අද එහෙනම් පොඩ්ඩක් කතාකරමු අපි මොනවද මේ "Full Container Load" සහ "Less than Container Load" කියන්නේ කියලා බොහොම සරලවම. තවත් කෙටි කරොත් "FCL" සහ "LCL" කියන්නේ මොනවද කියලා ?
'Full Container Load'
'Full Container Load' එහෙම නැත්නම් "FCL" කියලා සරලවම හදුන්වන්නේ තනි අපනයනකරුවෙකු විසින් තවත් තනි ආනයනකරුවෙත යවනු ලබන භාණ්ඩ සම්පුර්ණ බහාලුමක නැව්ගත කිරීමක්. එසේත් නැතහොත් අපනයනකරුවෙකු විසින් තම භාණ්ඩ ප්‍රවාහනය සඳහා පමණක් වෙන්කරවා ගන්නා තනි බහාලුමක්. එය තනි අපනයනකරුවෙකු සහ තනි ආනයනකරුවෙත දෙපාර්ශවයේ තනි ප්‍රයෝජනය සඳහා වූ යොදාගන්නා බහාලුමකි. මෙහිදී නැව් සමාගමට ගෙවිය යුතු බහලුම් සහ ගුදම් (freight) ගාස්තුව අපනයනකරුවා හෝ ආනයනකරු තනිවම පියවිය යුතුයි. මෙහිදී නැව්කරුට වෙනත් නැව්කරුවන් විසින් වෙන් කර ඇති භාණ්ඩ සමඟ කන්ටේනරය බෙදා ගැනීමට අවශ්‍ය නොවේ.
උදා : @NRTG ගාව තියෙන ටයර් තොගයක් @Stimulus mind වෙත තනි බහාලුමක යැවීම.
"Less than Container Load"
අපි හිතමු ආනයන කරුවෙක් බහාලුමක් පිරෙන්න තරම් භාණ්ඩ නැතුව ඉතා කුඩා ප්‍රමාණයේ භාණ්ඩ ප්‍රමාණයක් ඉල්ලුම් කරා කියලා. එමනිසා භාණ්ඩයේ ප්‍රමාණයට එතරම් ඉඩක් අවශ්‍ය නොවන නිසා අපනයනකරුට සම්පූර්ණ බහාලුමක් වෙන්කරවා ගැනීමට අවශ්‍ය නොවේ. මෙවන් අවස්ථා වලිදී "Consolidator" එහෙම නැත්නම් "Console Operator" යනුවෙන් හදුන්වන සහ පෙනීසිටින අතරමැදි (Freight forwarder) පාර්ශවයක් සම්බන්ද කරගනිමින් කුඩා කුඩා භාණ්ඩ ගුදම් කිහිපයක් සමග එකට බහලුම්ගත කර අදාළ රටට අපනයන කිරීම "Less than Container Load" එහෙම නැත්නම් "LCL" ලෙස හදුන්වයි.
Freight forwarder පාර්ශවයක් මෙහිදී වෙනත් වෙනත් අපනයනකරුවන් සම්බදකරගෙන භාණ්ඩ කිහිපයක් ඒකාබද්ධ කිරීමෙන් 'ඒකාබද්ධ කිරීමක්' සිදු කරයි. ඔවුන් එසේ කරන්නේ "FCL" කන්ටේනරයක් නැව් සමාගමින් (Shipping Line) වෙන්කරවාගෙන විවිධ අපනයනකරුවන්ගේ භාණ්ඩ සමඟ එය ඒකාබද්ධ කිරීමෙනි. භාණ්ඩ පසුව ඔවුන්ගේ ගමනාන්ත වරාය හෝ ප්‍රවාහනය අනුව වර්ග කර නැව්ගත කරනු ලබයි. මෙහිදී නැව් සමාගමට ගෙවිය යුතු බහලුම් සහ ගුදම් (freight) ගාස්තුව Freight forwarder පාර්ශවය විසින් ප්‍රථමයෙන් නැව් සමාගමට පියවා පසුව එක් එක් අපනයනකරුවන් හෝ ආනයනකරුවන් අතර බෙදා අයකර ගනි.
