මුලින්ම බීපු හැටි

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
අඩෝ මාමා මටත් සෙට් කරනන් බැරිද කොහොමද බොතල් 6 7 ක් ගෙනාවේ ඩියුටි එකෙන් බැරිද සෙට් කරලා දෙන්න ,
 

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මන් මුලින්ම බොන්න සෙට් උනේ උපෙ ඉවර වෙලා අපි යාලුවො සෙට් එකක් එක්ක ගියා බදුල්ලේ ට්‍රිප් එකක් කෝච්චියේ. අපේ එකෙක් ගෙනල්ල තිබ්බ ගැලරියක් එදා රෑට නවතින තැන ඉදන් ගහන්න කියල. අපි බදුල්ලෙ යන ගමන් මගින් ඇල්ල ස්ටේශමෙන් බැහැල රේල් හයික් එකක් යන්න කල්පනා කරා දෙමෝදරට යනකන් (අර ආරුක්කු පාලම තියෙන්නෙ ඔය හරියේ). හයික් එක යනගමන් අරූ පෙරේතකමට ගත්තෙ නැතැයි බෝතලේ කඩලා. අපිත් ඉතින් අරූ බීල ඉවර කරයි කියල ඉක්මණට කටේතියාගෙන ගහගෙන ගියා යනගමන්. ඒ මදිවට වැස්සකුත් අවා. කොහොමහරි රේල් පාරෙ සොල්පර කොටන් දිහා බල බල යන කොට වදිනවත් වැඩියි. මටයි තව එකෙක්ටයි හොදටම වැදුනා. කොහොම හරි දෙමෝදර ස්ටේශමට ගිහිල්ලා හරියටම ස්ටේශමේ මැද අපි දෙන්න කබරය පාර දැම්මා. කොහොමහරි අරුන් ඒවත් හෝදල දාල තමයි අපි දෙන්නව ත්‍රී වීල් එකක දාන් බදුල්ලට ඇවිත් තියෙන්නෙ
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ගෙදරට නන් මාට්ටු නෑ බන්...
    හැබැයි ගෙදර උන්දල අනිවා දන්නවා.... මොකද ඔෆිස් එකේ පාටියකට යනව කියන්නේ
    අනිව ගහනව කියල දන්නවා..;)

    මුලින්ම බිව්වේ ගල් තමා.... එකත් අමුවෙන් වැඩේ හරිත්නෑ.... ගැහුවේ කටින දවසක:no:
    අන්තිමට බස් එකට නැග්ගා කොන්දා දැනගත්තා වෙරි කියලා... මම 50ක් දුන්නේ 10 යි ගන්නේ බහින තැනට
    මු මට ඉතුරු දුන්නෙත් නෑ... මගුල ගෙදර අපු වහම මතක් වුනේ... බස් එකෙන් බැහැලා පයින් ගෙදර එන කොට එහා ගෙදර උන්නැහේ ත්‍රීවිල් එකකින් ඇවිත් නවත්තලා යමුද මල්ලි කියලා ඇහුවා මම බෑ කිව්වා.. ගඳ මාට්ටුවුනොත් කියලා.. මොකද උ බොතලේ කටේ ගහගත්ත ගමන් මනේ ඉන්නේ ලගින් ගියත් තේරෙනවා..:dull:
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ


    ඕලෙවල් එක්සෑම් එකට දවස් හතරකට විතර කලින් ගැහුවේ...පන්තියේ සෙට් එකම එදා ඇවිත් හිටියා....

    වයිට් ලේබල් තිබුනේ...ශොට් 3ක් විතර නැමුවා.....
    ....වැදී නොවැදී වගේ ගානට හිටියේ....:)
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    මුලින්ම බිව්වේ 10 වසරේදී. බිව්වා කියන්නේ බියර් (ස්ට්‍රෝන් ලොකු කැන් එකක්)
    ඒ කලෙ හැම සෙනසුරාදාම බීච් යනවා සෙල්ලන් කරන්න යාලුවො සෙට් එකත් එක්ක.
