මෙහෙම වෙන්නෙ මට විතරද??

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අනේ මන්දා බන් මට නම් ෆෝන් ගැන , කාර් ගැන ...... ඔහොම හිතෙන්නේ නැහැ
    ටර්ගේට් එකක් තියනවා මේක ගන්නවා කියලා ,
    හැබයි ඔය කියන බඩු මම ගන්නේ මගේ අවශ්‍යතාවේ මත , අරයා ගාව තියනවා මෙය ගාව තියනවා කියල දකින දකින එක ගන්නේ යන්නේ නැහැ , සල්ලි වල නම් අනාගත ආරක්ෂාව හිතලා පුළුවන් තරම් ආයෝජනයක් ඉතිරියක් කරන්න යන්නේ ඒ පැත්තෙන් මම ගොඩ

    හැබැයි කෙල්ලෝ ගැන නම් හිතාගන්න බැහැ ,
    කියන තරම් කෙල්ලෝ මට සෙට් වෙලා නැහැ හැබැයි ,
    ජිවිත කාලෙම මෙයා එක්ක ඉන්නවා කියලා ෆීල් එකක් මට එකියෙක් ගැන වත් දැනිලා නැහැ,
    ලස්සන පස්සේ යන්නේ නැහැ හැබැයි මට හැමතිස්සෙම හිතෙන්නේ මෙඅට වඩා හොද කෙනක් සෙට් වේද. අරක ද මේකද ප්‍රෂ්න ගොඩයි , මම %100ක් අවංක නැති නිසා ද නැත්නම් මගේ සෝල් මෙට් ලැබිලා නැති නිසා ද දන්නේ නැහැ අර කියන ජිවිත කාලෙම ඉන්නවා කියන ආසාව ආරක්ෂාව එකියෙක් ගෙන් වත් ලැබිලා නැහැ

    ඒ පැත්තෙන් මම අවසනවන්තද දන්නේ නැහැ
    :(:(
     

    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    1.මෙහෙම වෙන්නෙ මට විතරද උබලටත් මෙහෙම හිතෙනවද ඒක නෝමල්ද?
    නෝමල් මල්ලි. ඕක මනුශ්‍ය ස්වාභාවය. එක එක්කෙනාට අඩු වැඩි වශයෙන් ඕක තියනවා.
    කෙල්ලෝ සම්බන්ධයෙන් නම් මට ඔහොම හිතිලා නෑ. මොකද මම ගොඩක් ඉස්සර ඉදලා IT සහ වාහන සම්බන්ධව පිස්සෙක්. ඒ නිසා ඉස්සල්ලම හිත ගිය කෙල්ල අව්රුදු ගානක් ලව් කරලා බැදගත්තා. ඒ ගැන සතුටක් මිස පසුතැවීමක් නෑ. ඇදුම් වලටත් ඔහොම හිතෙන්නෙ නෑ. මොක මට ඇදුම් නම් විශේෂම නෑ. එකම උනත් අදින්න පුලුවන් පිරිසිදුව තියනව නම්‍. හැබැයි PC, Phones සහ වාහන සම්බන්ධව නම් ඔහොම හිතෙන අව්ල තිබිලා තියනවා. හැබැයි වයසත් එක්ක ඒක පාළනය උනා. (දැන් 35 යි)…………………



    නියමයි ටොම් අයියා….. රස පදමට ලියලා තියනවා. (… තිබ්බේ දිග අඩු කරන්න අදහස ලිව්වේ මුලු කතාවටම.)
     
    • Like
    Reactions: Mr.Tom

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    1.මෙහෙම වෙන්නෙ මට විතරද උබලටත් මෙහෙම හිතෙනවද ඒක නෝමල්ද?
    නෝමල් මල්ලි. ඕක මනුශ්‍ය ස්වාභාවය. එක එක්කෙනාට අඩු වැඩි වශයෙන් ඕක තියනවා.
    කෙල්ලෝ සම්බන්ධයෙන් නම් මට ඔහොම හිතිලා නෑ. මොකද මම ගොඩක් ඉස්සර ඉදලා IT සහ වාහන සම්බන්ධව පිස්සෙක්. ඒ නිසා ඉස්සල්ලම හිත ගිය කෙල්ල අව්රුදු ගානක් ලව් කරලා බැදගත්තා. ඒ ගැන සතුටක් මිස පසුතැවීමක් නෑ. ඇදුම් වලටත් ඔහොම හිතෙන්නෙ නෑ. මොක මට ඇදුම් නම් විශේෂම නෑ. එකම උනත් අදින්න පුලුවන් පිරිසිදුව තියනව නම්‍. හැබැයි PC, Phones සහ වාහන සම්බන්ධව නම් ඔහොම හිතෙන අව්ල තිබිලා තියනවා. හැබැයි වයසත් එක්ක ඒක පාළනය උනා. (දැන් 35 යි)

