ඕන්න එක උපාසක මහත්තයෙක් අනුරාධපුර වන්දනාවේ ගියාලූ... මේ ගමනට ගමේ පන්සලේ හාමුදුරුවන් වහන්සේත් සම්බන්ධ වුණාලූ... ඉතිං අනුරාධපුර පූජනිය ස්ථාන වැඳ පුදාගෙන රාති‍්‍රය විශ‍්‍රාම ශාලාවක ගත කරන්න කට්ටිය ලෑස්ති වුණා... අපේ උපාසක මහත්තයත් හිතේ ශ‍්‍රද්ධාවෙන් සුවදායි නින්දක් සඳහා ලෑස්තිවෙලා පැදුරට එලාගත්තා... ඉතිං මනුස්සයා ටිකක් වෙලා වැතිරිලා ඉන්න කොට තමන් කකුල් යොමුකරල ඇත්තේ ශී‍්‍ර මහා බෝධින් වහන්සේට දිහාට කියල හිතල මනුස්සය හිස ඒ පැත්තට දාල වැතිරුණා... මළකෙලියකි දැන් කකුල් යොමු වී ඇත්තේ සමාධි බුද්ධ ප‍්‍රතිමා වහන්සේ දිහාට.... මනුස්සය ක්‍ෂණයෙන් නැගිටල අංශක 90 කැරකිලා වැතිරුණා... වැඬේ හරියන්නේ නෑ හැම පැත්තකම මොකක් හරි තියෙනවා.... දැන් මනුස්සයට අප්සට් මනුස්සය නැගිටලා පැත්තක වාඩිවෙලා බලාගෙන ඉන්නවා...
අපේ ස්වාමින් වහන්සේ මේක දැකල ඇවිල්ල අහනවා ඇයි උපාසක මහත්තයෝ මේ නැගිටලා... නින්ද යන්නේ නැද්ද... ඉතිං උපාසක මහත්තයා සිද්දිය කියනවා...
අවසානයේ උන්වහන්සේ ඒ උපාසක මහත්තයට කියල දෙනවා ඔබ ඔය ශ‍්‍රද්ධාවෙන් අන්ධ වෙලා ඉන්නේ.... බුදුදහමේ ලෝකෝත්තර සුවය ලබා ගැනීමට නම් ඔබ වැඩිය යුත්තේ ප‍්‍රඥාවයි.... ඔබ නිදියන පැත්ත කුමක් වුවත් කමක් නෑ... හැබැයි ඔබ නිදි යහනට අරගෙන යන දේ ගැන සැළකිලිමත් වෙන්න කියල....
මම මෙහෙම කිව්වේ බුද්ධාගම ක‍්‍රමාණුකූලව දේව ඇදහිල්ලක් බවට පරිවර්තනය වෙමින් ශ‍්‍රද්ධාව හා මැතිරීම හරහා භෞතික වුවමනා එපාකම් පිරිමහගන්න ජනපි‍්‍රය ආගම් ගණයට පත්වීම ගැන කණගාටුවෙන්.... අපේ ගොඩක් බෞද්ධ ඇත්තන් හිතං ඉන්නේ කවුරු හරි පිං පොතක් තියාගෙන පිංවල අඩු වැඩිය, පව්වල අඩු වැඩිය සටහන් කරල තියාගෙන පනිෂ්මන්ට් දෙනවා කියලා... එතකොට බුදුදහමෙත් සර්වබලධාරි දෙවිකෙනෙක් ඉන්නවද...?
බුදු දහම යනු තමන්ගේ අභ්‍යන්තරය සමග සටන් වැද, කෙලෙස් ප‍්‍රහීන කරගෙන ප‍්‍රඥාව දියුණුකරගෙන මහත් අවබෝධයෙන් යා යුතු ගමනක්.... ඉතිපිසෝ ගාථාව කී වරක් මැතිරිය යුතද? මල් කීයක් කුමන පාටකින් පූජා කළ යුතුද පඩුරු කීයක් තැබිය යුතුද බුදු පිළිමය වඩා හිදුවන්නේ කොයි දිශාවටද... බුද්ධ පූජාවේ අතුරුපසට තියන්නේ මොනවාද යන්න වැදගත් නොවේ.... මහණෙනි මාගේ ඇවෑමෙන් බුද්ධ ශාසනයේ ධර්මය මත පමණක් පදනම් වේ යනුවෙන් බුදුන් වදාලේ ඒ නිසාය.... ඒ වගේම බුද්ධ ධර්මය යනු නාගයෙක් වගේ.... එය නිවැරදිව ග‍්‍රහණය කර ගනු යන නයාගේ හිසෙන්ම අල්ලා ගන්නාක් මෙනි.... ඔබ නයාගේ වල්ගයෙන් හෝ මැදින් ඇල්ලූවේ නම් නයා ඔබටම ද්ෂට කරනු ඇත... යනුවෙන්ද සඳහන් වන්නේ ඒ නිසාය....
ඔබ පිච්ච මල් ලක්ෂයක් පූජා නොකරන්න.... එකම එක මලක් පූජාසනය මත තබා හවස පරවී යනු බලා අනිත්‍ය දකින්න...
ඔබ පහන් ලක්ෂයයක් පූජා නොකරන්න.... එකම එක පහනක් දල්වා සත්තවෙක්ගේ ජිවිතය තොර වෙන ආකාරය ගැන සිහිපත් කරන්න....
ඔබ බුදු පිළිමය අසාල අතුරුපසට තබන පළතුරු ටික කුසගින්නේ ඉන්න දුගියෙකුට දෙන්න....
ඔබට නියත වශයෙන්ම බුදු දහමේ මූලික හරය හමුවෙනවා ඇති......