මෙන්න ඇමරිකාවෙ ණය
මේක ඊ මේල් එකකින් ආවෙ. පහු ගිය ටිකේ නෙට් එකෙත් ගොඩක් මේ රූප ටික තියෙනව දැක්ක. දැකල නැති අයට දැක ගන්න ඔන්න මම දැම්ම. මේකට නිමිත්ත තමයි ඇමෙරිකාවෙ නිස්සදාතන වගකීම් ( සිංහලෙන් කිව්වොත් unfunded liabilities ) වල අගය ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියන 114.5 ක් කියල කියනව. මේ ඒ ගාන කොච්චරද කියල පෙන්වන රූප පෙළක්.
ඩොලර් 100නෝට්ටුව. ලෝකයේ වැඩියෙන්ම හොරට අච්චු ගහනමුදල් නෝට්ටුව.
ඩොලර් 10,000. ඇමරිකාවෙදි පාවිච්චි කරපු වාහනයක් ගන්න පුළුවන් ගානක්.
මේ තියෙන්නෙ ඩොලර් මිලියන 100 ක සයිස් එක ඩොලර් 100 නෝට්ටු වලින්. මිලිටරි ස්ටෑන්ඩර්ඩ් පැලට් එකක් සයිස්.
මේ තියෙන්නෙ ඩොලර් බිලියනයක්! කොහොමද දැන් මිලියනේ පේන හැටි?
මෙන්න ඩොලර් ට්‍රිලියනේ! ට්‍රක් ලෝඩ් කීයක්ද? ඊ මේල් එකේ තිබ්බ විදිහට ජේසුස් වහන්සේ ඉපදුන දවසේ ඉඳන් මේ වෙනකන් දවස ගානේ ඩොලර් මිලියනයක් වියදන් කලත්, තාම ට්‍රිලියනයක් නෑ. එහෙනං වියදන් වෙලා තියෙන්නෙ බිලියන 700 යි. ආර්ථික අර්බුදය කාලේ ඇමරිකාවේ බැංකු ගොඩ ගන්න හරියටම රජයෙන් වියදන් කරපු මුදල!
කලින් පින්තුරෙන් සයිස් එක හිතාගන්න අමාරු උනානං මෙන්න උදව්වක්. මෙහා පැත්තෙ තියෙන්නෙ ඇමරිකන් ෆුට් බෝල් පිට්ටනියක්. එහා පැත්තෙ තියෙන්නෙ යුරෝපිය පාපන්දු පිට්ටනියක් . එක උඩ නවත්තල තියන්නෙ boeing 747 එකක්.
මේ තියෙන්නේ ඩොලර් ට්‍රිලියන 15 ක්! මේක තමයි ඇමරිකාව 2011 අවසානය වෙද්දි ණය වෙන මුදල. මේක මුළු ලෝකයේම දළ ජාතික නිෂ්පාදනයෙන් 20% හා සමානයි!
මේ තියෙන්නේ තමන් ගත්තු ණය, සෞඛ්‍ය පහසුකම්, විශ්‍රාමික පහසුකම්, යුධ වියදම් ආදී සියල්ලේම එකතුව වන ඩොලර් ට්‍රිලියන 114.5, ඩොලර් 100 නෝට්ටු වලින් ගොඩ ගැහුවොත් කලින් ලෝකයේ උසම ගොඩනැගිලි වෙලා තිබ්බ Empire State සහ WTC වලට සාපේක්ෂව ඒකෙ උස. මේ සල්ලි කුලුනේ පාදම කලින් පින්තුර වලට වඩා කුඩයි. පාදම ට්‍රිලියන බාගයක් තමයි සංකේතවත් කරන්නෙ. එහෙම කරල තියෙන්නේ අර ලෝක වෙළඳ මධ්‍යස්ථානේ පාදමේ වර්ගඵලයට සමාන වෙන්න.
මට ආපු ප්‍රශ්නේ මේකයි. ඇමෙරිකාවට මෙහෙම නං, නිකන් බෙහෙත් දීල, නිකන් උගන්නල, නිකන් උපාධි දීල, නිකන් ඉන්න රස්සා දීල, විශ්‍රාම ගියාම නිකන් ගෙදර ඉන්න විශ්‍රාම වැටුපකුත් ගෙවන ලංකාවෙ නිස්සදාතන වගකීම් මෙහෙම ගොඩ ගැහුවොත් කොහොමට හිටීද කියල. එච්චර උස වෙන එකක් නෑ මයේ හිතේ. මොකෝ අපිට නං 5000 කොලත් තියෙනවනෙ.

Last edited: