අපි දැනට පදිංචි වෙලා ඉන්නේ වයිෆ්ගේ මහා ගෙදර. ලගදීම එයාගේ අයියා මැරී කරන්න යන්නේ. මේ නිසා තව දුරටත් අපිට එහේ රැඳිලා ඉන්න බැහැ. එයා අපිට ඒක කෙලින්ම කිව්වා. එයාගේ දෙම්පියනුත් ඒ මතේ තමා ඉන්නේ. අපි වෙඩිං එකක් ගත්තේ නැහැ. පැනලා ගියා. පස්සේ තමා අවුරුදු කිහිපයකින් ගෙවල් වලින් සමාව අරං ඒ ගෙදරට ආවේ. මේ නිසා ඒ දෙමවුපියන් අපි දෙන්නත් එක්ක හරි තරහයි. පවුලේ එකම කෙල්ලගේ වෙඩිං එක ගන්න බැරි උනා කියලා හැම වෙලේම අපිට දොස් කියනව. ඉතිං වයිෆ්ගේ අයියා අපිට ගෙදරින් ඉවත් වෙන්න මාස 4ක් දුන්නා. එයා අපිට සැරෙන් නෙවේ කිව්වේ. හැම දේම පැහැදිලි කරලා දුන්නා අපිට. එයා කියන කතාව ඇත්ත පවුල් තුනක් එක ගෙදරක ජිවත් වෙන්න බැහැ.මං එයාට වරදක් කියන්නේ නැහැ.
එයා අපිට කිව්වේ හැමදාම මෙහෙම ඉන්න බැහැනේ. ගෙයක් දොරක් හදාගෙන දියුණු වෙන්න බලන්න කියලා. මායි වයිෆුයි දෙන්නම ජොබ් කරනවා. හැබැයි ලොකු සල්ලියක් ඉතුරු කරලා නැහැ. දැන් මම මාසෙක ඉඳන් රට වටේ අඩුවට ගෙවල් ඉඩම් හෙව්වා. ඒ අතර තුර තමා ඔය උඩ තියෙන ගේ හම්බුනේ. මේ ගෙදරයි ඉඩමයි ලක්ෂ 10කට දෙන්න කැමති උනා. මේ ගෙදර අවුරුදු 50ක් විතර පරනයිලු. අවුරුදු 40 විතර උඩදී මේ ගෙදර හිටපු පවුල එල්ලිලා මැරිලා. පවුලේ ඉදලා තියෙන්නේ අම්මයි තාත්තයි පුතයි. පුතාට වයස අවුරුදු 10ක් විතර ඇතිලු, මේ වෙනකන් දන්නේ නැතිලු ඇයි මේ කට්ටිය සිය දිවි නසාගත්තේ කියාලා. සමහර අය කියන්නේ මරලා එල්ලලා කියලා. මේක වෙලා තියෙන්නේ කොහොම හරි හවස 5ට 6ට. ඒ වෙලාවේ ඔතනින් පුස් බයිසිකලේ ගියපු කෙනෙක් තමා ඕක දැකලා තියෙන්නේ. ඔය ඉටි කොලෙන් වහලා තියෙන ජනේලේ ඒ දවසේ කුඩු වෙලා තිබිලා තියෙන්නේ. ඒ ජනේලෙන් තමා ඒ මනුස්සයා ඒ පවුලේ අය පෝලිමට එල්ලිලා ඉන්නවා දැකලා තියෙන්නේ. මේ මනුස්සයා බය වුනු පාර ගොළු වෙලා බයිසිකලෙත් දාලා දුවලා තියෙනවා කඩ මන්ඩියටම. විනාඩි පහළොවක් විතර දාඩිය දාගෙන ගොළු වෙලා කඩේ පිලක දිගා වෙලා ඉඳලා. ඊට පස්සේ මේ ගෙදර කිහිප වතාවක්ම ප්රතිසන්ස්කරනය කරලා කුලියට දීලා තියෙනවා. පළවෙනියට මේක කුලියට අරන් තිබ්බේ කොලබින් මේ පළාතට ආපු ඉස්කෝලේ මහත්තයෙක්. මේ මහත්තයා මේකේ පදිංචි වෙලා දවස් කිහිපයකට පස්සේ 5ට 6යට ගෙදර එද්දී ජනේලෙන් තුන් දෙනෙක් එල්ලිලා ඉන්නවා දැකලා. ඉස්කෝලේ මහත්තයා ඇතුලට නොගිහින් ඉක්මනට පොලිසියට දුවලා. පොලිසියත් එක්ක ඇවිත් බලද්දී එහෙම කිසි දෙයක් තිබිලා නැහැ. පස්සේ තමා පොලසිය පැහැදිලි කරලා තියෙන්නේ මිට කලින් මේ ගෙදර පවුලක් එල්ලිලා මැරිලා කියලා. ඒක අහලා ඉස්කෝලේ මහත්තයට දෙලොව රත් උනාලු. එදා රැ පොලිසියේ ගෙවපු ඉස්කෝලේ මහත්තයා පහුවදාම ටවුන් එකෙන් ගෙයක් කුලියට ගත්තලු කියක් කියත් කමක් නෑ කියලා.
ඊට පස්සෙ මේ ගෙදර පවුලක් ජිවත් වෙන්න ඇවිත්. ඒ අයටත් මේ ගෙදර වැඩි කල් ඉන්න හම්බෙලා නැහැ. මොකද ගේ ඇතුලෙන් පොඩි ළමයෙක් සෙල්ලම් කරන සද්දේ ඇහෙනවාලු. පොඩි අඩි වලින් දුවන සද්දයක් ඇහෙනවා ලු ගේ පුරා. එක සැරයක් හවසට අර ජනේලේ වීදුරුව බිදුනලු. විදුරු කටු ඔක්කොම එලිය පැත්තට වැටිලා තියෙන්නේ හරියට කවුරු හරි ගේ ඇතුලේ ඉදන් වීදුරුවට ගැහුවා වගේ. ඉතින් මේ පවුලත් ඉකමනට මේ ගෙදරින් ගිහිං.
අනික තමා මේ ගේ ඉස්සරහා ලොකු වංගුවක් තියෙනවා පල්ලමක් එක්ක. පහු ගිය අවුරුදු කීපයට මෙතන 6 දෙනෙක් මැරිලා තියෙනවලු. ගමේ මිනිස්සු කියන්නේ මේ ගේ ඉස්සරහා බිලි ගන්නවලු. මේ ගේ ඉස්සරහින් කවුරුත් තනියම යන්නේ නැහැලු. විශේෂෙන්ම රැට. මේ ඔක්කොම විස්තර මට කිවුවේ අහල පහල අය. විකුණන කෙනා නම් මේ කිසි දෙයක් කිවුවේ නැහැ.
මම නම් ඔය හොල්මන් බුත විස්වාශ කරන්නේ නැහැ. මම බැලුවේ මේ ගේ ගන්න. ලක්ෂ 10ට කියන්නේ ගොඩක් ලාබයි මට. එහෙම ප්රශ්න තියෙනවා නම් පිරිතක් කිවුවහැකි නේ. හැබැයි මම වයිෆ්ට මේ බහු බුත කතා කිවුවේ නැහැ බය වෙයි කියලා. මට දැන ගන්න ඕනේ මේ ටික. මේ ගෙදරට ලයිට් වතුර ගන්න කියල යයිද? ඒක ගන්නේ කොහොමද? මේ ගෙදර වහලේ හදලා තීන්ත ගාන්න කොච්චර වියදම් යයිද? දැනට ඒ ටික තිබ්බා නම් ඇති. අපිට ඇදන් පුටු ටිකක් දෙන්නම් කිවුවා අපේ පවුලේ අය. අනික තමා ඔයාලට මේ ගෙදර අවුලක් පේනවද? ගුප්ත බවක්?