    ඊට පස්සේ සෙල්ලන් කරන එක පැත්තක දාල හැම සෙනසුරාදාම බියර් කැන් එකක් ගහන්න ගත්තා.
    හුලන් පාරවල් වලට තැපැලේන් ඇවිල්ල වදින්නේ.. :lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මුලින්ම බිව්වේ 10 වසරේදී. බිව්වා කියන්නේ බියර් (ස්ට්‍රෝන් ලොකු කැන් එකක්)
    ඒ කලෙ හැම සෙනසුරාදාම බීච් යනවා සෙල්ලන් කරන්න යාලුවො සෙට් එකත් එක්ක.
    ඊට පස්සේ සෙල්ලන් කරන එක පැත්තක දාල හැම සෙනසුරාදාම බියර් කැන් එකක් ගහන්න ගත්තා.
    හුලන් පාරවල් වලට තැපැලේන් ඇවිල්ල වදින්නේ.. :lol::lol:
    hulan keli ne
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අඩෝ මාර සීන් එක
    අපේ පැත්තේ කොල්ලෝ ටිකත් මේ ටික බොන එක ගැනමයි කතා කරන්නේ
    අපේ එකෙක් බීලා චා උනා කබරයා දාලා
    දැන් අපිට ඒ පැත්ත අධි ආරක්ෂිත කලාපයක් වෙලා
    :dull::dull::dull:
    මම නම් තාම බීලා නෑ බොන්න අදහසකුත් නෑ

    ;););)
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මුලින්ම බුවේ 8 වසෙරේ අන්තිම දෙසැම්බර්, හොදට මතකයි පලවෙනි පාරනේ, ඉස්කෝලේ ගිහිනුත් අයියා වගේ කියුවේ යාළුවන්ට(මෝඩකම තමා:dull:).
    අයියා මට වඩා අවුරුදු 6 ක් වැඩ්මල්, ඒදවස් වල පොර ඒලෙවල් ඉවර වෙලා හිට්යේ, පොරගේ යාළුවෙක්ගේ ගම්පහ අම්ම කෙනෙක් නැති වෙලා මු රැ යන්න හදද්දි අම්මා කියුවා රැ යන නිසා මාවත් එක්ක යන්න කියලා, කට්ටිය මලගෙදර තොරණගහන එකට පොඩි සප් එකක් දිලා යාළුවෝ 09 විතර ගම්පහ තානායමේ සෙට් උනා, අයියා ඇහැවුවා බොනවාද කියලා මන් ඉතින් ඇබරිලා කියුවා ඔන්නැ තමුසේ බොනවා කියලා, මන් බයික් එක යද්දි ගන්නම් කියලා, දැන් යාළුවෝ මට හෙන සැලකිලි බයිට් දෙනවා සැන්ඩි දෙනවා, ටිකක් වෙලා උන්ගේ තව යාළුවෝ දෙන්නෙක් ආවා එකෙක් බියර් විතරක් බොන එකෙක් එයින් එකෙක් උට බියර් ගන්න ගමන් අයියාගේ යාළුවෙක් සාමන්්යෙන් එතන ඔක්කොම හැන්ඩ්ල් කරන ඩයල් එක වගේ ඇහුවා මලයටත් බියර් එකක් ගෙන්නද කියලා, මන් මොනවත් කියුවේනැහැ අයියාම හා කියලා මට දුන්නා, මාත් ඉතින් උන්ගේ කාතා ටික අහ අහ බියර් එක ගහන ගමන් උන්ගේ කතාවලට ටිකටික ජොයින් උනා(ඕකොම වගේ ක්‍රිකට් පිස්සෝ හුගක් උන් එදවස් වලම ක්ලබ් ගහන උන්) මාත් ඉතින් උන්ට කතාවට සෙට් උන නිසා ෆිට් උනා උන් එක්ක, ඔහොම කියව කියව ඉද්දි බියර් එකත් ඉවර උනා, යාලුවෙක් තව බියර් එකක් මට කියලා ඔඩර් කරද්දි අයියා කියුවා ඔන නැහැ කියලා පොර බොන්න කියලා දාගෙන හිටිය ෂොට් එක දුන්නා, ඔහොම තමා මුලින්ම බියුවේ, ටිකකින් තව ෂොට් එකක් දුන්නා, ඊට පස්සේ අයියා කියුවා දැන් ඇති කියලා මට:frown:, ඉතින් මම උගුඩුවා වගේ බලන් හිටියා එතන ඉදන්, එතකොටත් මට කන්දෙක රත් වෙන ගානට වැදිලා හිටියේ:(......ගෙදර ඇවිත් දඩ බඩ ගාලා නැගෙන පටස් ගාලා බුදිය ගත්තා;)....
