යශෝධරාවන්ගේ ඌණ පූර්ණය

nexuszone

Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    ඔවු දක්ෂ තාව කියන එක හරි ..ඒත් ඔය අයිතියක් තියනවා කියන එකනම් මං පිළිගන්නෑ
    යමෙක් පර්යේශන කරලා රිසර්ච් කරලා හෝ පිළි ගත හැකි පදනමක් මත පවතින මතයට වෙනස් අදහසක් ඉදිරිපත් කරනව නම් ඒකෙ වැරැද්දක් නෑ..

    නිර්මාණයක් කියන්නෙ හිතෙන දේම ලියන එක නෙමේනෙ...
    නිර්මාණයක් නම් අනිවාර්යෙන්ම එය පිළිගත හැකි පදනමක් මත තිබිය යුතුයි...

    නැත්නම් අර එකෙක් කීවා වගෙ විහාරමහා දෙවිය කිරින්දේ වැල්ලේදී දූශණය කරලා ඉපදුණු අවජාතක දරුවා දුටුගැමුණූ කියලා නිර්මාණයක් ආවොත්..ඒක අයිතියක්ද?

    අදහස් ප්‍රකාශ කිරීම අයිතියක් !
    ඒත් ගැටළුව මේකයි; ඒ අදහස සදාචාරවත් විය යුතුයි...
    සදාචාරවත් ලෙස, පිළිගත හැකි පදනමකින් උක්ත පරිදි නිර්මාණයක් කරන්න නිර්මාණ කරුවාට අයිතිය තිබිය යුතුයි...

    එතුමිය සාමන්‍ය ගැහැණියක කියා ඔබ විශ්වාස කරනවනම් එලෙස අර්ත දක්වනවනම් ඇය තිලෝගුරු බුදුරජානන් වහන්සෙව තේරුම ගත්තේ නෑ කියනවනම් එක ඔබෙ මතය :D

    ඇය බුදුන් වහන්සේව තේරුම් ගත්තෙ නෑ කියල මම කියන්නෙ නෑ...
    ඒත් ඇය ගැහණු හිතක් තිබෙන... උතුම් ගැහැණියක්...

    සමහර විට තව කාලයක් යනකොට ඔබේ අදහස වෙනස් වෙයි..මොකද මාත් කාලෙකට පෙර නොදන්නා කමට ඔවැනි අදහස් හරියි කියලා හිතුවා :P

    අයියෝ මම පව්... :lol::shocked::rofl:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ආලය...
    හුදෙක් ලිංගික ඇසුරක් නොව සන්සාරික පුරුද්දක මතින් සිතාද්දර ගෞරවනීයව දිවි ගෙවීමක් වන කල්හි......
    සාමාන්‍ය ගැහැනියක දකින අසාධාරනය වඩා ඇය භාග්‍යවන්තියක්ම වූවාය
    ලොක්කයියා සාර්ථක නිර්මානයක්..... ඔබට ජය
    :D ස්තූතියි
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නිර්මාණය කාලෝචිත සාර්තක එකක් සහෝ...

    ඒත් මටත් දෙපැත්තම හිතෙනවා.වාසනාව වගේම අවාසනාව දෙකම කැටිකොට ගත් යශෝදරාව....

    අනිත් මත මොනව වුනත් නිර්මාණය තුලින් ඔබ කියන්න හදන දේ සාර්තකව කියල තියෙනවා..සුබ පැතුම්
     
    Last edited:

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    හ්ම්ම්... ධර්මය ගැන පාසලෙන් ඉගන ගත්තා මිසක් වැඩි දුර හදාරලා නැති නිසා මේකට මොකක් කියන්නද කියලා හිතා ගන්න බැහැ......:rolleyes:

    ඒත් පලමුවෙන්ම කියන්න ඕන ලස්සන නිර්මාණයක්... විශිෂ්ටයි අමිල අයියා රෙප් + :yes:

    මගේ මතයට අනුව යශෝදරා දේවිය සාමාන ගැහැණියක් ලෙස දකින්න අමාරුයි... චන්දකින්නර ජාතකය කියන ආකාරයට
    පෙර ආත්ම වල ඉදලාම මහත් වූ කැප කිරීම් කරලා තියනවා කියලා සදහන් වෙලා තියනවා..(පෙර තිරිසන් යෝනියෙහි ඉපිද පවා )

