මේ කථාව කියවලා යන්න..

Z e u s

Active member
  • Dec 22, 2015
    586
    180
    43
    මේ කථාව කියවලා යන්න..



    12743540_10208472188193375_7559333342021405422_n.jpg



    12744640_10208472188753389_3092615367995903942_n.jpg




    12512549_10208472190033421_3883935968410246201_n.jpg



    ඒ ලෝකඩ පදක්කම ඔලිම්පික් රන් පදක්කමකට වඩා අගනේය..


    ජාතික වෙඩි තැබීමේ කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව ආවේ ජනේරු 25 වැනිදාය. සාග් තරගාවලියට පෙර ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියට මුහුණ දීම ඔවුන්ගේ ගමනේ අරමුණ විය.

    ඒ අව් අස්සේ අවසන් අභිප්‍රේරණ දේශනය ළමුන් වෙනුවෙන් පවත්වන්නැයි මට වෙඩි තැබීමේ සංගම් පරිපාලනයෙන් ඉල්ලීමක් ලැබිණ. ඒ අනුව මම 23 වැනිදා වැලිසර වෙඩි පිටියේ දී ඔවුන් හමුවූයෙමි.

    දේශනය නිමාවේ දී සාමාන්‍යයෙන් ළමුන්ට පෞද්ගලිකව මා හමුවීමට අවස්තාවක් දීම මගේ සිරිතය. ඒ අනුව නාවික හමුදාවේ එගොඩවෙල මා අබිමුව පෙනී සිටියාය. ඈ සිටියේ දැඩි පීඩනයක බව මට හැගිණ. ඈ එය පිටකරගත නොහී අඩන්නට වූවාය. ඉකිබිදුම අතරින් කදුළු කැට කඩා හැලෙද්දී මගේ දෑස ද තෙත් විය.

    25 වැනි දා පස්වරු 2 ට වෙඩි තැබීමේ කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබූ අතර, ඒ වනවිටත් ඇගේ තුන්මස් නිවුන් දරුවන්ට වීසා ලැබී නොතිබිණ. නිවුන් දරුවන් මවගේ කිරි හැර වෙනත් කිරි වර්ග ප්‍රතික්ෂේප කිරීම නිසා දරුවන් හැර දමා යා නොහැක. ඇගේ සහයට ඈ සමග යන්නට සිටි ඇගේ සැමියා දිල්රුක් සියළු වෙර දැරීමෙන් පසු 22 වැනි සිකුරාදා දරුවන්ගේ ගමන් බලපත්‍ර ලබාගෙන තිබුණ ද වීසා නිකුත් කිරීමට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයෙන් නියම කර තිබුණේ සදුදාටය. එය මව සමග පිටත්ව යාමට දරුවන්ට ඇති අවස්තාව අහිමි වීමක් වන අතර, මව නැතිව දරු දෙදෙනා සමග පමණක් ගුවනට නැගීම දිල්රුක්ට කල හැක්කක් නොවීය.

    එක්දින වීසා නිකුත් කිරීමට ඔවුන්ගෙන් රුපියල් 44000 ක් ඉල්ලා තිබූ අතර
    එගොඩවෙල මේ තරගාවලියට සුදුසුකම් ලබා තිබුණේ දරු ප්‍රසූතියෙන් මාස එකහමාරකට පසු පැවති ජාතික ශූරතාවේදීය. සැත්කමෙන් වූ තුවාල පැසවා වේදනාවෙන් වෙලෙද්දී ඉලක්කය ලබාගත් එගොඩවෙල මෙතැනදී පසු බැසීම මගේ අපේක්ෂාව නොවීය.

    මෙතරම් මානසික පීඩනයක් මැද ඈ කෙසේ නම් ඉලක්කය ලබා ගන්නද...?

    "පොඩ්ඩක් ඉන්න පුතේ. අපිට විකල්පයක් තියෙනවා. අපි ඒකට උත්සාහ කරමු. ඔයා 25 හවස ප්ලේන් එකට නගිනවා. හැබැයි බබාලා දෙන්නා එක්ක. මාව විශ්වාස කරන්න."