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මම නම් ඉන්නතැන අමතක වෙන ගානට නම් බීලා නෑ බන්,ඒ උනත් එකොලහ වසරෙදි බුලත්විටක් කාල වැදුන ට හි*** න්න...එදා තමයි තේරනය කලේ ආපහු නම් මත් වෙන්න තරම් බොන්න නෑ කියලා මොකුත් :lol:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    පලවෙනි වතාවට බිව්වේ කොල්ලෝ සෙට් එකක් එක්ක ට්‍රිප් එකක් ගිහින් :D ,අතිවිශේෂ තමා ගැහුවේ වැට 69ත් තිබ්බ.මාත් පෙරේත කමට බීලා vat 69 එකෙනුත් පොඩ්ඩක් ගැහුවා ;).අම්මේ ඉතින් දන්නේවනේ කවලන් ගැහුවම.ඊටත් එහා Vat69 එක වැඩෙන්නේ තැපෑලෙන් නේ පැය බාගයක් යද්දී යකෝ කෙලින් හිටගන්න තියා හහිටගන්න වත් බැරි වුනා :dull: .හම්මේ සැප ඉතින් :rofl: .කබ්බා පාරක් දාල පැය 2,3 ක් යද්දී ඉතින් shape :P .එත් ඉතින් එක නම් අමුතුම Experience එකක් වුනා
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මුලින්ම බීවේ අපේ යාළුවෙක්ගේ අක්කගේ වෙඩින් එකකට ගිහින්. ඒ දවස වෙනකන් මම බියර් එකක්වත් බීවේ නෑ. ඒත් අපේ කොල්ලො සෙට් එකම එදා බීවා. මම උන් එක්ක එක ටේබල් එකේ වාඩි වෙලා බයිට් කකා හිටියා. උන් බීවේ බියර්. ටිකක් වෙලා යනකොට එතන්ට අයියා කෙනෙක් බකාඩි බෝතලයක් ගෙනත් දුන්නා. අපේ උන් ටික ටික ග්ලාස් වලට දාගත්තට බීවේ නෑ.. පස්සේ මට නිකමට වගේ හිතුනා තොල ගාලා බලන්න. තොල ගෑවා තමා ග්ලාස් එකෙන් බාගයක්ම බීලා. කොහොම හරි ග්ලාස් දෙකකට වඩ බීවේ නෑ. හැබැයි එදා නැටුවා මයිකල් ජැක්සන් පරාදයි....... අපේ නංගිත් හිටියා වෙඩිමේ නංගිටනම් ටිකක් මීටර් උනා... ගොත ගැහුන නිසා....
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,531
    16,366
    113
    යාලුවෝ සෙට් එකක් විස්කි පෙව්වා බන්. :dull: ඊට පස්සේ බිව්වේ විස්කි විතරයි. :baffled:
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    මුලින්ම අනේ මන්දා බන් :eek::eek: තොපේ මේවා කියෝලා හීනියට දැන් එකක් තිබ්බනම් හොදයි හොදයි වගේ..!:(:(
    මේ ටිකේ ඉතින් V & A එකම තමයි.!
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අන්තිමට බිව්වෙ මීට මාස 3කට විතර කලින් යාලුවෙක්ගෙ ගෙදර මූ මොකද්ද මන්ද විස්කියක් උස්සන් ආව ගහනව ගහනව වදින්නෙත් නෑ අමුවෙන්ම ගැහුව බෝතලේ පස්සෙ වදින්නැති නිසා මූ මට ජොයින්ට් එකකුත් ඔතල දුන්න ඒකත් ගැහුව ඒත් කිසි හාවක් හූවක් නෑ. පස්සෙ ගෙදර හිටපු සුද්ද කිව්ව ඌ ගාව භාන්ඩයක් තියෙනව ගසනවද කියල උගේ රටේ හදන එකක් ඔහොමයි කියල ඉතින් ඒකත් ගනින් කියල ගත්ත.ඌ පොඩි ශොට් 3ක් දාල දුන්න අපි 3න් දෙනාට අනික් උන් දෙන්නම බොන්න බෑ දැන් වැඩී කියල කිව්ව නිසා උන් දෙන්නගෙ ශොට් දෙකත් මමම ගැහුව අම්මටසිරි ඒ වෙලාවෙ තම බෙල් එක වදින්න ගත්තෙ. වැදුන ආයෙ කර්පට් වෙන්නම එදා තරන් වැදිල නෑ කවදාවත් ජීවිතේ.
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මුලින්ම ගැහුවේ ගෙදරදී තමයි ..10 වසරේදී ...ගෙදර තිබ්බා පොඩි පින්කමක් ..වැඩ කරන උන්ට අපේ මාමා කාරයා අපේ තාත්තටත් හොරෙන් අරක්කු අරන් දීලා ...වැඩ වලට හෙල්ප් එක දුන්න එක අයියා කෙනෙක් මගෙත් එක්ක මාර ෆිට් ..ඕකා තමයි මට ෂොට් එකක් දාන්න කතා කලේ ...ඒත් බයයි ...ගෙදරනේ ..කොහොම හරි ගොඩක් මත් වෙයි කියල බයටම මම කිවුවා බියර් එකක් බොන්නම් කියලා ..බියර් බෝතලෙන් බාගයක්ම බිවුවත් මට ගානක්වත් නැහැ ...බ්යර් නම් තිබ්බේ LION ස්ට්‍රොන්ග් ද කොහෙද...දැන් ඉතින් බය නැතුව අරක්කු ෂොට් එකකුත් දැම්ම ...තිබ්බේ VSOA අරක්කු ..ඒත් මට ගානක්වත් නැහැ පස්සේ ෂොට් 3-4 ම දැම්මා ..සිගරට් ත් බිඋවා ..එවලේ කිසිම අවුලක් තිබ්බේ නැහැ ..පස්සේ මම ආවා ගෙදර ඉස්සරහ පැත්තට ..නෑදෑයෝ අරුන් මුන් ඔක්කොම ඉන්නවා ඇවිත් .. ගියා කෑම කන්න ..බඩ පිරෙන්නම් කැවා..ආයේ ගේ ඉස්සරහ සෙනග ඉන්න පැත්තට ආවා ..ටික වෙලාවක් යනකොට තේරුණා කෙලින් හිටන් ඉන්න අමාරුයි වගේ ..ඉස්සරහා ඉන්න මිනිසුන්වත් පේන්නේ එක දෙක වෙලා වගේ ..ගිහින් වා ඩි වුණා පුටුවක ..වැඩි වෙලාවක් ඉන්න හම්බ උනේ නැහැ බඩ දගලනවා වගේ...බාත්රූම් එකට අමරුවෙන්ම ආවා ..කාපුවා ඔක්කොම වමනේ කලා ..අමරුවෙන්ම කාමරේට ඇවිත් ඇදේ හාන්සි උන...ඇහැරුනේ මහා රෑ 2ට විතර ...පිංකම තිබ්බේ දවල් ...හැබැයි ඉතින් පස්සේ දවසේ මගේ රෙදි නැහැ ..අපේ තාත්තාට වැඩේ මාට්ටු ..ඕක තමයි first experience එක ..හැබැයි එදායින් පස්සේ බිඋවේම නැහැ ..ඉදල හිටලා පර්ටියකට ගියොත් විතරක් ෂොට් එකක් දානවා ..එචරයි :dull::dull::dull: