මොකෑ මේ වෙන්නේ........

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මොකෑ මේ වෙන්නේ........

    මේ දවස් ටිකේම කල්පනා කරා මොකක් හරි ගැන හොද පෝස්ට් එකක් දාන්න ඔනේ කිය කිය.... අද උදේ දැක්ක පෝස්ට් එකකින් මට හිතුනා ටෙලි නාට්‍ය ගැන එකක් දාන්න ඔනේ කියලා..............

    අපේ තියෙන්නේ පරණ සිංගර් කලු සුදු රූප පේන TV එකක්...:D ඒක අරගෙන තියෙන්නේ මම ඉපදුන දවසෙමයි........:Dඉතින් තාමත් මම ඔය බලන ඒවා බලන්නේ ඔකේ...ඉතින් මම ඉස්සර ඉදලා ටෙලිනාට්‍ය එහෙම බලනවා..ආ තව එකක් කියන්න ඔනේ...මේකේ සිරස ලාවට පේනවා..ස්වර්ණවාහිනී සමහර වෙලාවට පේනවා..දෙරණ එක පේනවද මන්දා..:baffled:අයි එක නොපෙනුනත් කොහොම හරි බලන්න පුළුවන් විදිහට හදාගන්නවා( ඇයි යකෝ මැච් එක බලන්න..:P ඒ වුනාට දැන් මැච් මගුලත් පෙන්නන්නේ අර CSN මගුලෙනේ..:baffled: ඒක පේන්නෙත් නෑ..මැච් එක ඒකට ගත්ත දවසේ ඉදන් පරදිනවා..:frown: මට සිරාවට අයි එක හොදායි...) ජාතියේ නාලිකාව ITN එක..
    :cool: ආන් එක පට්ට විදිහට පේන්නේ ඈ...ජාතික රූපවාහිනී එකත් අවුලක් නැතුව පේනවා.. ඔය කේස් එක තියෙන්නේ මේ ලගකදි ඉදන්.. නැත්නම් ඉස්සර ඔක්කොම චැනල් අහු වුනා...ඉතින් කොහොම වුනත් අපි කතා වැඩිපුර බැලුවේ ITN එකේ..( එකේ කතා බැලුව හින්දද කොහෙදෝ මට ටෙලිනාට්‍ය කියන සබ්ජෙට් එකම එපා වුනා..:baffled:)...
    මම බලපු කතා ටිකක් මම ඔයාලට කියන්නම්...
    ස්වර්ණවාහිනියේ ජීවිතේ ලස්සනයි, සත්සර නිම්නය එහෙම බැලුවා වගේ මතකයි..ආයේ ITN එකේ සරදියල්, මහතලා හටන, පබලු, අමන්දා, බොද මීදුම්, එහෙම බැලුවා, ජාතික එකේ දඩුබස්නාමානය බැලුවා.. තව එක එක එවා බලලා තියනවා. ඒවගේ නම් මතක නෑ අප්පා...:no::no::no:

    ඉතින් මම දැන් කතා කරන්න යන්නේ අනිත් නාලිකා වල ගිය ටෙලිනාට්‍ය ගැන නෙමේ...ITN එකේ ගියපු ටෙලිනාට්‍ය ගැනයි..

    ඉතින් මට මේ ටෙලි නාට්‍ය කලාව එපා වෙන්න ගත්තේ පබලු එකෙන්..:baffled: එක එක පාරට හෙන ගැහුවා වගේ ඉවර වුනා. අමන්දා එක චාටර් කරලා දැම්මා, බොද මීදුම් එක ස්ලයිඩ් ෂෝ දාලා අන්තිම ටික ඉවර කරා...:baffled: කොහොම හරි ඒ දවස් වල ඔය වගේ මහ පිස්සු ටිකක් කෙලියා.....අනික මේ හැම ටෙලි නාට්‍යයකම හරිම ඒකාකාරි බවක් තියනවා..ඔයාලත් පොඩ්ඩක් හිතලා බලන්නකෝ.........:dull:

    එක්කෝ කෙල්ල දුප්පත් කොල්ලා පෝසත්, කොල්ලගේ ගෙදරින් මේකට කැමති නෑ...:baffled:
    නැත්නම් කොල්ලා දුප්පත් කෙල්ල පෝසත්, කෙල්ලගේ ගෙදරින් මෙකට කැමති නෑ......:baffled:
    නැත්නම් ඔන්න මොකාක් හරි රහසක් අල්ලගේන මුලු ටෙලිනාට්‍ය පුරාවටම ඒක ඇද ඇද තියනවා......:baffled:

    ඔන්න පොඩි උදාහරණ ටිකක්.........

    පබලු එකේ රහසක්, අමන්දා එකේ රහසක්, අමා එකේ රහසක්, රන් සමණලයෝ එකේ රහසක්, සිහින පියාපත් එකේ රහසක්,:frown::frown::growl:

    මේ හැම මගුලක්ම එකම විදිහටනේ යන්නේ.....:growl:ඉතින් මටනම් මේවා එපා වුනා.. ඇයි වෙන කතා තේමාවක් දාන්නේ නැත්තේ.. අනේ මන්දා.....

