අපරාදෙ උගෙන් අහගන්න තිබ්බෙ බන්
අහගන්න නෙමේ අන්තිමට කහගන්න තමයි වෙන්නෙ ඒ වගේ අම්මන්ඩිලගෙන් වංචා කරන්න ඉගෙන ගෙන. හුඟක් රටවල් වල එක එක විදියෙ බදු ප්‍රතිපත්ති තියෙනවනෙ මචන්. ලංකාවෙ ප්‍රශ්නෙ බදු ගෙවන තරමට සාපේක්ෂව සිදු වෙන ජීවන තත්ව ඉහල නැංවීමේ කාර්‍යයන් අඩු වෙලා තියෙන එකනෙ. ඒත් ඉතින් බන් අපි මොකද බන් ඒකට කරන්නෙ? එකෙක්ට එකෙක් නෑ අතට කීයක් හරි ආවම අපේ හරි ලොකු සිංහලයො. තව එකෙට උදව් කරන්නෙ නෑ වචනෙකින්වත්. හැබැයි තමන්ට කෙලවීගෙන එද්දි අම්මෝ එකට එකතු වෙලා කියල පිටින් පෙන්නල රට හදන්න පෝලිමේ දුවනවා.
උඹට ඒ බදු ප්‍රතිපත්ති ගැළපෙන්නෙ නැත්තන් වෙන රටකට සංක්‍රමණය වෙයන්. නැතුව බදු වංගු ගහන්න හරි බදු ප්‍රතිපත්ති වලට විරුද්ධව ස්ටේශන් එක ඉස්සරහට හරි යන්න එපා. සෝෂල් මීඩියා වල අදහස් ලියන්නත් යන්න එපා.
01. වංගු ගහන්න හුරු වුණාම ඕක පුරුද්දට යනවා මචන්. ඊට පස්සෙ වෙන රටකට ආවමත් සල්ලි නොදී කෑම කන්න, හොර විදියට සල්ලි නොදී ප්‍රවාහන සේවා භාවිතා කරන්න විතරක් නෙමෙයි, ස්ට්‍රීට්ස් වල ඉන්න තමන්ගෙ මහන්සියෙන් සින්දුවක් කියල හරි යූරො සතයක්, පෙනියක් හොයාගන්න මිනිස්සුන්ට සල්ලි දානව වගේ පෙන්නල උන්ගෙනුත් තව කීයක් හරි හොරාකන්න "පුරුද්දක් ඇති වෙනවා." ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන සමීකරණෙට ඕක දැම්මම, මොන ලෝකෙ ගියත් අර කැත පුරුදු උඩට එනවා.
02. පවුලෙ මිනිස්සුන්ට ආදරෙයි නං, රටවල් වල සල්ලිකාරයන්ගෙ තුවක්කු උණ්ඩෙකට උඹේ පවුලෙ උන්ව අහු කරවන්න එපා. කඩේ ගියත්, විරුද්ධව කතා කළත් උන්ට වුවමනාවක් නැති වුණාම සාක්ෂි ඉතුරු කරන්නෙ නෑ උන්.
හරි විදියට බදු ගෙවන්න තේරෙන්නෙ නැත්තන්, ඔය ගැන රජයෙන් නිකුත් කරල තියෙන ඩොකියුමන්ට්ස් ඔක්කොම
NotebookLM එකට දාල Podcast එකක් හදාගනින්. ඇල් වතුරට උල් පිහියෙන් ඇන්න වගේ පිරිසිඳුයි. උඹට ජය මචන්