බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන පරිදි සිදුහත් යශෝදරා පේ‍්‍රම වෘත්තාන්තය අතිරමණීයය....
සිදුහත් කුමාරයා තමන් හා රාහුල පුතු තනිකර ගිහිගෙය හැරදමා ගිය විට එනම් අභිනිෂ්ක්‍රමණය කළ විට යශෝදරා ඔහුට වෛර කරන්නේ නැත. ඔහුගේ සැපම ඇය එදා ප්‍රාර්ථනා කළේ මෙලෙසිනි.
කැලේ තිබෙන කොයි දේවත් රස වේවා
මලේ බඹරු මෙන් පිරිවර ඇතිවේවා
අව්වේ තිබෙන රැස් මාලා අඩුවේවා
ගව්වෙන් ගව්ව දිව මාළිග සෑදේවා.......
මෙම සිදුහත් යශෝදරා පේ‍්‍රමය සසර බොහෝ කලක සිට පැවැති එකකි.පෙරුම් පිරූ සමයේ, වෙස්සන්තර ජාතකයේ දැක්වෙන පරිදි වෙස්සන්තර රජු හා මන්ත්‍රී දේවියද, කුස ජාතකයේ කුස රජු හා පබාවතී චරිතයද, සඳකිඳුරු ජාතකයේ යුවළද ඊට උදාහරණය ය.
වෙස්සන්තර ජාතකයේ වෙස්සන්තර රජු තම දරුවන් ජූජක බමුණාට දන් දුන් පසු යශෝදරාවට ඒ ගැන ඇතිවෙන්නේ මහත් කම්පාවකි. නමුත් එය ඇය විසින් විඳ දරා ගන්නේ මතු බුදුවන බෝසතුන්ගේ දාන පාරමිතාව එයින් සම්පූර්ණ වන බැවිනි. මෙසේ කිසි කලෙක යසෝදරා චරිතය බෝසතුන් දෙස ද්වේෂයෙන් බලා නැති බව පෙනේ.
වරක් බුදුරජාණන් වහන්සේ වෙත එළැඹුණ නකුල මාතා හා නකුල පිතා යන වියපත් අඹුසැමි යුවළ උන්වහන්සේගෙන් විමසන්නේ මේ භවයේදී මෙන් සසර පුරා ද තමන් පේ‍්‍රමයෙන් හමු වී කල් ගෙවිය හැකි ද යන්න යි. එහිදී උන් වහන්සේ පවසන්නේ, ශ්‍රද්ධා , සීල ත්‍යාග ප්‍රඥා යන ගුණාංග සතර ඔවුන් දෙදෙනා තුළ සමාන ලෙස වැඩී ඇත්නම් තම පැතුම මතු සසරෙහි ද අඹුසැමියන් ලෙස පේ‍්‍රමයෙන් හමුවීමට ඔවුනට හැකිවන බවයි.
පුළුල් අර්ථයෙන් විග්රහකළ විට පේ‍්‍රම කිරීම හා මෛත්‍රී කිරීම යනු දෙකක් නොව එකක් හැටියට සැලකිය හැකි ය. ඔය ඉහතින් සඳහන් කල ශ්‍රද්ධා , සීල ත්‍යාග ප්‍රඥා යන ගුණාංග සතර යශෝදරාව විසින් ඒ වන විටත් මනාව ප්‍රගුණ කොට තිබුණි..
ඒ අනුව ධර්මසිරි ගමගේ ශූරීන් විසින් ‘හුලවාලි’ චිත්‍රපටය සඳහා රචිත පදමාලාවක් මෙහිදී සිහිපත් කිරීම සුදුසු ය. එයින් කියැවෙන්නේ බුදු සමයෙන් හෙළි කෙරෙන පේ‍්‍රමයේ ස්වභාවය ගැනයි...
"ආලවඩන අකුරු පහේ තේරවිල්ල සකි
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකි
ආලෙ බිඳුන දා කුමකට කඳුළු සලනු සකි
ආලවඩන යන තේරුම "බෝසත්කම" සකි.........
මෙම බෝසත්කම හරි හැටි ආත්ම ගනනාවක සිට අනේක විධ පෙරුම් පුරමින් එය විඳිමින් පසක් කර ගෙන සිටි යශෝදරා තොමෝ සැබැවින්ම භාග්‍යවන්තය..වාසනාවන්තය....
මල්ලියා ගැන මං බොහෝ ආඩම්බර වෙනවා මෙලෙස ප්රබුද්ධ සංවාදයකට අප සැවොම ඒකරාශී කිරිම ගැන..
මෙවන් සංවාදයට තුඩු දෙන වේදිකාවක් අප අවට ඇති සමාජයට නිර්මානය කර දීම තමයි අද දවසේ තරුන නිර්මානකරුවන්ගේ වගකීම.
එය මෙහිලා ඉටු කරන්නට සාර්ථක ප්රයත්නයක් දරා ඇති ඔබට මගේ ආචාරය....
මල්ලියට ජය.....