    එම නිස සාමන්‍ය ගැහැණියක් සිතන ආකාරයට වඩා වෙනස් දෘෂ්ටි කෝණයකින් සිදුහත් කුමාරයාගේ අභිනිශ්ක්‍රමණය දෙස ඇය බලන්න ඇති.:eek:

    කොහොම වුනත් අපි මෙහෙම තර්ක කලාට යශෝධරා දේවියට ඒවෙලේ මොනවා හිතෙන්න ඇත්ද කියලා එයාගෙන්ම තමයි අහල බලන්න ඕන...:sorry: ඒකාලේත් අද වගේ මාධය සාකච්චා තිබුනා නම් දැන ගන්න තිබුණා..:rolleyes:

    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    මට මතකයි කාලෙකට කලින් අරවින්ද පළකරපු නිර්මාණය.......මත විවාද මත තිබුන හැටි...

    මම හිතන විදියට යශෝදරා කියන්නේ තවත් එක් ගැහැනියක් පමනක්ම නොවේ.....
    ඇය අවාසනාවන්තයි කියන්න බැහැ...

    ඇය බිරිද උනේ සාමාන්‍ය කුමරෙක් සමග උනත් ඇය දැන ඉන්නට ඇති ඔහු බුදුවීමට පෙරුම් පුරන බව

    ඇය සියළු දේ දරා ඉන්නට ඇති..ශක්තිමත් සහ මැදහත් සිතින්

    ඒ නිසයි එවැනි ගැහැනියකට " යශොදරාවක් " යැයි ආමන්ත්‍රනය කරන්න පවා පෙළබෙන්නේ

    අමිලගෙ අදහසට මම එකගයි

    ඉතාවටිනා නිර්මානයක්

    dil ge adahasata maath ekangai..aravinda mage hondama yaaluwek unath yashoodara kiyanne awasanawantha gahaniyak kiyala mamath mohothakatawath hitanne naa.. ee mokada budu bawa pathana uththamayek ha sarana giya gahaniyak kisi lesakawath saamanya gahaniyak nowena nisa..

    saarthaka, sathyawaadee niramanayak bro......
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන පරිදි සිදුහත් යශෝදරා පේ‍්‍රම වෘත්තාන්තය අතිරමණීයය....

    සිදුහත් කුමාරයා තමන් හා රාහුල පුතු තනිකර ගිහිගෙය හැරදමා ගිය විට එනම් අභිනිෂ්ක්‍රමණය කළ විට
    යශෝදරා ඔහුට වෛර කරන්නේ නැත. ඔහුගේ සැපම ඇය එදා ප්‍රාර්ථනා කළේ මෙලෙසිනි.

    කැලේ තිබෙන කොයි දේවත් රස වේවා
    මලේ බඹරු මෙන් පිරිවර ඇතිවේවා
    අව්වේ තිබෙන රැස් මාලා අඩුවේවා
    ගව්වෙන් ගව්ව දිව මාළිග සෑදේවා.......

    මෙම සිදුහත්
    යශෝදරා පේ‍්‍රමය සසර බොහෝ කලක සිට පැවැති එකකි.පෙරුම් පිරූ සමයේ, වෙස්සන්තර ජාතකයේ දැක්වෙන පරිදි වෙස්සන්තර රජු හා මන්ත්‍රී දේවියද, කුස ජාතකයේ කුස රජු හා පබාවතී චරිතයද, සඳකිඳුරු ජාතකයේ යුවළද ඊට උදාහරණය ය.

    වෙස්සන්තර ජාතකයේ වෙස්සන්තර රජු තම දරුවන් ජූජක බමුණාට දන් දුන් පසු යශෝදරාවට ඒ ගැන ඇතිවෙන්නේ මහත් කම්පාවකි. නමුත් එය ඇය විසින් විඳ දරා ගන්නේ මතු බුදුවන බෝසතුන්ගේ දාන පාරමිතාව එයින් සම්පූර්ණ වන බැවිනි. මෙසේ කිසි කලෙක යසෝදරා චරිතය බෝසතුන් දෙස ද්වේෂයෙන් බලා නැති බව පෙනේ.

    වරක් බුදුරජාණන් වහන්සේ වෙත එළැඹුණ නකුල මාතා හා නකුල පිතා යන වියපත් අඹුසැමි යුවළ උන්වහන්සේගෙන් විමසන්නේ මේ භවයේදී මෙන් සසර පුරා ද තමන් පේ‍්‍රමයෙන් හමු වී කල් ගෙවිය හැකි ද යන්න යි. එහිදී උන් වහන්සේ පවසන්නේ, ශ්‍රද්ධා , සීල ත්‍යාග ප්‍රඥා යන ගුණාංග සතර ඔවුන් දෙදෙනා තුළ සමාන ලෙස වැඩී ඇත්නම් තම පැතුම මතු සසරෙහි ද අඹුසැමියන් ලෙස පේ‍්‍රමයෙන් හමුවීමට ඔවුනට හැකිවන බවයි.

    පුළුල් අර්ථයෙන් විග්‍රහකළ විට පේ‍්‍රම කිරීම හා මෛත්‍රී කිරීම යනු දෙකක් නොව එකක් හැටියට සැලකිය හැකි ය. ඔය ඉහතින් සඳහන් කල
    ශ්‍රද්ධා , සීල ත්‍යාග ප්‍රඥා යන ගුණාංග සතර යශෝදරාව විසින් ඒ වන විටත් මනාව ප්‍රගුණ කොට තිබුණි..

    ඒ අනුව ධර්මසිරි ගමගේ ශූරීන් විසින් ‘හුලවාලි’ චිත්‍රපටය සඳහා රචිත පදමාලාවක් මෙහිදී සිහිපත් කිරීම සුදුසු ය. එයින් කියැවෙන්නේ බුදු සමයෙන් හෙළි කෙරෙන පේ‍්‍රමයේ ස්වභාවය ගැනයි...

    "ආලවඩන අකුරු පහේ තේරවිල්ල සකි
    රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකි
    ආලෙ බිඳුන දා කුමකට කඳුළු සලනු සකි
    ආලවඩන යන තේරුම "බෝසත්කම" සකි.........

    මෙම බෝසත්කම හරි හැටි ආත්ම ගනනාවක සිට අනේක විධ පෙරුම් පුරමින් එය විඳිමින් පසක් කර ගෙන සිටි යශෝදරා තොමෝ සැබැවින්ම භාග්‍යවන්තය..වාසනාවන්තය....

    මල්ලියා ගැන මං බොහෝ ආඩම්බර වෙනවා මෙලෙස ප්‍රබුද්ධ සංවාදයකට අප සැවොම ඒකරාශී කිරිම ගැන..

    මෙවන් සංවාදයට තුඩු දෙන වේදිකාවක් අප අවට ඇති සමාජයට නිර්මානය කර දීම තමයි අද දවසේ තරුන නිර්මානකරුවන්ගේ වගකීම.

    එය මෙහිලා ඉටු කරන්නට සාර්ථක ප්‍රයත්නයක් දරා ඇති ඔබට මගේ ආචාරය....

    මල්ලියට ජය.....
     
    Last edited:

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මටත් සංවාද මණ්ඩපයට ගොඩවෙන්න අවසර......

    ඉස්සෙල්ල්ම අපි අපේ බෞද්ධකම පොඩ්ඩකට පැත්තකට තියලා " යශෝධරා" කියන ගැහැණිය දෙස බලමු.

    ඈය වයස 16 දි වැඩ පෙන්නපු සිදුහත් එක්ක විවාහ උනා. අවුරුදු 13 ක් පවුල් කෑවා. කුළුදුල් දරුවා බිහිවුනු දවසේ මිනිහා දාලා ගියා. තාම ඇයට වයස අවුරුදු 29 යි. හැඟීම් දැනීම් තවමත් හොදට දැනෙනවා. නමුත් මාස දහයක බඩක් නිදහස් කරපු ඇය සිරි යහන් ගබඩාවේ තනි යහනේ සැතපෙනවා... හිතන්න. පොඩි ළමයි නෙවෙයිනේ අපි...

    මා හිතන පරිදි අපි කවුරුත් යශෝධරා කියන ගැහනීයයි යශෝධරා කියන බුද්ධ චරිතයයි පටලවා ගන්නවා. අප සිතා බැලිය යුත්තේ ඇය අඩුම තරමේ එම බවයේදි සෝවාන ඵලයටවත් එලඹ සිටියේ නැහැ ඔය අවස්ථාව වන විට. අනෙක් කාරණය නම් බෝසතානෝ සතර පෙර නිමිති දැක සසර කල කිරුනේ ඉතාම කෙටි කාලයකින්. මම හිතන්නේ නැහැ විමුක්තිය සොයා යෑමක් පිලිබදව ඒ යුවළ අතර පිළිසදරක්වත් ඇති වූනා කියලා. මම තාමත් කතා කරන්නේ එම භවය ගැන. ඒ ආත්මය...