    බලන්නකෝ ඉස්සර ටෙලි නාට්‍ය...
    දඩුබස්නාමානය, ජීවිතේ ලස්සනයි, සත්සර නිම්නය, සරදියල්, මහතලා හටන වගේ ඒවා.. පුදුම ලස්සනක්නේ තියෙන්නේ...(තව මම බලපු නැති ලස්සන එවා ඇති).
    මේවගේ හොද කතා තේමාවක් තිබුනා....දැන් තියන ඒවගේ මෙලෝදෙයක් නෑ.....නිකන් බොරු ප්‍රශ්ණ ටිකක් මිනිස්සුන්ගේ ඔළුවලට දානවා...මේ වගේ කතා හින්දා අපේ ටෙලිනාට්‍ය කලාව අභාවයට යනවා......:frown::frown:
    මමනම් දැනට බලන්නේ කිරිකවඩි කියන සෙනසුරාදා 8.00 ට යන කතාව විතරයි..එකේ යම් කිසි ලස්සන කතාවක් තියනවා කියලා මට හිතෙනව..
    :)ඒත් ඉදිරියට මොනවා වෙයිද කියන්න බෑ..........:baffled:

    මට අන්තිමට කියන්න තියෙන්නේ ඔය වැඩකට නැති කතා බලන වෙලාවේ හොදට කාලා බුදියගනිල්ලා.........:lol::lol:

    ඉතින් මේ පෝස්ට් එක කියවලා උඹලට හිතෙන දේවල් කියලා පලයල්ලා.....කියන්න දෙයක් නැත්තන් ලොකූ අකුරෙන් BUMP එකක් දාලා පලයල්ලා අනිත් එවුන්ට බලාගන්නත් එක්කලා........ඒත් මදි කියලා හිතෙනවනම් බලලා තියන ලස්සන කතාවක් මෙතන දාලා පලයල්ලා.....

    මේ පෝස්ට් එක හින්දා උඹලගේ හිත රිදුනනම් මට සමාවෙයල්ලා...
    ඒවගේම කියන්න ඔනේ මම මෙතන දාලා තියෙන්නේ ITN එකේ ගිය, මම බලපු කතා විතරයි....අනික් චැනල් වල සමහරවිට හොද කතා යනවද කියන්න මම දන්නේ නෑ.. නමුත් ITN එකේ යන ඒවනම් චාටර්..........

    මේ මම දාලා තියෙන්නේ මගේ අදහස විතරයි..
    ඔයාලට මොකද හිතෙන්නේ මේ ගැන..
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    i haven't seen lot of Sinhala tv series, but i know Roshan Ravindra's tv series are excellent .
    To me , he is the brilliant actor we had in last decade
    image.php
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    i haven't seen lot of Sinhala tv series, but i know Roshan Ravindra's tv series are excellent .
    To me , he is the brilliant actor we had in last decade
    image.php

    yes he is a very talented actor. I hv watched his "ඇබෑර්තු ඇත" tele drama. One of the best tele drama i have ever watched. :yes::yes:
    Rupavahini maintains their status with good tele-dramas and programs except News.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මම නම් ආස පරණ ටෙලිනාට්‍ය වලට, කන්දේ ගෙදර, පලිඟු මැණිකේ, ලාහිරු දහසක්, චරිත තුනක්, බැද්දේ ගෙදර අන්න නියම ටෙලිනාට්‍ය. එකකට එකක් වෙනස් කතා. හැම කතාවක් අවසානයේම මිනිස්සුන්ට හොඳ පණිවිඩයක් ජීවිතයට ඉතුරු කරනවා. වචනයෙන් කියන්න බැරි තරම් තාත්විකයි. මොකද දැන් ටෙලි වල ගෙදර වැඩ කාරය ජෝකර් කෙනෙක්. ඌ සපත්තු දානවා, ගෙදර අයිතිකාරයන්ට කෝචොක් කරනවා. නිකමට හිතපන් ඔහොම එකෙක් අපේ ගෙදරක හිටියොත් පුකට පයින් ගහල එලවල දානවනෙ. :lol:
    හරිම බොලඳ අනේ මන්ද මොන මානසිකත්වයක ඉන්න එවුන්ද මේවා ලියන්නේ කියල. ගමේ ගොඩේ කෙල්ලො පවා ඉන්නෙ ෆුල් මේකප් දාගෙන, සාමාන්‍ය ජීවිතයේ දකින කිසි දෙයක් නැහැ. හැම දේම හීන ලෝක වල මවා පෑම්. හිඟන්නෙක් හිඟන්නෙක් විදියට මේකප් කරන්නෙ නැහැ. අම්මයි දුවයි අක්කයි නංගි වගේ. තරුණ නළුවන් වැඩිහිටි චරිත වලට අරන් බොරුවට කොන්ඩෙයි රැවුලයි විතරක් සුදු කරනවා. මට නම් මේවා දකිනකොට අප්පිරියයි. අයි යකෝ ඔහොම මිනිස්සු ඉන්නෙ මොන ලෝකෙද?

