අපේ දිහා හිටියා එකෙක්...අපේ නංගි තමා ගෙනත් තිබ්බේ මූව,ඉස්කෝලේ ඇරිලා මූව බස් එකේ අරන් ඇවිත් තියෙන්නේ,ඇවිත් තියෙන්නෙත් හාමුදුරු සීට් එකේ,කොහොමහරි හාමුදුරු කෙනෙක් නැගල වැඩිවෙලා,මු හාමුදුරුවන්ට පිබල හෙන සට්ටමක් දාල

මුගේ ආරම්බය ඔහොමයි...
කවදාවත් එක තැනක ඉන්නේ නෑ,කුඩ පේන්නම බෑ...ඉසලලා තිබ්බම එකේ යටමයි ඉන්නේ...වෙන තැනකට අරන් ගියොත් එතනට යනවා,පොඩි කෙල්ලෝ පෙන්න බෑ...විශේෂෙන් මුට බය පොඩි උන්ට...මුව දැකල දගලනකොට මුට හොදටම මෝල්...ලගට යනවා,තට්ටු දානවා,එටකොට අරුන් මැරෙන්න හදනවා...
කොල්ලෝ වැඩිය දිරවන්නේ නෑ...මුව ගණන් නොගත්තොත් කකුල හපලා හුජ්ජ පාරක් ගහනවා...
මාලු ටැංකියෙන් වතුර බිලා මාලු අල්ලන්න හෙන ගේමක් දුන්න එකෙක් මූ...
ගමේ ඉන්න හැම පුසිටම කෙලියා...මුට ඉන්නවා ස්ථිර පුසියෝ දෙන්නෙක්...උන් දෙන්නා එනවා...ඇවිත් අපේ එකාව නාවනවා...මුළු ඇගම ලෙවකාල....මුට කන්න දුන්නම මු කරන්නේ කෑගහල අර ජෝඩුව ගෙන්න ගන්න එක...උන් දෙන්න කෙවම තමා මේකා කන්නේ...
බල්ලෝ පේන්න බෑ...අවට ඉන්න බල්ලෝ මුට සිරා බයයි...පස්සේ ඉතුරු ටික දැන්නම්