මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි!

budusuwanda

Member
Mar 29, 2010
11
2
0
මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි!

BlogBanner.jpg

“මෙත්මල් උයන” ග්‍රන්ථය එළිදැක්වෙයි


කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ සමඟ පැවැත් වූ ධර්ම සාකච්ඡා ඇසුරින් ප්‍රවීණ ලේඛිකා, තනුජා ධර්මපාල සම්පාදනය කළ ධර්ම ග්‍රන්ථය “මෙත්මල් උයන” මෙම මස 29 වන දින පෙරවරු 09.30 ට මාලබේ පිට්ටුගල අමාවතුර මහමෙව්නා අසපුවේ දී එළිදැක්වේ. එදින එහි මුල් පිටපත කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ වෙත පිරිනැමෙනු ඇති අතර, එහිදී එම ස්වාමීන් වහන්සේ විශේෂ ධර්ම දේශනයක් ද පවත්වනවා ඇත. “මෙත්මල් උයන” මිහිර පොත් ප්‍රකාශනයකි.
http://www.lakehouse.lk/budusarana/2010/03/29/tmp.asp?ID=news12
 
Last edited:

budusuwanda

Member
Mar 29, 2010
11
2
0
BlogBanner.jpg


උයන්දන මහමෙව්නාව භාවනා අසපුවේ බෝධි රෝපණය හා ධර්ම ශාලාව විවෘත කිරීම



කුරුණෑගල උයන්දන මහමෙව්නාව භාවනා අසපුවේ දී අප්‍රේල් 3 වන දා විශේෂ පින්කම් මාලාවක් උදේ 08.00 සිට සවස 04.00 දක්වා පැවැත්වේ.
එදින උදේ වරුවේ ජය ශ්‍රී මහ බෝධි අංකුරයක් හා ආනන්ද බෝධි අංකුරයක් අසපු භූමියේ රෝපණය කිරීමත් සවස අභිනව ධර්ම ශාලාව විවෘත කිරීමත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදු කෙරේ.
එහිදී කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ විශේෂ ධර්ම දේශනයක් ද පැවැත්වේ. (දවල් දානය හා ගිලන්පස පිරිනමනු ලැබේ)


http://www.lakehouse.lk/budusarana/2010/03/29/tmp.asp?ID=news09
 
Last edited:

budusuwanda

Member
Mar 29, 2010
11
2
0
BlogBanner.jpg

බක් පුර පසළොස්වක පොහෝ දින පින්කම්




මහමෙවුනා භාවනා අසපුව


පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ දී පැවැත්වෙන් බක් පුන් පොහෝ දා ආගමික වැඩසටහන් මාලාව මෙසේ ය.
පෝදා පෙරවරු, 06.00 – 07.00 සීල සමාදානය හා කිරිපිඬු පූජාව, 08.00 - 09.30 ධර්ම දේශනය, 09.30 – 10.00 බුද්ධානුස්සති භාවනාව, 10.00 – 11.00 දවල් බුද්ධ පූජාව, පස්වරු 12.30 – 1.00 සූත්‍ර සජ්ඣායනය, 1.00 – 2.30 ධර්ම දේශනය, 02.30 – 3.00 විදර්ශනා භාවනාව, 03.00 – 04.00 ධර්ම සාකච්ඡාව, 05.00 – 06.30 සත්බුදු වන්දනාව, 07.30 – 09.00 ධර්ම දේශනය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි 09.00 – 10.00 දම්සක් පැවතුම් සූත්‍ර සජ්ඣායනය, 10.00 – 10.30 පුණ්‍යානුමෝදනාව, පසුදා උදෑසන එනම් 30 වෙනිදා පෙ.ව. 05.00 – 05.30 සිල් පවාරණය හා පුණ්‍යානුමෝදනාව. (උදේ දවල් දානය සහ ගිලන්පස පිරිනමනු ලැබේ.)
http://www.lakehouse.lk/budusarana/2010/03/29/tmp.asp?ID=news06
 
