේ).
    නවතින්න .....
    මොකද්ද මේ හදිස්සිය?
    ඔබ කී දෙනෙක් නැවතිලාද ?
    නවතින්නේ කොහොමද..මේ තියෙන වැඩ කන්දරාවත් එක්ක ..හුස්ම ගන්නවත් වෙලාවක් නෑ ...
    ඇත්ත ඒක නෙමෙයි ..
    ඔබ කවදාවත් හිතුවද හැමදේම ආයාසයෙන් කරනකොට මේ හුස්ම ගැනීම ඉබේම සිදුවන්නේ ඇයි ?කොහොමද?කියල ...
    බැරි වෙලාවත් මේ හුස්ම ගැනිල්ල හිතල කලයුතු දෙයක් උනානම් ඔබ මම ඇතුළු හැම දෙනාම ඔය හැම වැඩක්ම දමල ගහලා හුස්ම ගන්න එක ගැන විතරක් හිතාවී ...
    ඒත් මොකක්ද හේතුවකට ඒ කාරණය ඉබේ සිදුවෙනවා (මට හිතෙන්නෙ එහෙම සිදුවීම නිසාම සත්වයා වැඩිපුර සංසාරයට බැද තැබෙනවා ඒ වගේම ඒකෙන් ගැලවෙන්නත් පිහිට වෙනවා )
    හුස්ම ගැනීම ඉබේම සිදුවෙන නිසා ඒක පැත්තකින් තියමු ..
    නවතින්න ....හිතන්න ...
    ඔබ ජීවිත්වූ මේ කාලය ඇතුලත කොයි තරම් කාලයක් හිතන්න වෙන් කලාද ?
    හැබැයි මම ඒකෙන් අදහස් කලේ මනෝ ලෝක වල සැරි සරන එක නෙමෙයි ගෙවල් හදන් විදිහ ,වාහනයක් ගන්න විදිහ වෙඩින් එක ගන්න විදිහ හොද රස්සාවක් හොයාගන්න විදිහ පාටියක් ,විනෝද ගමනක් යන විදිහේ දේවල් නෙමෙයි
    එහෙමනම් මොකක්ද?
    දැන් ධර්මය තුල බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා තමා තුලින් දකින්න කියල
    තමාව තමා තුලින් දකින්න කී දෙනෙක් උත්සහ කලාද ?
    ඒක අමාරු දෙයක් නෙමෙයි..
    නවතින්න....
    නවතින්නයි ඕනේ ..
    එදා අංගුලිමාල නැවතිලා හිතපු නිසා නෙමෙයිද තමන්ගේ ක්‍රියාවල බරපතල කම ගැන හිතුනේ ඒ සිතුවිල්ල ඔහුව ඔහුගේ හිත මහණ කරනවා ..අවසානයට පූර්ණ අවබෝධත්වයට පත් කරනවා ..
    ඒ නිසා මදක් නවතින්න ...හිතන්න ...
    ඔබ කී දේ කල දේ ගැන ඒවා නිසා ලැබූ නොලැබූ දේවල් ලාභයන් අලාභයන්, නින්දාවන් ප්‍රශංසාවන් ,සැප දුක ගැන ඒව ගැන මෙනෙහි කරනකොට ඔබට දැනගන්නට දැක ගන්නට ලැබේවී සමහර තැන් එකිනෙකට සම්බන්ධ වෙන බව ....ඔබට හිතේවී ..එතකොට මම මෙහෙම කරපු නිසාද මේක උනේ ..ඔබට සමහර වෙලාවට හිතෙනවා අනේ දෙයියෝ අත පෑව්වා වගේ ඒ වෙලාවෙ එහෙම නොවුනානම් .......
    එයා ආවේ නැත්නම් මට මොනවා වෙයිද දන්නෙ නෑ ..
    ඒ උදව්ව මට කෝටියක් වටිනව වගේ දේවල් වගේම ..
    හිතන්නවත් බැරි දෙයක් නිකන් හොරු ගෙනිච්චා වගේ ....
    මුළු ගේ සන්තකයේම තිබුනේ එච්චරයි...
    හිගන්නගේ පාත්‍රයට හෙනහුරා වැටුනා වගේ ...
    ඒ කතාව කිව්වෙ එයා කියල හිතනකොටත් පුදුමයි .
    මේ ආදී නොයෙක් සිදුවීම සිදුවීමට හේතු කාරණා වගේම ඒ දේ උනේ මම මෙහෙම කරපු නිසාද කියන හැගීමත් ..
    ඇත්ත ...
    ඒ හැම කාරණාවකටම අපි කරපු දෙයක් සම්බන්ධයි සැම ක්‍රියාවට ප්‍රතික්‍රියාවක් තියෙන එක ධම්ම නියාමයක් ...ඒකට අභියෝග කරන්න කාටවත් බෑ ...
    අන්න ඒ විදිහට තමා තුලින් තමාව දකින්න ඒක දැකගන්න ඕනේනම් පොඩ්ඩක් නවතින්න වෙනවාමයි .....
    ඒ ක්‍රමයට මම මාව දැකගත්ත නිසාමයි මම මේ දේ කියන්නෙ ..ඒ දේ පිලිබදව ප්‍රත්‍යක්ෂව දැකගත්ත අවබෝධයකින්මයි මේ දේවල් කියන්නෙ හැබැයි ඒක පූර්ණ අවබෝධය නොවන බවත් මම දන්නවා ....නමුත් මම ලබපු අත්දැකීම් ඔබටත් ලබාගතහැකි බව කියාදෙන්නයි මම මේ බොහෝම සරල සිංහලෙන් කිව්වේ ..

    යථාපි රුචිරං පුප්ඵං – වණ්ණවන්තං අගන්ධකං
    ඒවං සුභාසිතා වාචා – අඵලා හෝති අකුබ්බතෝ
    ලස්සන මලක් තියෙනවා. හරිම පැහැපත්. ඒ වුණාට කිසි සුවඳක් කෑ. අන්න ඒ වගේමයි, බුදු සමිඳුන් වදාළ ශ‍්‍රී සද්ධර්මය වුණත් කොපමන කිව්වත් අනුගමනය නොකරන කෙනෙකුට වැඩක් නෑ.
    (සැවැත් නුවරදී ඡත්තපාණී උපාසක අරභයා වදාළ ගාථාවකි ෴)

    මගේ නව අවුරුදු පණිවිඩය තමයි මේක ...
    සියලුදෙනාටම සෞභාග්‍යමත් සියලු ප්‍රාර්ථනා ඉටුවෙන දහම් ඇස පෑදෙන වාසනාවන්ත නවවසරක් වේවා ..
    තෙරුවන් සරණයි
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එසේම වේවා. දැක්ක හොඳම අවුරුදු පණිවිඩයක්. :)