    අනතුරුව දුරකතනයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ඇමතූ මම ප්‍රශ්නය පැහැදිලි කල අතර, ඔහු එය මනාව තේරුම් ගත්තේය. වෙඩි තබන්නියගේ මානසික සුවය මට වැදගත් බවත, ඒ සදහා සදුදා උදෑසන 10 වනවිටවත් වීසා ලබා ගැනීම අවශ්‍ය බවත් මම පැහැදිලි කල අතර අමාත්‍යවරයා සදුදා අළුයම තමා අමතා සියලු තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

    සදුදා දිනය තීරණාත්මක වූ අතර එගොඩවෙල ගුවන් තොටුපලට පිටත්ව ගියේ දරුවන් නොමැතිවය. උදෑසන 08 වනවිට ඇගේ ක්‍රීඩා උපකරණ ක්ලියරන්ස් සදහා යොමු කල යුතුව තිබිණ. ඒ අතරතුර අමාත්‍යවරයා මහ කොමසාරිස්වරයා අමතා හැකි ඉක්මනින් දරුවන්ට සහ සැමියාට වීසා ලබා දෙන්නැයි ඉල්ලා තිබිණ.

    දහවල් 12.30 පමණ වනවිට දුරකතනයෙන් මා ඇමතූ එගොඩවෙල ගුවන් තොටුපලේ සිටි තමා සමග දරුවන් එක් වූ බව සතුටු කදුලු වගුරුවමින් දැනුම් දුන්නාය.

    ඊයේ ගුවහාටි වෙඩි පිටියට පැමිණි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හමුවේ ඈ ප්‍රණාමය පුද කර හඩන විට මගේ මෙන්ම අමාත්‍යවරයාගේද දෑස් කදුලින් පෙගී ගියේය. ඊයේ රාත්‍රී මා ආදිත්‍යා හෝටලයේ දී කුඩා වෙඩික්කරුවන් දෙදෙනා බැහැදැකීමට යද්දී උන් වෙඩික්කාර අම්මාගෙන් බඩ පැලෙන්නට කිරි බී සුවසේ නිදමින් උන්හ.

    සාග් යනු රන් පදක්කම් පිළිබද කතාවක් පමණක් නොවේ.කණ්ඩායමක් ලෙස වැඩ කිරීම, අනෙකාගේ දුක තේරුම් ගැනීම වැනි බොහෝ දේද ඊට අන්තර්ගතය. මීට දින කිහිපයකට පෙර ලැබූ රිදී සහ ලෝකඩ පදක්කම් ගර්හාවට ලක් කල පෝස්ටුවක් බුකියේ දුටු අතර එවැන්නන්ට කීමට ඇත්තේ හැම පදක්කමක්ම පිටුපස මෙවැනි කදුලු කතාවක් පවතින බවය.

    එබැවින් එගොඩවෙල දැනටමත් දිනා ඇති සාග් ලෝකඩ පදක්කම මට නම් ඔලිම්පික් පදක්කමකට වඩා අගනේය


    :yes::yes::yes::yes::yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    බාතිය අයියා ලියන තියෙන ආටිකල් ටිකම පට්ට බන්
    මේ මිනිස්සු කලින් හිටිය නම් මලල ක්‍රීඩා වැටෙන්නේ නෑ පහලට අපේ
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    දයාසිරි හොද මිනිහෙක් අහල තියන විදිහට.
    පොර පක්ෂේ දාල එද්දී මිනිස්සුත් එත් එක්කම අවා කියලා අහල තියෙන්නේ.