උදා : @Stimulus mind ( Freight forwarder) විසින් නැව් සමාගමකින් බහාලුමක් ලබාගෙන, @NRTG ගාව තියෙන ටයර් තොගයක්, @PHBhagya ගාව තියෙන මෝටර් තොගයක් සහ @Solo Rider ගාව තියෙන එන්ජින් තොගයක් ඇමෙරිකාවට අපනයනය කිරීම.
මෙහිදී "Less than Container Load" යටතේ ගමනාන්තයේදී බහලුමේ සියලුම භාණ්ඩ සදහා එක් ආනයනකරුවෙක් හෝ එක් එක් භාණ්ඩ ගුදම සදහා එක් එක් ආනයනකරුවෙක් සිටිය හැක.
FCL සහ LCL බහාලුම් අතර ප්‍රදාන වෙනස්කම්
FCL බහාලුමක් නැව්ගත කිරීම සඳහා, නැව්කරුට අවම වශයෙන් එක් සම්පූර්ණ බහාලුමක් වෙන්කරවා ගැනීමට සිදුවේ. LCL නැව්ගත කිරීම සඳහා, බහාලුමක් වෙන්කරවා ගැනීම අවශ්ය නොවේ. වෙන්කරවා ගත යුත්තේ එයින් කොටසක් පමණි. FCL සම්බන්ධයෙන් ගත් කල, එහි ඇති භාණ්ඩ එක් සමාගමකට පමණක් හිමි වේ. LCL හි, ඒකාබද්ධ කරන ලද සහ විවිධ සමාගම් සතු භාණ්ඩ තිබිය හැක.
FCL බෙදා හැරීම LCL වලට වඩා ඉතා වේගයෙන් සිදු වේ. සම්පූර්ණ කන්ටේනරය වෙන් කර ඇති බැවින්, වෙනම බෙදාහැරීමේ වරායන්හි කන්ටේනරය වර්ග කිරීම සහ ඉවත් කිරීම අවශ්‍ය නොවේ. FCL බහලුම් අදාළ ගුදම්, වරාය සහ රෙගු ගාස්තු පියවීමෙන් පසු ට්‍රක් රථයක් මගින් නිෂ්කාශය කර වරායෙන් පිටතට රැගෙන යාහැක.
නමුත් LCL බහලුම්, ගමනාන්ත වරායට පැමිණි පසු වර්ගීකරණය සිදුකර වරාය පරිශ්‍රය තුල විබජනය(de-stuffing) කිරීමෙන් පසුව පමණක් එක් එක් ආනයනකරුට අදාළ ගුදම්, වරාය සහ රෙගු ගාස්තු පියවීමෙන් පසු ට්‍රක් රථයක් මගින් නිෂ්කාශය කර වරායෙන් පිටතට රැගෙන යාහැක.
මෙහිදී FCL වලට සාපේක්ෂව LCL භාණ්ඩ නිෂ්කාශනය සදාහා සැලකියයුතු ප්‍රමාදයක් සහ කාලයක් ගතවේ. LCL සම්බන්ධයෙන් ගත් කල, භාණ්ඩ වර්ග කිරීම, ලේඛන ඒකාබද්ධ කිරීම සහ සැකසීම සඳහා අමතර කාලයක් අවශ්‍ය වේ. LCL තොග සම්බන්ධයෙන් පැටවීම සහ බෑම සඳහා ගතවන කාලයද වැඩි විය හැක.
FCL හා සසඳන විට LCL භාණ්ඩ ප්‍රවාහන ගාස්තුව තරමක් අඩු වුවද, ඉහළ පර්යන්ත හැසිරවීමේ ගාස්තු සහ ප්‍රලේඛන ගාස්තු සහ අතරමැදිකරුවන් අයකරනුලබන අමතර ගාස්තු තිබිය හැක.
කෙටි සටහන : Walter White
චායාරුප සහ තොරතුරු : අන්තරජාලය තුලින් උපුටාගන්නා ලදී

Last edited: