මෙන්න බලන්න මහත්තයෝ - (02)

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මෙන්න බලන්න මහත්තයෝ - (02)

    මගෙන් ඔය මහත්තුරුන්ට කරදරයක් බාධාවක් හිරිහැරයක්, මරණ තර්ජනයක් එහෙම උනානම් සමාවෙන්න... ඉතින් මහත්තයෝ මම අද මේ විදිහට ආවට මමත් හොඳ ගමේ කො..........
    හෝව් හෝව් හෝව්..!



    මේ පාර ඕනෑවට වැඩිය කියවන්න ගිහින් නෝනල මහත්තුරුන්ට ඇනයක් වෙන්නෙ නැතුව කෙලින්ම විස්තර ටික කියාගෙන කියාගෙන යන්නම්....

    ඔන්න එහෙනම් මහත්තයෝ, අදත් මම මේ පැත්තට ගොඩ උනා 20 ට අරං නිකන් දීපු හරි පුදුම විස්තර වල ඉතිරි ටිකත් දීල යන්න කියල....

    නිතර මේ පැත්තෙ යන එන නෝනල මහත්තුරුන්ට නම් මාව ටිකක් ලාවට වගේ මතකත් ඇති....:P

    අපෝ තෝ අදත් උදේ පාන්දර ආවද මළවදේ කියල බැනල යන්නෙ නැතුව, ඔය මහත්තුරුන්ගෙ වටිනා කාලයෙන් ටිකක් අරගෙන කියවල යන්නකෝ එහෙනම්....:lol:

    කලින් විස්තර නොදැකපු මහත්තුරු ඉන්නවනං මේ පාර දිගේ ගියාම ඒ ටිකත් බලාගන්න පුලුවන්...:)

    http://www.elakiri.com/forum/showthread.php?t=1701047

    එහෙනම් මහත්තයෝ හා හපුරා කියල අදත් මේ විදිහට දිග ඇරගෙන යන්ට අවසරයි...

    එහෙනම් මෙන්න බලන්න මහත්තයෝ...


    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -

    {31}
    සීබ්‍රා යනු සුදු හමක් සහිත කලු ඉරි වලින් වර්ණවත් වූ සතෙකි...
    (ඕක ඉතින් කියන්නත් දෙයක්යැ නේද මහත්තයෝ....)
    Funny-Zebra-3.jpg



    {32}
    තම සිරුර හා සසඳන කල ලොව ලොකුම මොළය ඇත්තේ කූඹියාටයි...
    about_ant.jpg



    {33}
    ජිරාෆයාට කහින්න බෑලු
    funny-giraffe-picture-singing-445x299.jpg




    {34}
    මෝරාට කිසිදින පිළිකා නොවැළඳේ..
    (මම දන්න විදිහටනම් මහත්තයෝ පිළිකා නසන ඖෂධත් වලට මෝරව යූස් කරනවද කොහෙද..?:eek:)
    Shark.jpg




    {35}
    තත්පර 3ක් ඇතුළත පැයට කි.මී. 0 සිට 70 දක්වා වේගය වැඩි කරන්නට චීටාට පුලුවන්ලු...
    (ඇයි මහත්තයෝ, ඉස්කෝලෙ යන කාලෙ ඉංග්‍රීසි පීරියඩ් එකේ ක්‍රිකට් ගහද්දි පිනා පිට්ටනියට කඩා පාත් උනාම අපි පන්තියට දුවං එද්දිත් 100 පනිනවානේ...:rofl:)
    latest




    {36}
    වැඩුණු අලියකු දිනකට නිදා ගන්නේ පැය 2 පමණි...
    739747879_743950.jpg




    {37}
    පොකිරිස්ස්සාගේ (Lobster) රුධියර නිල් පාටයිලු...
    (අපේ අයගෙනම් එක එක පාටයිනෙ මහත්තයෝ...කැපුවත් නිල්, කොල, රතු, ඉන්ඩිගෝ...:lol:)
    cooked-lobster1.jpg




    {38}
    මෝරාගේ දත් වානේ මෙන් හයිය වේ...
    (මෝර කෑල්ලට ලේසියෙන් දත් ගලවන්න බෑ:lol:)
    shark-teeth-flouride-120725-675707-.jpg





    {39}
    මදුරුවාට දත් 47ක් ඇත්...
    (වෙලාවට මූ අපිට අනින්න දත් පාවිච්චි කරන්නෙ නැත්තේ...:P)
    mosquito-illustration_360x286.jpg





    {40}
    මිනිස් සිරුරේ 90%ක්ම සකස් වී ඇත්තේ ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන් සහ නයිට්‍රජන් වලිනි...
    Female-human-organ-anatomy.jpg





    {41}
    කැරපොත්තාට උගේ හිස නැතිව සතියක් පමණ ජීවත් විය හැක..
    (ඇයි මහත්තයෝ.. අර පාර්ලිමේන්තුවේ කස්ටිය ජීවිත කාලෙම ඉන්නෙ ඔලුව නැතුවනේ...:lol:)

     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    {42}
    වැඩුණු මිනිසෙකු දිනකට ඛේටය ගැලුමෙන් 1/4ක් පමණ නිපදවන අතර එය වසකරකට ගැලුම් 10000ක් පමණ වේ...
    spit-clipart-k14869776.jpg





    {43}
    කෘමීන් නිදා නොගනී..
    insect%20pictures_AutoCollage_10_four.jpg






    {44}
    නිරෝගී නිය පොත්තක් වසරකට සෙ.මී. 2ක් පමණ වැඩෙන අතර කකුලේ නිය පොත්තකට වඩා හතර ගුණයක වේගයෙන් අත්වල නියපොතු වැවේ....
    3694625d-ea9e-489b-aa96-0e798dbca5f1.png





    {45}
    හොඳින් වැඩුණු මිනිසකුගේ හිසේ කෙස් ගස් 100000ක් පමණ තිබෙන අතර, එක් කෙස් ගසක් වසරකට අඟල් 5ක් පමණ දිගට වැඩේ..
    (කොහොම මැන්නද මන්ද මහත්තයෝ...:eek:)
    Castor-oil-for-hair-growth.jpg





    {46}
    අපේ සිරුර තුළ ඇති ලේ නාල වල දිග කි.මී. 97000ක් පමණ වේ...
    (මේකනම් සුවර් නෑ මහත්තයෝ...:baffled:)
    Circulatory.PNG





    {47}
    වැඩුණු කාන්තාවක් දිනකට වචන 7,000ක් පමණද, වැඩුණු පිරිමියෙකු දිනකට වචන 3500ක් පමණද කතා කරයි...
    (මේකනම් පට්ට සුවර් මහත්තයෝ.. අම්මපා... ඔක්කොම වැරදුනත් මේකනම් හරි...:rofl:)
    woman-shouting-in-mans-ear.jpg




    {48}
    වැඩුණු මිනිසකුගේ හිසින් දිනකට කෙස් ගස් 40 - 100 අතර ප්‍රමාණයක් හලෙනවලු

    Hair.jpg





    {49}
    මිනිසකු යවන කිවිසුමක වේගය පැයට සැතපුම 100ක් පමණ වේ..
    (මේකනම් ඇත්ත වෙන්න ඇති මහත්තයෝ. මම එකක් යවපු සද්දෙට අපේ අම්මගේ අතේ තිබුණ වතුර කෝප්පෙත් අත ඇරුන එක දවසක්..:lol:)
    eyes-shut-when-sneezing.jpg




    {50}
    වැඩුණු මිනිසකු තම ජීවිත කාලය තුළ වතුර ගැලුම් 16000ක් පමණ පානය කරයි..
    fitnesswater.jpg





    {51}
    මිනිස් සිරුරේ ඇති ශක්තිමත්ම මාංශ පේෂිය දිවය
    TONGUE_72.jpg


     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    {52}
    මිනිසකු විනාඩියකට 25 වාරයක් පමණ ඇසිපිය හෙලයි...
    c7df4caa6801f4ed52b4468e8b870151.jpg




    {53}
    මිනිසකුගේ අක්මාව මිනිස් සිරුරේ කාර්යයන් 500ක් පමණ ඉටු කරනු ලබයි
    (අපේ අයගෙනම් මේක ගන්න දෙයක් නැතුව ඇති..:P)
    liver.jpg




    {54}
    වැඩුණු මිනිසකු තම ජීවිත කාලයෙන් 1/3ක් පමණ නිදා ගැනීමට වැය කරයි...
    I-am-a-hot-dancer-trapped-in-this-figure.jpg





    {55}
    වැඩුණු මිනිසකු දිනකට 15 වතාවක් පමණ හිනා වෙනවලු
    funny-laugh-39870507027.jpeg






    {56}
    මිනිසකුගේ හදවත දිනකට 100000 පමණ වාර ගණනක් ගැහෙනවලු
    human_heart.jpg






    {57}
    සුනඛයෙකුගේ ආඝ්‍රාණ ශක්තිය (ගඳ සුවඳ දැනීම ) මිනිසකුගේ මෙන් 1000ක් ගුණයක් වැඩිලු
    dog-nose2.jpg