    2.උබලා හිතන විදිහට මම කුහකයෙක්ද??ආත්මාර්ථකාමියෙක්ද?? සැබෑ ආදරේ කියන එක අදුනන්නැතුව කෙල්ලොන්ගෙ ලස්සන පස්සෙ විතරක් දුවන හුජ්ජ කොල්ලෙක්ද?

    සැබෑ ආදරය නම් අදුර ගන්න ඕනේ තමයි කොල්ලෝ. මොකද කාර්, ඇදුම් වගේ ගන්න පුලුවන් දෙයක් නෙවෙයි ආදරය. අවංකවම ඇතිවිය යුත්තක්. ඒක ඇති කරගන්න උත්සාහ කරන්න. හොදට තමන්ව තේරෙන තමන්ට ආදරය කරන කෙල්ලව අදුර ගන්න. පුහු සෝබන වැඩක් නෑ පොලවේ පය ගහලා උඹත් එක්ක ඉන්න පුළුවන් කෙල්ලෙක්ව හොයාගන්න. හිතට එහෙ මෙහෙ දුවන්න දෙන්න එපා. ඒ කෙල්ලගේ හොද ගතිගුන අදුරගන ඒවා මෙනෙහි කරන්න.

    3.උබලා බැදලා නං මම මෙයාවමයි බදින්නෙ මෙයා තමයි මගෙ soul mate කියලා තීරණය කරේ කොහොමද??
    මට නම් මුලින්ම දැක්කම කැමැත්තක් ඇති උනා. ඊට පස්සේ කතා බහ කරා, අදහස් ගැලපෙන බව දැනුනා. කෙල්ල කරුණාවන්ත හොද කෙනෙක් බව දැනුනා. ඒ වගේම මගෙත් එක්ක කට්ටක් උනත් කන්න පුලුවන් කියන හැගීම ආශ්‍රය කරන මුල් කාලෙයේම මට දැනුනා. ඉතින් මම තීරණය කරා මෙයාව තමයි බදින්නේ කියලා. සමහර විට මම හොයපු ඒ ගැලපීම් නැත්තන් තාමත් මම නොබැද ඉන්නත් ඉඩ තිබුනා.

    4.බැන්දට පස්සෙ ඊටවඩා හොද අය හම්බෙලා අපරාදෙ ඉක්මන් උනේ එයාට වඩා මෙයා තමා මට හැම අතින්ම ගැලපෙන්නෙ කියලා එක විනාඩියකට හරි හිතිලා පසුතැවිලා තියනවද??
    නෑ. මොකද මම අරයගේ අදුරගත්ත ගතිගුණ ටික මට තවත් කෙනෙකුගෙන් අදුරගන්න බෑ. අනිත් කාරණය බැදපු කෙනා මේ වෙනකල් මම වෙනුවෙන් කරලා තියන දේවල් තවත් කෙනෙකුට කරන්න බෑ. කොටින්ම මෙයා අම්මා වගේ මා ගැන බලනවා. උඹ යාලුවෙක් වගේ හැම ප්‍රශ්නෙකදිම ලගින් ඉන්නවා. හැබැයි ඉතිං මේ ජාතියේ බිරිදක් නොලැබුනානම් මිනිහෙකුට අර වගේ හිතෙන්න පුළුවන්.

    5.මේ කාරණාව සම්බන්ධව දිය හැකි වෙනත් උපදෙස්
    එච්චරම ආසාවල් පස්සෙම යන්න එපා මල්ලි. කෙල්ලෙක් තෝරගනිද්දි ඒකිගේ මනුස්ස ගුණදර්ම වලට විශේෂ තැනක් දෙන්න. රූපෙ විතරක් තිබුනට මදි. මුලින්ම කෙල්ලෙකුට හිත යන්නේ ඒ රූපෙ තමන්ට ලස්සන නිසානේ. ඊට පස්සේ ඒ කෙල්ලගේ මනුස්ස ගුණදර්ම හොදින් තියනවද කියලා ටිකක් ආශ්‍රය කරලා බලන්න. ලෝකෙට ලස්සන කෙල්ලෙක් නෙවෙයි. තමන්ට ලස්සන, ලගින් ඉන්න කෙල්ලෙක්ව තෝරගන්න.

    තමන් කාර් එක ඇතුලේ යතුර දාලා වැරදිලා දොරවල් ලොක් කරොත් ඒ ගැන කිය කිය අඩ අඩ ඉන්න කෙල්ලෙක් නෙවෙයි ඕනේ. අපි මේ දොර කොහොමහරි අරිමු කියලා කොල්ලත් එක්ක එකතු වෙලා යම්දේකට ඉදිරිපත් වෙන කෙල්ලෙකුයි ඕනේ.

    පස්ස වන වන ඇවිදින, හැමදේටම තොදොල් වෙන, අඩන වැලපෙන කෙල්ලෙක් කෙටිකාලීනව හොදයි වගේ හිතුනට දිගු කාලීනව එකට ඉන්න අමාරු වෙයි. ඒ නිසා ජීවිතේ ගන්න වැදගත්ම තීරණය බදින කෙල්ල තෝරා ගැනීම. ඒක ඍජුව එක හිතින් ගන්න. තමන්ට හරි යන මූලික ලක්ෂණ තියනව නම් අනිත් දේවල් කතා කරලා දෙන්නටම ගැලපෙන ආකාරයට බැලන්ස් කරගන්න පුළුවන්.

    ජීවිතේ කිසිම දෙයක් සර්ව සම්පූරණ ආකාරයෙන් අපට ලැබෙන්නෙ නෑ. අනිත් අයටත් එහෙමයි. දුර ඉදන් බැලුවම පේන්නේ නැති ඕනැම දෙයක් පෙන්නේ ලගට ගියාම තමයි. ඒ නිසා තමන් ලග තියන දේවල් හෑල්ලු කරලා දුර තියන දේවල් ගැන හීන මවන එක පාළනය කරන්න. මොකද ඒ දුර තියන දේවල් ලගට ගියාම ඒවගෙත් විවිධ දෝශ, නොගැලපීම් තියනවා.

    අර වාහන, ෆෝන්, ඇදුම් සම්බන්ධ දේවල් වලට තියන ආසාවල් නම් වයසත් එක්ක අඩු වෙලා යයි. එහෙම නොයන්නත් පුළුවන්. ඒවා ඉතිං පොදු දේවල් කියලා ඒ ආසාවල්වලම තව දුරටත් ඇලෙන්නේ නැතුව ටිකක් හිත පාළනය කර ගැනීමේ කලාවත් පුරුදු වෙන්න ඕනේ.


    :yes::yes:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    Mr UNKNOWN:23113067 said:
    මේකයි මචං කේස් එක මම මලාට ලද දෙයින් සෑහීමකට පත්වෙන එකෙක් නෙවෙයි...ඒ කියන්නෙ මෙහෙම හිතමුකො ඔන්න මට වාහනයක් නෑ මම බස් එකේ යන්නෙ කියලා එතකොට මට පට්ටම ආසයි ඇල්ටෝ එකක් හරි ගන්න තමන්ගෙම වාහනේක ආතල් එකේ යන්න එතකොට පාරෙ ඇල්ටෝ වල යන උන්දිහා කට ඇරගෙන බලාගෙන ඉන්නෙ ඔන්න ඔහොම ඉදලා මම ඇල්ටෝ එකක් ගත්තා කියමුකො ඔන්න අරං මම උපරිම මාසයක් දෙකක් සතුටෙන් ඇල්ටෝ එක පදී ඊටපස්සෙ හිතෙනවා මේකෙනං ඔප්ෂන් මදි නේ?? සැප පහසුවත් අඩුයි AC එහෙමත් මෙලෝ රහක් නෑ අනික ඉන්දියන්නෙ...etc.....ඊටපස්සෙ හිතෙනවා wagonR එකක්වත් ගත්තනං පට්ට ඔප්ෂන් ඔක්කොමත් තියනවා ට්‍රැෆික් එකේ යන්නත් පට්ට අනික ජපන් වාහනේනේ....etc...ඊටපස්සෙ ඇල්ටො එක ඇතුලෙ ඉදන් පාරෙ යන wagonR දිහා කට ඇරගෙන බලාගෙන ඉන්නවා...ඔන්න ඔහොම කාලයක් ගිහිං මම ඇල්ටෝ එක දීලා වැගන්R එකකුත් ගත්තා කියමුකො ඒත් මම ඒකෙනුත් සැටිස් වෙයිද ඒත් නෑ බං උපරිම මාස දෙක තුනක් සතුටෙන් ඒක පදී ඊටපස්සෙ හිතෙනවා වැගන්R එක මෙලෝ රහක් නෑනෙ පිකප් එකත් මදි 650CCනෙ අනික හැටි!! පාන් බාගෙ වගේ....etc ඊටපස්සෙ හිතෙනවා ඇක්වා එකක්වත් ගත්තානං පට්ට 1500CC නෙ ඕන ගමනක් අවුලක් නැතුව ගිහෑකි අනික ලුක් එකත් පට්ටනෙ ඕන තැනකට කැත නැතුව බැස්සුවැහැකි...etc ඔන්න ඊටපස්සෙ wagonR එක ඇතුලෙ ඉදන් පාරෙ යන ඇක්වා දිහා කෙල හල හල බලන් ඉන්නවා ඇක්වා එකක් ගත්තත් මේක ඉවර වෙයිද පිංවතුනි නෑ ඒත් දිගටම මේ ලූප් එක කැරකෙනවා...............දැන් තොපි බලනවා ඇති මොන බයිලාවක්ද මූ මේ කියවන්නෙ කියලා " ඕක තමා යකෝ මනුෂ්‍ය ස්වභාවය / කෙලෙස් තියනකං ඔහොම තමයි බං / දැන් තෝ ඕක කිය කිය මේකෙ අඩෝවැඩියා දාන්නැතුව ගිහිං රහත් වෙයන්කො" වගේ කමෙන්ට් උබලගෙ ඇගිලි අගටම ඇවිල්ලා ඇති...හෝව් !! හෝව්!! මම එහෙම බයිලාවක් අහන්න නෙවෙයි මේක දැම්මෙ වෙන කේස් එකකට මෙහෙමනෙ බං අර උඩ කිව්ව කාර් උදාහරණෙනං මනුෂ්‍ය ස්වභාවය වගේ සීන් එකක් කියලා ශේප් කරලා දැම්ම කියමුකො කොහෙන් හරි සල්ලි හොයාගෙන වාහනත් අවුරුද්දෙන් අවුරුද්දට මරු කරා කියමුකො ඒත් මචං ඒ තියරිය දාල ශේප් කරන්න බැරි සීනුත් තියනවනෙ දැන් තමා මේන් සිනාරියෝ එකට එන්ටර් වෙන්න හදන්නෙ ඒ තමා "කෙල්ලො!!"

    ඒ කියන්නෙ මචං මගෙ අර ලද දෙයින් සෑහීමකට පත්වෙන්නැති සීන් එක කාර්/බයික් වලට විතරක් නෙවෙයි කෙල්ලොන්ටත් බලපෑවා
    මේකෙදී අර "මනුස්ස ස්වභාවය"තියරිය දාල ශේප් කරනවත් අවුරුද්දෙන් අවුරුද්දට කෙල්ලො මාරු කරන්නවත් බෑනෙ බං අන්න ඒකට තමා මට උබලගෙන් උපදෙසක් ඕන

    ඒකියන්නෙ මෙහෙමයි කොච්චර ලස්සන කොච්චර හොද කෙල්ලෙක් දාගත්තත් දාගෙන මාස දෙක තුනක් ආතල් එකේ ඉදී ඊටපස්සෙ මට හිතෙන්නෙ මීට වඩා ලස්සන & හොද කෙල්ලෙක් මට දාගන්න පුලුවන් කියලා දැන් මේක තුන් පාරක් මට උනා ඒ කෙල්ලො තුන් දෙනාම ලස්සන හොද දාගන්න කොල්ලො මැරෙන්න හදන මට්ටමේ කෙල්ලො මම උන් එක්ක යාලු උනේ බොරුවට වත් ආතල් අරං මගදි නවත්තන්න හිතාගෙනවත් නෙවෙයි ඒත් ඒ තුන් පාරම අර උඩකී "මට මීට වඩා හොද ලස්සන කෙල්ලෙක් දාගන්න පුලුවන්"/"ලෝකෙ මීට වඩා ලස්සන හොද කෙල්ලො ඉන්නවා" තියරි ඔටෝ ඇප්ලයි වෙලා මට ඒවා එපාවෙනවා

