මන් මුලින්ම බොන්න සෙට් උනේ උපෙ ඉවර වෙලා අපි යාලුවො සෙට් එකක් එක්ක ගියා බදුල්ලේ ට්‍රිප් එකක් කෝච්චියේ. අපේ එකෙක් ගෙනල්ල තිබ්බ ගැලරියක් එදා රෑට නවතින තැන ඉදන් ගහන්න කියල. අපි බදුල්ලෙ යන ගමන් මගින් ඇල්ල ස්ටේශමෙන් බැහැල රේල් හයික් එකක් යන්න කල්පනා කරා දෙමෝදරට යනකන් (අර ආරුක්කු පාලම තියෙන්නෙ ඔය හරියේ). හයික් එක යනගමන් අරූ පෙරේතකමට ගත්තෙ නැතැයි බෝතලේ කඩලා. අපිත් ඉතින් අරූ බීල ඉවර කරයි කියල ඉක්මණට කටේතියාගෙන ගහගෙන ගියා යනගමන්. ඒ මදිවට වැස්සකුත් අවා. කොහොමහරි රේල් පාරෙ සොල්පර කොටන් දිහා බල බල යන කොට වදිනවත් වැඩියි. මටයි තව එකෙක්ටයි හොදටම වැදුනා. කොහොම හරි දෙමෝදර ස්ටේශමට ගිහිල්ලා හරියටම ස්ටේශමේ මැද අපි දෙන්න කබරය පාර දැම්මා. කොහොමහරි අරුන් ඒවත් හෝදල දාල තමයි අපි දෙන්නව ත්‍රී වීල් එකක දාන් බදුල්ලට ඇවිත් තියෙන්නෙ