    {58}
    මෝරෙකුට දත් 4000ක් පමණ තිබුණත් ඒවා මී.මී. 3 කට වඩා දිග නැතිලු...
    (පේන්න තියෙන ලොකු දත් ගැන නෙමෙයි වෙන්න ඇති ඔය කියන්නේ....)
    jaw2.jpg






    {59}
    මදුරුවා නිල් පාටට වඩාත් ආකර්ෂණය වේ...
    (අම්මපා ඒක තමයි මහත්තයෝ, මම නෙට් එක දැම්මාම අල්ලපු ගෙවල් වල මදුරුවොත් දුවං ඇවිත් මගේ නෙට් එක අස්සෙ රිංග ගන්නව ඇත්තේ...:frown:)
    mosquito-girl-2.jpg






    {60}
    කූනිස්සාගේ හදවත ඇත්තේ උගේ ඔලුවෙලු...
    (කූනිස්සට කඩ්ඩෙන් කියන්නෙ මොකද්ද මහත්තයෝ..
    සිංහලෙන් ගැහැව්වාම එන්නෙ උයපු උන් විතරයි කියහංකො...:rofl:)
    chef-duminda-used-small-prawns-srilankan-name-kunisso-in-his-healthy-cooking-recipe-as-a-ingredient-showfood-recipes-290x290.jpg




    එහෙනම් මහත්තයෝ අදට මේ ඇති වගේ...:dull:

    කලින් ත්‍රෙඩ් එකට ආව මහත්තුරුන්ට මේ වතාවේ රෙප් දෙන්න බැරි වෙයි.. ඒ ගැන කිසිම අමනාපයක් නෑ...:) එහෙනම් ඉතින් ගිය පාර වගේ හොඳයි වටියි සාධාරණයි කියල හිතෙනවනම් නිකම්ම අහක බලන් යන්නෙ නැතුව, බොරුවට නිදි වගේ ඉන්නෙත් නැතුව කතා කරල කමෙන්ට් එකක් දාල, අවශ්‍ය කෙනෙකුට බලන්න අකුරු තුනේ බම්ප් එකක් හරි දාල යන්න...

    ආහ් තව දෙයක් තියෙනව මහත්තයෝ..
    ලාභ බඩුවෙ හිලක් තියෙනව කියනවනේ.. ඉතින් මේ විස්තර වලත් අඩු පාඩු වැරදි එහෙම ගොඩක් තියෙයි... එහෙම උනා කියල කෑ ගහන්නෙ නැතුව වැරැද්ද නිවැරදි කරල දෙන්න පුලුවනම් ගොඩක් වටිනව මහත්තයෝ...

    එහෙනම් මහත්තුරු දන්න කරුණු වගේම නොදන්න කරුණුත් මෙතන තියෙයි කියල හිතලයි දෙවෙනි කොටසත් වෙලාව ලැබුණ ගමන් මෙතන දැම්මේ...
    මහත්තුරුන්ට වැදගත් උනේ නැතත් කමක් නෑ, කියවල බලල ළමයෙකුට හරි දීපං මහත්තයෝ...:lol:



    එහෙනම් හැමෝටම සුබ දවසක්...!
     
    Last edited:
    • Like
    Reactions: hacker T

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එල එල +1. ඔය ගමන්ම කඩල ටොපි මුරුක්කු ටිකක් තිබහට කුල් වතුර බෝතලයක් එහෙම ගෙනාවනන් විකුණගන්න තිබ්බ උඩ පල්ලෙහා යන අයට :lol::lol::lol:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :cool::cool:

    patta +rep:)

    :D:D:cool::cool:

    එල එල +1. ඔය ගමන්ම කඩල ටොපි මුරුක්කු ටිකක් තිබහට කුල් වතුර බෝතලයක් එහෙම ගෙනාවනන් විකුණගන්න තිබ්බ උඩ පල්ලෙහා යන අයට :lol::lol::lol:

    බෑ බං.. එතකොට අනිත් උන්ගෙ බිස්නස් කැඩුනා කියලා මට මේ පැත්ත පළාතෙ එන්න දෙන එකක් නැති වෙයි..:lol: මේ විදිහ හොඳයි...:rofl:

     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපෝ තෝ අදත් උදේ පාන්දර ආවද මළවදේ...:angry::angry::P

    Issella thread eka wagema bohoma watina thread ekak..bedagaththata sthuthuyi..:D