    දේශපලෙනේ කරන්න එන හොද මිනිස්සුත් ඉන්නවා නරක මිනිස්සුත් ඉන්නවා.
    නරක පක්ෂේකින්
    නරක එකා හොද වෙන්නෙත් නැහැ.
    හොඳ පක්ෂේකින් ඉල්ලුවට ඉල්ලුවට හොද එකා නරක වෙන්නෙත් නැහැ.
    මේ වගේ මිනිස්සු ඉන්නවා නම් හොදයි ඇත්තටම.
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    upto now Dayasiri doing it well. as a person who worked with minister Mahindananda as a government officer he was oriented to development of sports infrastructure (you may have comments, but it feels more worthy too) and he didn't have this type of attitude. I think Dayasiri will continue this until his carrier. this is a good move in sri lankan sports history.
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මම මේක කියන්නෙ පක්ශයක් ගැන හිතල නෙමෙයි. හැබැයි මේක ක්‍රිඩා ඇමති කෙනෙක්ගෙ වගකීමක්, මෙච්චර facilities දීලා ජනතවගෙ සල්ලි වලින් ඇමතිකමක් දිලා තියෙන්නෙ මේ වෙනුවෙන් තමයි. මෙතනදි එතුමා call එකක් දීල විතරයි. හැබැයි ප්‍රශ්නෙ ඔච්චර අන්තිම වෙනකන් අල්ලන් හිටපු එක තමයි වැරැද්ද. මොකද බබාල හම්බවෙලා තියෙන්නෙත් 3 months කලින්. ඇයි අන්තිම මොහොත වෙනකම් කාටවත් බැරි උනේ ඒ ප්‍රශ්නෙ විසදල දීල එයාගෙ මානසික සහනය ගැන හිතන්න. බැරිවෙලාවත් එදා කරගන්න බැරි උනානම් අපිට මෙඩල් එකක් අහිමි වෙනව නේද. ක්‍රිඩා ඇමතිතුම ඇතුලු නිලදාරීන්ගෙ වගකීමක් නැද්ද select කරපු team එකට අන්තිම මොහොතෙ වෙන කෙනෙක් call කරල කියනකම් ප්‍රශ්න මොනව හරි තියනවද කියල හොයල බලන්න.:eek:
     

    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    මම මේක කියන්නෙ පක්ශයක් ගැන හිතල නෙමෙයි. හැබැයි මේක ක්‍රිඩා ඇමති කෙනෙක්ගෙ වගකීමක්, මෙච්චර facilities දීලා ජනතවගෙ සල්ලි වලින් ඇමතිකමක් දිලා තියෙන්නෙ මේ වෙනුවෙන් තමයි. මෙතනදි එතුමා call එකක් දීල විතරයි. හැබැයි ප්‍රශ්නෙ ඔච්චර අන්තිම වෙනකන් අල්ලන් හිටපු එක තමයි වැරැද්ද. මොකද බබාල හම්බවෙලා තියෙන්නෙත් 3 months කලින්. ඇයි අන්තිම මොහොත වෙනකම් කාටවත් බැරි උනේ ඒ ප්‍රශ්නෙ විසදල දීල එයාගෙ මානසික සහනය ගැන හිතන්න. බැරිවෙලාවත් එදා කරගන්න බැරි උනානම් අපිට මෙඩල් එකක් අහිමි වෙනව නේද. ක්‍රිඩා ඇමතිතුම ඇතුලු නිලදාරීන්ගෙ වගකීමක් නැද්ද select කරපු team එකට අන්තිම මොහොතෙ වෙන කෙනෙක් call කරල කියනකම් ප්‍රශ්න මොනව හරි තියනවද කියල හොයල බලන්න.:eek:
    :yes::yes::yes:
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    දයාසිරි හොද මිනිහෙක් අහල තියන විදිහට.
    පොර පක්ෂේ දාල එද්දී මිනිස්සුත් එත් එක්කම අවා කියලා අහල තියෙන්නේ.

    දේශපලෙනේ කරන්න එන හොද මිනිස්සුත් ඉන්නවා නරක මිනිස්සුත් ඉන්නවා.
    නරක පක්ෂේකින්
    නරක එකා හොද වෙන්නෙත් නැහැ.
    හොඳ පක්ෂේකින් ඉල්ලුවට ඉල්ලුවට හොද එකා නරක වෙන්නෙත් නැහැ.
    මේ වගේ මිනිස්සු ඉන්නවා නම් හොදයි ඇත්තටම.

    ඔව් අප්පා රේප්++++++