මට වයස අවුරුදු 7-8 කාලේ තාත්තා වත්ත අස්කරකර ඉන්නකොට තාත්තට සර්පයෙක් ගැහුවා. තාත්තා අම්මෝ කියනවා ඇහිලා මම දිව්වා බලන්න. තාත්තා සර්පයාව හොයනවා හොයාගන්න නෑ. ඒ අස්සේ කකුලෙන් ලේ එනවා. මම සැකේට දිග කංබිකූරක් අරන් තාත්ත පොඩි පොලිතින් පැකට් වල ඉන්දපු කතුරුමුරුන්ගා පැල 10 -15 ඇද්ද විතරයි අඩි එකහමාරක විතර දිලිසෙන කළු ඇගේ සුදු වයිරන් තියෙන සර්පයෙක් එලියට පැන්න. මම බයවෙලා කෑගහපු සැනින් තාත්තා උදලුපොල්ලෙන් ඌට සොට් එක දුන්නා. පටගාල සතාව බෑග් එකකට දාගෙන මාත් එක්කම මීටර 500ක් ගිහින් බස් පාරට ඇවිත් බස් එකක නැගල රාජගිරියේ ආයුර්වේදෙට ගියේ. (ඒ දවස් වල පැත්තටම තිබුනේ වාහනයයි දෙකයි. ත්‍රීවීල්, ටැක්සි ලොවෙත් නෑ. CTB බස් එක පිබල ගියේ සිද්දිය දැනගෙන.) අයුර්වේදෙදි සර්පයා දැකලා දොස්තරලා ඔලුවේ අතගහගත්ත. තාත්තට බෙහෙත් කරත් සර්පයෙක් කාපු මනුස්සයෙක්ගේ ඇතිවන ලක්ෂණ පෙන්නුම් කරේ නෑ...... හිටිය දොස්තරලා ඔක්කොම අදුනගත්තේ මුදු කරවැලෙක් විදියට වගේම ඒ අය ගොඩක් පුදුම වුණා ලේ එන්න කාලත් විස ගිහින් නැති එකට. තාත්ත කිව්ව කනකොටම ඇදල විසික්කර කියල. මොන දෙවියෝ හරි බලල තාත්තව රැකුන. පොඩ්ඩ එහෙ මෙහෙ උනානම් තාත්තා නැතිව අපි ගොඩක් අසරණ වෙනවා.
මම ලොකුවෙලා ටැංකි හදන් සර්ප පැටව් හැදුව කාලයක් යනකන්, ඒත් පවුල්කාරයෙක් හැටියට දැන්නම් කියන්නේ සර්පයෝ ඉන්න ඕන කැලේ, නැතිව මිනිස්සු අස්සේ නෙමෙයි. සර්පයෙක් ගේක, වත්තක දැක්කොත් සත්ව කරුණාව බල්ලට දාල කෙලපිය මැරිලා යන්න. නොදන්නා එකෙක් අල්ලන්න ගිහින් කාල හරි, අල්ලන එකෙක් එනකන් ඉදලා සතා පැනලා ගියොත් හරි දවසක උබලට, උබලගේ දරුමල්ලන්ට කෙලිය දාට මේකේ ඉන්න පරිසර හිතකාමීන් උබලට බැනර් එකක්වත් ගහන්න එන් නෑ කියල ඉර හද වගේ විශ්වාසයි.
සිංහරාජේ ගෙවල් හදන්නම් ඉන්නේ මේ ලොජික් ගැලපෙන් නැති බවත් මතක්කරන්න ඕන...... වගේම කැලේ ඉන්න සර්පයෝ නොමරන ලෙසටත් ඉල්ලා සිටිනවා
තාත්තව බේරන්න ගිහින් බල්ලව පොලගෙක් කාල මැරිච්ච විදිය පස්සේ කියන්නම්.