    වෙන එකක් තියා මචං ශර්ට් එකක් ගන්න ගියත් ටවුන් එකේ ප්‍රසිද්ධම ශොප් තුන හතරටම ගිහිල්ලා ඒ ඔක්කොගෙම තියන ශර්ට් බලලා තමා මම ගන්න ශර්ට් එක තීරණය කරන්නෙත්..ඒකියන්නෙ සමහරවිට මම යන පලවෙනි ශොප් එකෙන්ම ලස්සන පට්ට හිතට අල්ලන ශර්ට් එකක් සාදාරණ ගානකට මට හම්බුනා කියමුකො ඒත් අර ශොප් ඔක්කොගෙම නොබලා ඒක ගත්තොත් හිතට සැටිස් නෑ ඊටවඩා ලස්සන පට්ට ශර්ට් එකක් ඊට වඩා අඩුවට වෙන ශොප් එකක තිබ්බොත් කියලා හිතෙනවා...ශොප් ඔක්කොගෙම බලලා ඊටවඩා ලස්සන පට්ට ශර්ට් එකක් නෑ කියලා පෙනුනොත් ආය පලවෙනි ශොප් එකට ගිහිල්ලා තමා සැටිස් පිට ඒ ශර්ට් එක ගන්නෙ

    ඒත් මචං කෙල්ලොන්ට ඒ තියරිය ඇප්ලයි කරන්නත් බෑනෙ ඒකියන්නෙ පැය 6,7ක් හරි කට්ට කාල ටවුන් එකේ ශොප් ඔක්කොගෙම බලලා ඊටවඩා පට්ට ශර්ට් එකක් නෑ කියලා සැටිස් පිට ඒ ශර්ට් එක ගත්තට මට මේ මුලු ලංකාවේම ඉන්න කෙල්ලො බලන්න බෑනෙ බං ඒක ලොවෙත් ප්‍රැක්ටිකල් නෑනෙ ඒත් කරුමෙ කියන්නෙ එහෙම නොකරොත් හිතට සැටිස් නෑ

    දැන් නං මට මං ගැනම කලකිරිලා ඉන්නෙ බං මොකද කෙල්ලො කියන්නෙත් මිනිස්සුනෙ උන්ටත් හැගීම් දැනීම් තියනවා මට හිතෙනවා මම අර කෙල්ලොන්ට බලාපොරොත්තු දීලා උන්ව රැවැට්ටුවා කියලා සමහර විට මට තව කෙල්ලො 10ක් විතර එක්ක යාලු උනාට පස්සෙ හිතුනොත් දෙවනි කෙල්ල තමා හොදම කියලා බඩුම තමා ඇයි ආය දාගන්න කියලා ඈ .........මට තව ලස්සන හොද කෙල්ලෙක් හොයා ගන්න එකත් අවුලක් නෑ ඒකිව දාගන්න එක අවුලකුත් නෑ ඒත් ඒ කෙල්ලගෙන් සෑහීමකට පත් වෙන්නෙ කොහොමද කියලා මට තේරෙන්නෑ හැබැයි මට තවත් කෙල්ලොන්ගෙ ජීවිත එක්ක සෙල්ලං කරන්නත් බෑ දැන් ඇති කරගත්ත පව්....දැන් මට මේකෙ ඉන්න බැදපු අයියලාගෙන් දැනගන්න ඕන මෙන්න මේ ටික

    1.මෙහෙම වෙන්නෙ මට විතරද උබලටත් මෙහෙම හිතෙනවද ඒක නෝමල්ද?

    2.උබලා හිතන විදිහට මම කුහකයෙක්ද??ආත්මාර්ථකාමියෙක්ද?? සැබෑ ආදරේ කියන එක අදුනන්නැතුව කෙල්ලොන්ගෙ ලස්සන පස්සෙ විතරක් දුවන හුජ්ජ කොල්ලෙක්ද?

    3.උබලා බැදලා නං මම මෙයාවමයි බදින්නෙ මෙයා තමයි මගෙ soul mate කියලා තීරණය කරේ කොහොමද??