Last edited:

budusuwanda

Member
Mar 29, 2010
11
2
0
BlogBanner.jpg


සෝමාවතී මහා ස්තූප වන්දනාව මැයි 8 දා



දන්සැල් සහ ප්‍රවාහන පහසුකම් සැපයීමට - පරිත්‍යාගශීලීන්ට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් ඇරැයුමක්

සීසර් සුදුසිංහ

පොළොන්නරුවේ සෝමාවතී මහ ස්තූප වන්දනාව මැයි මස 8 වන දා සවස 7 සිට රාත්‍රී පහන්වන තුරු මහමෙව්නා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වේ. සෝමාවතී රජමහා විහාරාධිපති පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් එය සිදු කැරේ.
තිස් වසරක් පුරා පැවැති යුද්ධය නිමා කළ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ප්‍රධාන රජයටත්, සියලු රණවිරුවන්ටත්, රටවැසි සැමටත් සෙත් පැතීමත් සසුන රකින දෙවිවරුන්ට පින් දීමත් යුද්ධය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ටත් යුධ සමයේ දිවි පිදූ රටවැසියන්ට පින්දීමක් ආදි කරුණු අරමුණු කර ගෙන එම පින්කම සිදු කැරේ.
එම සෝමාවතී මහ ස්තූප වන්දනාව සඳහා බැතිමතුන් ලක්ෂයක් පමණ සහභාගි වෙතැයි අපේක්ෂා කැරේ.
සෝමාවතී මහ ස්ථූප වන්දනාවට අවශ්‍ය සුදුසු පරිසරය දැනටමත් සූදානම් කැරෙමින් පවතින බව සෝමාවතී රජ මහා විහාරාධිපති පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියෝ පවසති.
සෝමාවතී මහ ස්තූපයේ හුණු සායම් ආලේප කිරීමද,කොත් වහන්සේගේ රන් ආලේප කිරීමද, එම පුණ්‍ය භූමියේ නිරාවරණය වන ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ පිච්ච මල් රෝපණය කළ දැවැන්ත මල්පෝච්චි 50 ක් තැන්පත් කිරීමද සිදු කැරේ.
ස්තූප වන්දනාවට සහභාගි වන සැදැහැවතුන් සඳහා දැනටමත් පරිත්‍යාගශීලින් විසින් බීම කෝප්ප ලක්ෂයක් සහ වතුර බෝතල් ලක්ෂයක් ද පිරිනැමීමට ඉදිරිපත් වී ඇති බව ද කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ පැවැසූහ.
මැයි 8 වනදා සෝමාවතී ස්තූ®ප වන්දනාවට පැමිණෙන බැතිමතුන් සඳහා ආහාරපානාදී දන්සැල් පිරිනැමීමට කැමැති පරිත්‍යාගශීලීහු වෙතොත් ඊට ඉදිරිපත් වී දායකවන්නැයි උන්වහන්සේ ඉල්ලීමක් කරති.
එමෙන්ම බිම හිඳ ගැනීම සඳහා එළා ගැනිමට ප්‍රමාණවත් ඉටි රෙදි ආදියද රැගෙන එම පින්කමට සහභාගි වන ලෙසද උන්වහන්සේ ඉල්ලීමක් කරති.
එසේම මහ වන මැද අලි ඇත්තු වෙසෙන බැවින් වෙසෙසින් තරුණ පිරිස් එම වන සතුන් ප්‍රකෝප කිරීමෙන් වැලකී සිටීමට කාරුණික වී කලබලයකින් තොරව හැසිරීමට පියවර ගන්නා ලෙසද ඉල්ලීමක් කැරේ.
විශාල බැතිමත්හු පිරිසක් සහභාගි වන එම පින්කමේදී සෞඛ්‍ය සනීපාරක්ෂක පහසුකම් ලබාදීම කෙරෙහිද අවධානය යොමු කරන ලෙසද උන්වහන්සේ පැවැසූහ.
බැතිමතුන්ගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් පුද්ගලික බස් රථ කුරුණෑගල , අනුරාධපුර, මහනුවර ,කොළඹ ආදී දුර බැහැර ප්‍රදේශවල සිට සෝමාවතිය දක්වා සැපයීමට එම පුද්ගලික බස් රථ අයිතිකරුවන්ගේ අවධානය යොමු කරවන ලෙස ද උන්වහන්සේ ඉල්ලීමක් කරති.
මාලඹේ පිට්ටුගල මහමෙව්නාව අමාවතුර භවනා අසපුවේ අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේගෙන් පින්කම පිළිබඳ වැඩි විස්තර දැන ගත හැකිවේ.


http://www.lakehouse.lk/budusarana/2010/03/29/tmp.asp?ID=news01
 
Last edited:

budusuwanda

Member
Mar 29, 2010
11
2
0
පිරිසිදු බුද්ධ දේශනා තැන්පත් නිවැරදි ත්‍රිපිටක පරිවර්ථන හඳුනාගන්න
පරපුරෙන් පරපුරට දායාද වූ ගෙෘතම බුද්ධ දේශනා සරල සිංහලෙන් ඔබ වෙත දායාද කළ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ත්‍රිපිටකය පිළිබඳ සිදු කරන විශ්මිත හෙළිදරව්වක්!
මාර්තු 29 සඳුදා උදෑසන 06.00 සිට සවස 06. දක්වා..මාලඹේ, පිට්ටුගල, මහමෙව්නාව අමාවතුර භාවනා අසපුවේදී..
සජීවී විකාශය-www.mahamevna.org
 

budusuwanda

Member
Mar 29, 2010
11
2
0
බුදුරැස් විහිදෙන සෝමාවතී මහා සෑ වන්දනාව - &#35

සිරිලක එක්‌සේසත් කළ දුටුගැමුණු මහරජුන්ගේ පියාණන් වන කාවන්තිස්‌ස නිරිඳුන් විසින් අප සම්බුදුරජුන්ගේ ලලාටධාතුව නිධන් කොට සේරුවිල මංගල මහා සෑය කරවන ලද්දේය. එකල මහවැලි ගං මෝය අසබඩ වූ තැනිතලා ප්‍රදේශය සශ්‍රීක වූ ජනී ජනයාගෙන් පිරීගිය සමෘද්ධිමත් රාජධානියක්‌ විය. ඒ අවදියේ ම කැලණියේ සිව රජුගේ බෑණනුවන් වූ අභය කුමරු සමග කාවන්තිස්‌ස රජුගේ නැගණිය වන සෝමවතී දේවිය විවාහපත් වූවාය. දකුණේ ගැමුණු කුමරුගේ බලය වැඩෙමින් තිබීමත් සමගම ගිරි අබා කුමරු සෝමාවතී දේවිය එවකට සේරු නුවර රජකළ සිව රජු වෙත ගියහ. සිව රජුගෙන් මහවැලි නදිය අසබඩ ඉතා සශ්‍රීක වූ ප්‍රදේශයක්‌ ඔවුනට තෑගි වශයෙන් ලැබිණි. එම ප්‍රදේශය ලැබුණේ සෝමවතී දේවියට බැවින් ගිරිඅබා කුමරු විසින් අලුතින් ගොඩනැගූ නුවරට නම් තබන ලද්දේ සෝම නුවර වශයෙනි.


සෝමවතී දේවිය තෙරුවන් කෙරෙහි මහත් සැදැහැයෙන් යුතු බෞද්ධ මහෝපාසිකාවකි. ඕ තොමෝ සැමට යහපත පිණිස දාගැබක්‌ සහිත විහාරයක්‌ කිරීමට අදිටන් කරගත්තාය. තම ස්‌වාමියා වන ගිරිඅබා කුමරුට ද එය යෝජනා කළාය. මහත් සේ සතුටට පත් වූ කුමරුන් රහතන් වහන්සේලා හැට නමක්‌ වැඩම කොට දන් පැන් පිළිගන්වා දාගැබක්‌ සහිත වූ විහාරය සෑදීමේ අදහස ඉදිරිපත් කළේය. රහතන් වහන්සේලාගේ සම්පූර්ණ ආශිර්වාදය ලැබුqණි

ඉතිරි ටික කියවන්න.... http://mahamevnawa.blogspot.com/2010/03/blog-post_07.html
 
Last edited: