ඇත්තටම බුද්ධදාස විතානාරච්චි කියන්නේ හොද නළුවෙක්, මචන් උබ කිව්වා වගේ ඔය දැන්වීම හොදයි සල්ලිකාර පවුල් වල උදවියට, කොටින්ම කිව්වොත් ලොක්කාගේ පස්සේ ඉන්න බලු නකුටො ටිකටයි, උන්ගේ පස්සාබගේ ලේවාකන රුක් සුනඛයෝ ටිකටයි. මට පේන විදියට මේ රටේ ප්‍රධානියාට එක්කො ඇස් පෙන්නේ නැහැ, එහෙමත් නැත්තන් මොළේ නැහැ, එකා හිතාගෙන ඉන්නේ මේ රටේ 100 %ම ඉන්නේ මහා ධනවත් මිනිස්සු කියලා, එකනේ උන් පුළුවන් තරම් පිස්සු නටන්නේ, ඔය ඇඩ් එක උනත් මහා ධනවත් පවුලක් පසුබිම් කරගෙන තමයි හදලා තියෙන්නේ, මටත් දැක්ක වෙලාවෙම ලඟ හිටපු කෙනාට කිව්වා, "මුන් හිතාගෙන ඉන්නේ අපි හරක් කියලද කොහෙද කියලා".
දැන් ඔය දැන්වීමේ කියන විදියට දවසට පැය 4ක් ලයිට් කැපුවොත් ඔය ප්‍රශ්නේ නැහැනේ - ඔය ලයිට් බිල වැඩි නොකර රෑට පැය 2කයි දවල්ට පැය 2ක් හෝ 5ක් කැපුවත් සාමාන්‍ය මිනිස්සුන්ට ඕක උහුල ගන්න පුළුවන්, එත් පොහොසත් එකාට ලයිට් කැපුවොත් ඉන්න බැහැ. මොකද දවස පුරාම ගෙදර AC එක දාගන්න විදියක් නැහැ, AC නොදා හිටියොත් ගෙදරට දාගෙන ඉන්න makeup එකත් අවුල් වෙනවා, ඊට හපන් දාඩිය දාලා figure එක out යනවා, දවස පුරාම Facebook,Twitter වගේ website වලට ගිහින් කාලේ කන්න බැහැ, internet එකෙන් food recipes එකක් බලාගෙන කෑමක් හදාගන්න බැහැ, current එක නැතුව කෑම උයාගන්න බැහැ, උනුවතුර නැතුව නාගන්න බැහැ, රෑට නයිට් කල්බ් ගානේ ගිහින් ආතල් ගන්න බැහැ, ගෙදර ගෙට්ටු දොරවල් ඇරගන්න බැහැ, ඔය ඔක්කොම පොහොසත් එකාට තමයි බලපාන්නේ, පොහොසත් එකාට සල්ලි තියෙනවා උන්ට විදුලි එකකයක් රුපියල් 100ට දුන්නත් ගානක් නැහැ, මැති ඇමතිවරුන්ට විදුලි එකකයක් රුපියල් 1000ක් උනත් ගානක් නැහැ, මොකද උන්ගේ විදුලි බිල ගෙවන්නේ අපි ගෙවන බදුවලින්නේ.
නයිට් රෙස් තිබ්බා, ඒක කලේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන්ද ?, නෙළුම් පොකුණ හැදුවා, එක කලේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන්ද ? බොට්ටු රෙස් තිබ්බා එක කලෙත් සාමාන්‍ය ජනතාව වෙනුවෙන්ද ? රෙසින් කාර්වල බදු අඩු කලා, එක කලෙත් සාමාන්‍ය ජනතාව වෙනුවෙන්ද ?
මෙන්න මුන් සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කරපු දේවල් වලින් අතලොස්සක් වාහන බදු වැඩි කලා, පැට්රල් ඩීසල් වැඩි කලා, අල වැඩි කලා, කරන්ට් බිල වැඩිකලා, වගේ දෙවල් තමයි ඉතින් අපි වෙනුවෙන් කලේ,
දැන් සනීපයි නේද ? ආශ්චර්ය හොදට දැනෙනවා ඇති සාමාන්‍ය පවුල්වල හැමෝටම
මේ රටේ ලොකු ලොකු උන් හිතාගෙන ඉන්නේ මේ රටේ මධ්‍යම පාන්තික සහ ඊට පහල ජනතාවක් නැහැ කියලා.