    4.බැන්දට පස්සෙ ඊටවඩා හොද අය හම්බෙලා අපරාදෙ ඉක්මන් උනේ එයාට වඩා මෙයා තමා මට හැම අතින්ම ගැලපෙන්නෙ කියලා එක විනාඩියකට හරි හිතිලා පසුතැවිලා තියනවද??

    5.මේ කාරණාව සම්බන්ධව දිය හැකි වෙනත් උපදෙස්


    මටත් ඔහොම තමයි මචෝ අද ලස්සන කොල්ලාට වඩා හෙට ලස්සන එකෙක් හම්බවුනොත් උටයි කැමති ඕක මිනිස්සුන්ගේ හැටියක්
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,842
    31,054
    113
    තමන්ගේ අවශ්‍යතාවය ඉස්සෙල්ලා තේරුම් අරගෙන ඒකට ගැලපෙන දෙයක් කරගෙන ඉන්න පුරුදු වුණානම් හරි. මොකද ගොඩක් අය දේවල් කරන්නේ අනිත් අය කරන නිසා හෝ රැල්ලට.

    :yes:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,842
    31,054
    113
    උඹට විතරක් නෙමේ බහුතරය හිතන්නෙ ඔහොම තමා :yes: මාධ්‍ය වලිං දැන්වීම් වලිං අපේ ඔලුවට දාන්නෙ උඹල සතුටෙන් නැත්තෙ අරක නැති හින්ද මේක නැති හින්ද කියල. පුලුවන් තරම් පරිභෝජනය කරන්නයි උගන්නන්නෙ. ද්‍රව්‍ය ගොඩගගහ ඒ ගොඩෙන් සතුට හොයනව. ඕක ඉතිං වෙනස් කරගන්න ඕනෙ උඹමයි. මිනිස්සු බොරු රේස් එකකට වැටිල අරයට වඩා හොඳ වාහනයක් මං ගන්න ඕනෙ, අරයට වඩා හොඳ ගෙයක් මං හදන්න ඕනෙ බ්ලා බ්ලා බ්ලා. අන්තිමට රේස් එක දුවල ලබපු සතුටකුත් නෑ හැමදාම මට අරක නෑනෙ මේක නෑනෙ කිය කිය දුක් වෙවී මහ කාලකන්නි ජීවිතයක් ගත කරල මැරිල යනව.

    society

    It's a mystery to me
    We have a greed
    With which we have agreed
    You think you have to want
    More than you need
    Until you have it all you won't be free

    Society, you're a crazy breed
    I hope you're not lonely without me
    When you want more than you have
    You think you need
    And when you think more than you want
    Your thoughts begin to bleed
    I think I need to find a bigger place
    'Cause when you have more than you think
    You need more space

    Society, you're a crazy breed
    I hope you're not lonely without me
    Society, crazy and deep
    I hope you're not lonely without me
    There's those thinking more or less less is more
    But if less is more how you're keeping score?
    Means for every point you make
    Your level drops
    Kinda like it's starting from the top
    You can't do that

    Society, you're a crazy breed
    I hope you're not lonely without me
    Society, crazy and deep
    I hope you're not lonely without me
    Society, have mercy on me
    I hope you're not angry if I disagree
    Society, crazy and deep
    I hope you're not lonely without me


    එල මචං
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,842
    31,054
    113
    අනේ මන්දා බන් මට නම් ෆෝන් ගැන , කාර් ගැන ...... ඔහොම හිතෙන්නේ නැහැ
    ටර්ගේට් එකක් තියනවා මේක ගන්නවා කියලා ,
    හැබයි ඔය කියන බඩු මම ගන්නේ මගේ අවශ්‍යතාවේ මත , අරයා ගාව තියනවා මෙය ගාව තියනවා කියල දකින දකින එක ගන්නේ යන්නේ නැහැ , සල්ලි වල නම් අනාගත ආරක්ෂාව හිතලා පුළුවන් තරම් ආයෝජනයක් ඉතිරියක් කරන්න යන්නේ ඒ පැත්තෙන් මම ගොඩ

    හැබැයි කෙල්ලෝ ගැන නම් හිතාගන්න බැහැ ,
    කියන තරම් කෙල්ලෝ මට සෙට් වෙලා නැහැ හැබැයි ,
    ජිවිත කාලෙම මෙයා එක්ක ඉන්නවා කියලා ෆීල් එකක් මට එකියෙක් ගැන වත් දැනිලා නැහැ,
    ලස්සන පස්සේ යන්නේ නැහැ හැබැයි මට හැමතිස්සෙම හිතෙන්නේ මෙඅට වඩා හොද කෙනක් සෙට් වේද. අරක ද මේකද ප්‍රෂ්න ගොඩයි , මම %100ක් අවංක නැති නිසා ද නැත්නම් මගේ සෝල් මෙට් ලැබිලා නැති නිසා ද දන්නේ නැහැ අර කියන ජිවිත කාලෙම ඉන්නවා කියන ආසාව ආරක්ෂාව එකියෙක් ගෙන් වත් ලැබිලා නැහැ

    ඒ පැත්තෙන් මම අවසනවන්තද දන්නේ නැහැ
    :(:(

    අනේ මන්දා බං
     

    Life Explorer

    Active member
  • Feb 28, 2018
    238
    27
    28
    උබ ලස්සන කෙල්ලො 3ක්.එක්කම.ඉදියද බන්....
    අපිට කැත කෙල්ලෙක්වත් නෑ... :(
    උබ සන්සරගයක් දැම්මද කෙල්ලො එක්ක... හැඩ රුව කියපන්කෝ...

    :(
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    මේකයි මචං කේස් එක මම මලාට ලද දෙයින් සෑහීමකට පත්වෙන එකෙක් නෙවෙයි...ඒ කියන්නෙ මෙහෙම හිතමුකො ඔන්න මට වාහනයක් නෑ මම බස් එකේ යන්නෙ කියලා එතකොට මට පට්ටම ආසයි ඇල්ටෝ එකක් හරි ගන්න තමන්ගෙම වාහනේක ආතල් එකේ යන්න එතකොට පාරෙ ඇල්ටෝ වල යන උන්දිහා කට ඇරගෙන බලාගෙන ඉන්නෙ ඔන්න ඔහොම ඉදලා මම ඇල්ටෝ එකක් ගත්තා කියමුකො ඔන්න අරං මම උපරිම මාසයක් දෙකක් සතුටෙන් ඇල්ටෝ එක පදී ඊටපස්සෙ හිතෙනවා මේකෙනං ඔප්ෂන් මදි නේ?? සැප පහසුවත් අඩුයි AC එහෙමත් මෙලෝ රහක් නෑ අනික ඉන්දියන්නෙ...etc.....ඊටපස්සෙ හිතෙනවා wagonR එකක්වත් ගත්තනං පට්ට ඔප්ෂන් ඔක්කොමත් තියනවා ට්‍රැෆික් එකේ යන්නත් පට්ට අනික ජපන් වාහනේනේ....etc...ඊටපස්සෙ ඇල්ටො එක ඇතුලෙ ඉදන් පාරෙ යන wagonR දිහා කට ඇරගෙන බලාගෙන ඉන්නවා...ඔන්න ඔහොම කාලයක් ගිහිං මම ඇල්ටෝ එක දීලා වැගන්R එකකුත් ගත්තා කියමුකො ඒත් මම ඒකෙනුත් සැටිස් වෙයිද ඒත් නෑ බං උපරිම මාස දෙක තුනක් සතුටෙන් ඒක පදී ඊටපස්සෙ හිතෙනවා වැගන්R එක මෙලෝ රහක් නෑනෙ පිකප් එකත් මදි 650CCනෙ අනික හැටි!! පාන් බාගෙ වගේ....etc ඊටපස්සෙ හිතෙනවා ඇක්වා එකක්වත් ගත්තානං පට්ට 1500CC නෙ ඕන ගමනක් අවුලක් නැතුව ගිහෑකි අනික ලුක් එකත් පට්ටනෙ ඕන තැනකට කැත නැතුව බැස්සුවැහැකි...etc ඔන්න ඊටපස්සෙ wagonR එක ඇතුලෙ ඉදන් පාරෙ යන ඇක්වා දිහා කෙල හල හල බලන් ඉන්නවා ඇක්වා එකක් ගත්තත් මේක ඉවර වෙයිද පිංවතුනි නෑ ඒත් දිගටම මේ ලූප් එක කැරකෙනවා...............


    ඔය ලූප්‍ එක කඩන්න පුළුවන් කාරෙකක් හම්බෙච්ච දවසට ඕක නිකංම කැඩෙනව :yes: එතකොට පස්සෙ කාලෙක ඔය ලූප් එක කඩපු එකට වඩා හැම අතින්ම හොඳ අළුත් එකක් ගත්තත් අර ලූප් එක කඩාපු කාරෙකට තියෙන මෙව්වා එක යන්නෙ නෑ ජීවිතේට :yes:

    කෙල්ලෝ සම්බන්ධයෙනුත් එහෙමම වෙන්ඩ ඇති. ඒ ගැන නම් එක්ස්පීරියන්ස් එකක් නෑ :no:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔය මිනිස්සුන්ගේ හැටි බන් ... ඕකෙම අනිත් කෑල්ල සෙට් වෙනකොට පිස්සු හැදෙනවා බන් .මමනම් 2කටම මුණ දීල තියනවා ... තියනකොට මදි වගේ හිතුන ගොඩක් දේවල් නැති වී ගෙන ගිය කාලයක් ආව එතකොට තමයි තේරුනේ තිබුණු දේවල් කොච්චර වටිනවද අපි ඒවාට නියම වටිනාකම දුන්නද කියල ...
    මගේ කකුලක් කැඩිලා ඒක ගොඩ ගන්න සුවර්ම නැතුව කකුල කපන්න වෙන සින් එකක් යද්දී මට ඇවිදින එක හීනෙන් පෙනුන බන් ..කෙල්ලෝ ගොඩක් කරා මම මට සීරියස් ලවු කරපු කෙල්ලොන්ට පවා පොලු තියල කැරි වැඩ කරලා තියනවා මම ..අවරුදු ගානක් හොස්පිටල් ඉන්න උනාම තමයි ඇන්න පැන්න ඇන්ටිලයි පොෂ් බඩු ටයිප් වටේ යන ගැනුයි නෙවෙයි තමන්ට ආදරේ කරපු කෙල්ලෙක් ගේ ඇත්ත වටිනාකම තේරුනේ ...
    කකුලත් හදාගෙන හෙන කට්ටක් කාල මම කොහොමහරි ගොඩ ආව .එත් දැන්නම් වැඩිය හොද ඒවා හොයන්න ගිහින් තියන හොද ඒවා නැති කරගන්නේ නැහැ
    :):)
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,842
    31,054
    113
    ඔය මිනිස්සුන්ගේ හැටි බන් ... ඕකෙම අනිත් කෑල්ල සෙට් වෙනකොට පිස්සු හැදෙනවා බන් .මමනම් 2කටම මුණ දීල තියනවා ... තියනකොට මදි වගේ හිතුන ගොඩක් දේවල් නැති වී ගෙන ගිය කාලයක් ආව එතකොට තමයි තේරුනේ තිබුණු දේවල් කොච්චර වටිනවද අපි ඒවාට නියම වටිනාකම දුන්නද කියල ...
    මගේ කකුලක් කැඩිලා ඒක ගොඩ ගන්න සුවර්ම නැතුව කකුල කපන්න වෙන සින් එකක් යද්දී මට ඇවිදින එක හීනෙන් පෙනුන බන් ..කෙල්ලෝ ගොඩක් කරා මම මට සීරියස් ලවු කරපු කෙල්ලොන්ට පවා පොලු තියල කැරි වැඩ කරලා තියනවා මම ..අවරුදු ගානක් හොස්පිටල් ඉන්න උනාම තමයි ඇන්න පැන්න ඇන්ටිලයි පොෂ් බඩු ටයිප් වටේ යන ගැනුයි නෙවෙයි තමන්ට ආදරේ කරපු කෙල්ලෙක් ගේ ඇත්ත වටිනාකම තේරුනේ ...
    කකුලත් හදාගෙන හෙන කට්ටක් කාල මම කොහොමහරි ගොඩ ආව .එත් දැන්නම් වැඩිය හොද ඒවා හොයන්න ගිහින් තියන හොද ඒවා නැති කරගන්නේ නැහැ
    :):)

    දැන් උබ කොහොමද මචං එහෙම හිතෙන එක කන්ට්‍රෝල් කරගන්නෙ??
     

    Kiri Hodi

    Banned
  • Jul 27, 2009
    163
    9
    18
    Learn Buddhist philosophy, at least just the relevant parts.

    Dukhkha=dissatisfaction.
    Dukin mideema=cessation of craving

    Katawath boru kiyanna ba mewata ! Uba ohoma ashawan passe elawan yanakan hamadama dukin thamai