මොකද මෙ වෙන්නෙ
රෝහල් ගත කෙරුණු පවිත්‍රා රෝහලෙන් පිටව යයි
හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අද උදෑසන බණ්ඩාරවෙල රෝහලට ඇතුලත් කෙරුණු අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පස්වරුවේ එම රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. නෙත් නිවුස් කළ විමසීමක දී අනාවරණ වුයේ උදෑසන 10ට පමණ අමාත්‍යවරිය රෝහල් ගත කෙරුණු බවයි.
ඇය එම රෝහලෙන් පිටව ගොස් ඇත්තේ පස්වරු 05ට පමණ බවද අනාවරණ වුණා. තවද අමාත්‍යවරිය මෙලෙස අසනීප වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා සම්මේලනයේ රැස්වීම් 03කට සහභාගි වීම සඳහා ඊයේ බදුල්ලට පැමිණෙමින් සිටියදියි.
එහිදී අමාත්‍යවරියට වමනය සහ ක්ලාන්ත ගතියක් ඇතිවී තිබෙනවා.
http://nethfm.com/article/31006ඇය එම රෝහලෙන් පිටව ගොස් ඇත්තේ පස්වරු 05ට පමණ බවද අනාවරණ වුණා. තවද අමාත්‍යවරිය මෙලෙස අසනීප වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා සම්මේලනයේ රැස්වීම් 03කට සහභාගි වීම සඳහා ඊයේ බදුල්ලට පැමිණෙමින් සිටියදියි.
එහිදී අමාත්‍යවරියට වමනය සහ ක්ලාන්ත ගතියක් ඇතිවී තිබෙනවා.
මන්ත්‍රිනි සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ ක්ලාන්ත වී රෝහලේ
පාර්ලිමේන්තු මන්ත්‍රීනි වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය හදිසියේ රෝගාතුර වීම නිසා අද දහවල් බණ්ඩාරවෙල රෝහලට ඇතුලත් කෙරුණා. කෙසේවෙතත් ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු අද සවස ඇය රෝහලෙන් පිටව ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා සමුළුවේ රැුස්වීම් කිහිපයකට සහභාගි වීම සඳහා මන්ත්‍රීවරිය බදුල්ලට පැමිණ සිටියා. බදුල්ල තැපැල් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති රැුස්වීමකට සහභාගි වී ආපසු පැමිණිමට සුදානම් වීමේදී ඇයට ක්ලාන්ත ගතියක් ඇතිවු බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පවසන්නේ.
ඇය බණ්ඩාරවෙල රෝහලට ඇතුලත් කෙරුණේ ඒ අනුව බවද ප්‍රකාශ කෙරුණා.
http://nethfm.com/article/31027ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා සමුළුවේ රැුස්වීම් කිහිපයකට සහභාගි වීම සඳහා මන්ත්‍රීවරිය බදුල්ලට පැමිණ සිටියා. බදුල්ල තැපැල් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති රැුස්වීමකට සහභාගි වී ආපසු පැමිණිමට සුදානම් වීමේදී ඇයට ක්ලාන්ත ගතියක් ඇතිවු බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පවසන්නේ.
ඇය බණ්ඩාරවෙල රෝහලට ඇතුලත් කෙරුණේ ඒ අනුව බවද ප්‍රකාශ කෙරුණා.
කව්ද මෙවට වග කියන්නෙ
Last edited:




