ජරා වැඩ මේවා. මොනවා වුනත් පව් ඒ මනුස්සයා. සමහරවිට සමාජෙ troll වෙයි දැන්. හරි නම් මේක වීඩියෝ කරපු කෙනයි මේ nurseලා ටිකටයි විරුද්ධව පියවරක් ගන්න ඕනි. කාටවත් මෙහෙම වෙන කෙනෙක්ගේ මේ වගේ videos දාන්න බෑ අපහාසය වෙන්න.මෙතන ඉන්න කාටවත් ඒ කෙනා වරදක් කරලා නෑ නේ අනික. Nurseලා දිව්රුම් දෙන්නේ මේවාට නෙවෙයි නේ. දැන් මේකේ පොර ටෝක් දෙන අයට කියන්නේ ගෑණු පිරිමි කියන එකෙන් ඉමෝෂන් වල level මනින කෙනෙක් වෙන්න එපා. එහෙම මනිනවා නම් upside down කරගන්න ඔයාලගේ parameters. මොකද කාන්තාවකට දරා ගන්න පුළුවන් වේදනාව පිරිමියෙක්ට දරා අමාරුයි වගේ කතාවක් තමයි මම නම් දන්නේ. ඔය ලොරි ටෝක් දෙන සමහර අය මොකක් හරි වුණාම මේ වගේම තමයි හැසිරෙන්නේ. මේ වගේ ඒව දාලා නිකන් පොරවල්ලා වෙන්න හදන එක තමන්ගේ තියෙන ලොකු අවුලක් කියන එක පුළුවන් නම් තේරුම් ගන්න බලන්න.
තමන්ට මේ වගේ දෙයක් වුණා නම් ඔයාගේ video එකක් මෙහෙම viral වුණා නම් තත්වේ හිතා ගන්න. කවුරුත් superman ලා නෙවෙයි වේදනාව නොදැනී ඉන්න
P.s - මේ වීඩියෝ එකේ ඉන්න කෙනාගේ අවසරය /කැමැත්ත ඇතුව මේක දාලා තියෙනවා නම් හරි. අදාල කෙනාට ඒක ප්රශ්නයක්, මානසික වදයක් වෙලා නැත්තන් අවුලක් කියන්න බෑ හැබැයි.