    මුළු ටෙලි ක්ෂේත්‍රයම මහා ගූ ගොඩක් වෙලා තියෙන්නෙ. අනේ ඔය චැනල් වලින් පරණ ටෙලිනාට්‍ය ටික වත් ආපහු පෙන්වන්න ගන්නවානම් :dull:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    :yes::yes::yes:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠

    තැන්ක්ස් මචන්..........:)

    kathawa sahatika atta dan drama gana katha krna 1t terumak nati wadak mam nam parana drama downld krala blnwa ewa blana blana asay

    ඔව් බන්.....
    පරණ ඒවට ගහන්න පුළුවන් ඒවා දැන් නෑ බන්..........

    අම්මප ඇත්ත මචන්..:):)

    ඔව් බන්........
    ආසාවට බලන්න ලස්සන කතාවක් නෑ.........
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    i haven't seen lot of Sinhala tv series, but i know Roshan Ravindra's tv series are excellent .
    To me , he is the brilliant actor we had in last decade
    image.php

    ඔව් බන්.........
    මූට හොද හැකියාවක් තියනවා.........
    සරදියල් එකේ පට්ට එකට රගපෑවා.........

    mama kata balanna na banz magan bump eka
    bump

    ඒක හොදයි මචන්.......
    බලන්නේ නැති තරමට හොදයි.............
    11.gif
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠

    තැන්ක්ස් මචන්............:):)

    yes he is a very talented actor. I hv watched his "ඇබෑර්තු ඇත" tele drama. One of the best tele drama i have ever watched. :yes::yes:
    Rupavahini maintains their status with good tele-dramas and programs except News.

    :yes::yes::yes::yes::yes::yes::yes:

    මම ඒ ටෙලිනාට්‍ය බැලුවේ නෑ බන්.........
    මට සමහරු කීවා මේක හොද ටෙලිනාට්‍යයක් කියලා..........
    රූපවාහිනි එකේ ගොඩක් ගම් වල කතා තමා යන්නේ..ගම්වල තමා මචන් හොද කතා හැදෙන්නේ...
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,376
    6,207
    113
    උබව හමගහන්න එපැයි...උබකියන්නේ ඇත්ත තමයි.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Captain ජැක් ස්පැරෝ;11626540 said:
    මම ඒ ටෙලිනාට්‍ය බැලුවේ නෑ බන්.........
    මට සමහරු කීවා මේක හොද ටෙලිනාට්‍යයක් කියලා..........
    රූපවාහිනි එකේ ගොඩක් ගම් වල කතා තමා යන්නේ..ගම්වල තමා මචන් හොද කතා හැදෙන්නේ...

    ඔව්. ITN උන්ට අර අමුඇටමුල්ලේද , බත්තරමුල්ලෙද තියන ගෙදර විතරයි හැම එකටම තියෙන්නෙ.
    ඒකට වෙලා ගෑනු සුසුම් හෙලනව විනාඩි 10ක් , ඊටපස්සෙ පරන සීන් එකක් මතක් කරනව තව විනාඩි 10ක්.. ඊටපස්සේ අඩනව..
    කතාව ඉවරයි.. දැන් ටෙලි නාට්‍ය හදන්න හරි ලේසී බන්..
    ඕව බලන අපිටයි ගහන්න ඕනි:angry::angry:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මචන් සෙනසුරාදා ඉරිදා 7.30 අයි ට් එන් එකේ යනවා මේ වසන්ත කලයයි කියල නාට්ටිය මාර ගතියක් තියෙනවා. අමුතු කතාවක්. මන් නම් එක විතරරයි බලන්නෙ.
     
    Last edited:

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මම නං හොඳ කතාවලට කියල බැලුවේ දඬුබස්නාමානයයි, හිරුට මුවාවෙන් කියන එකයි ලෝකාන්තය කියන එකයි :cool:. අන්තිමට බැලුව කතාව සකිසඳ එලියස් කියන කතාව ඊට පස්සේ කතාවක් බලපු කාලයක් මතක නෑ.:dull:
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ITN එකේ නාට්‍ය විතරක් නෙවේ අනික් ඒවා බලන උන්වත් රවුන්ඩ් ද බවුන්ඩ් එකක් තියල ගල් ගහන්න ඕනෙ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මම නම් මචන් වැඩිය ටීවී බලන්නෙ නෑ මැච් එකක් ගියොත් බලනව ලංකාවේ එවා බලන්න හිතෙන්නෙ නෑ 24 බලනව සිරසෙ යන නිවුස් එහෙම ඉන්දල හිටල බලනව නැතුව බලන්නෙ නෑ

    මේ ළගදි ඉන්දල අර ස්වර්ණවහිනි එකේ යන නාට්‍ය බලනවා "මොණරතැන්න"ඒක විතරයි බාග වෙලාවට බැලෙන්නෙ ඩ්‍රමා.අයිටී.එන් එකේ කුජීත ඩ්‍රමා එපා. ඕවල ඉන්න එවුන් ඉස්සරහට චන්දෙට රිංගන නිසා