    දැන් අපි බුදු දහම මෙයට පුරුද්දමු. ඇය සෝවාන් උනා.රහත් බවට පත් වුනා. ඇය පෙර බව දක්නා නුවණ ලබා ගත්තා. අන්න එවිට ඇය උපේක්ශා සහගත උනා. ඇය යශෝධරා මහ තෙරණින් වහන්සේ උනා.

    මෙය මගේ දැක්මයි.. වෙනස් මත වලට මසිත ඉඩ ඇත...
     
    :D:yes:ඔයා මේතරම් දිගට කියපු දේ තමයි මමත් කෙටියෙන් කිව්වෙ.සමහරුන්ට සිංහල නොදැනෙනාකමට කුමක් කරන්නද?
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    :D:yes:ඔයා මේතරම් දිගට කියපු දේ තමයි මමත් කෙටියෙන් කිව්වෙ.සමහරුන්ට සිංහල නොදැනෙනාකමට කුමක් කරන්නද?

    මෙහෙමත් දෙයක් තියෙනවා අක්කෙ... තුන් තේරවිලි නොතේරෙන එක සිංහලෙ දැනුමේ මදකම කියලා නිර්ණය කරන්න අමාරුයි නේද...
     
    අනික් අයට කලින් මල්ලිව කෝට් කරාට හැමෝම සමාවෙන්න ඕන

    මල්ලී මං උඩ කියලා ඇති බමුණු මත අපේ ධර්මයට රිංගලා තියෙන්නේ අපටවත් හිතා ගන්න බැරි තරම්
    බුද්ධ චරිතය බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියනවද මොනම සූත්‍රයකදි වත් අවස්තා කීපයකයදි සුළු සුළු සිද්ධි හැරෙන්නට

    හිතලා බලන්න පොතේ තියනවට විශ්වාස නොකර

    සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරපු උත්තමයෙකුට ගිහි ගෙය ගැන කල කිරෙන්න( තම මෙහෙයුම පටන් ගන්න) ඔය කියන සතර පෙර නිමිති දකින්නම ඕන වුනාද? :rolleyes:
    සුද්දෝධන රජ්ජුරුවන්ට වයස කීයක් විතර වෙන්නැතිද ? අසිත තවුසට වයස කීයක් විතර වෙන්නැතිද
    1.gif

    මේ සිදුහත් බෝසතාණන් සසර දුක නිවීමේ කාර්ය අහම්බෙන් සිදු වුන එකක් නෙවේ ඔය බමුණො කියනවා වගේ :yes: ඒක ඊට වඩා දෙයක් හිතල බලන්න මං කියනවට වඩා

    (අනික ඔය බමුණු විස්තරවලම තියනවා බෝසතාණන් පළවෙනි ධාන්‍යයට පිවිසුනු කතාවක් වප්මඟුල දවසේ)

    ලලිත විස්තරය කියලා පොතක් තියනවා එහි සදහන් වෙනවා සිදුහත් බෝසතානෝ ශිල්ප ඉගෙන කාලෙ ඉදළම මේ මෙහෙයුමට ලෑස්ති වුනා කියලා විශේශයෙන්ම විවිධ භාශා ඉගෙනමින්

    යශෝධරව පමණක් නෙවේ සුද්ධෝදන රජු ඇතුළු බොහෝ දෙනෙක් නිකං අහම්බෙන් ඔයා කියන විදිහට බෝසතානන් ගේ ළගින් හිටියේ නෑ
    ඔවුන් පෙරුම් පිරුවා මහා කුසලයක් රැස් කරා :yes: ඒ බව නම් බුද්ධ දේශනාවලම තියනවා

    මෙහෙමත් දෙයක් තියෙනවා අක්කෙ... තුන් තේරවිලි නොතේරෙන එක සිංහලෙ දැනුමේ මදකම කියලා නිර්ණය කරන්න අමාරුයි නේද...
    තුන් තේරවිලි නොතේරෙන්නෙත් සිංහල දැනුම මදි නිසා කියන එකවත් ඔයා දන්නෙ නෑ.
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මටත් සංවාද මණ්ඩපයට ගොඩවෙන්න අවසර......

    ඉස්සෙල්ල්ම අපි අපේ බෞද්ධකම පොඩ්ඩකට පැත්තකට තියලා " යශෝධරා" කියන ගැහැණිය දෙස බලමු.

    ඈය වයස 16 දි වැඩ පෙන්නපු සිදුහත් එක්ක විවාහ උනා. අවුරුදු 13 ක් පවුල් කෑවා. කුළුදුල් දරුවා බිහිවුනු දවසේ මිනිහා දාලා ගියා. තාම ඇයට වයස අවුරුදු 29 යි. හැඟීම් දැනීම් තවමත් හොදට දැනෙනවා. නමුත් මාස දහයක බඩක් නිදහස් කරපු ඇය සිරි යහන් ගබඩාවේ තනි යහනේ සැතපෙනවා... හිතන්න. පොඩි ළමයි නෙවෙයිනේ අපි...

    මා හිතන පරිදි අපි කවුරුත් යශෝධරා කියන ගැහනීයයි යශෝධරා කියන බුද්ධ චරිතයයි පටලවා ගන්නවා. අප සිතා බැලිය යුත්තේ ඇය අඩුම තරමේ එම බවයේදි සෝවාන ඵලයටවත් එලඹ සිටියේ නැහැ ඔය අවස්ථාව වන විට. අනෙක් කාරණය නම් බෝසතානෝ සතර පෙර නිමිති දැක සසර කල කිරුනේ ඉතාම කෙටි කාලයකින්. මම හිතන්නේ නැහැ විමුක්තිය සොයා යෑමක් පිලිබදව ඒ යුවළ අතර පිළිසදරක්වත් ඇති වූනා කියලා. මම තාමත් කතා කරන්නේ එම භවය ගැන. ඒ ආත්මය...

    දැන් අපි බුදු දහම මෙයට පුරුද්දමු. ඇය සෝවාන් උනා.රහත් බවට පත් වුනා. ඇය පෙර බව දක්නා නුවණ ලබා ගත්තා. අන්න එවිට ඇය උපේක්ශා සහගත උනා. ඇය යශෝධරා මහ තෙරණින් වහන්සේ උනා.

    මෙය මගේ දැක්මයි.. වෙනස් මත වලට මසිත ඉඩ ඇත...

    මට හිතාගන්න බෑ........ඔයා මේ හිතන්නෙ කම් සැම ගැන විතරක්මනම් ......100% ඔයා හරි මල්ලි :yes: ඔයා මේ කතාකරලා තියෙන්නෙ යශෝදරා කියන ගැහැනියට නැතිඋන බෞතික ජීවිතය හා කම් සැම..........නියමයි නෙ....
    අනික මේ ටික තේරුම් ගන්න නම් අපේ සින්හල දැනුම වැඩිත් එක්ක :P
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අනික් අයට කලින් මල්ලිව කෝට් කරාට හැමෝම සමාවෙන්න ඕන

    මල්ලී මං උඩ කියලා ඇති බමුණු මත අපේ ධර්මයට රිංගලා තියෙන්නේ අපටවත් හිතා ගන්න බැරි තරම්
    බුද්ධ චරිතය බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියනවද මොනම සූත්‍රයකදි වත් අවස්තා කීපයකයදි සුළු සුළු සිද්ධි හැරෙන්නට

    හිතලා බලන්න පොතේ තියනවට විශ්වාස නොකර

    සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරපු උත්තමයෙකුට ගිහි ගෙය ගැන කල කිරෙන්න( තම මෙහෙයුම පටන් ගන්න) ඔය කියන සතර පෙර නිමිති දකින්නම ඕන වුනාද? :rolleyes:
    සුද්දෝධන රජ්ජුරුවන්ට වයස කීයක් විතර වෙන්නැතිද ? අසිත තවුසට වයස කීයක් විතර වෙන්නැතිද
    1.gif

    මේ සිදුහත් බෝසතාණන් සසර දුක නිවීමේ කාර්ය අහම්බෙන් සිදු වුන එකක් නෙවේ ඔය බමුණො කියනවා වගේ :yes: ඒක ඊට වඩා දෙයක් හිතල බලන්න මං කියනවට වඩා

    (අනික ඔය බමුණු විස්තරවලම තියනවා බෝසතාණන් පළවෙනි ධාන්‍යයට පිවිසුනු කතාවක් වප්මඟුල දවසේ)

    ලලිත විස්තරය කියලා පොතක් තියනවා එහි සදහන් වෙනවා සිදුහත් බෝසතානෝ ශිල්ප ඉගෙන කාලෙ ඉදළම මේ මෙහෙයුමට ලෑස්ති වුනා කියලා විශේශයෙන්ම විවිධ භාශා ඉගෙනමින්

    යශෝධරව පමණක් නෙවේ සුද්ධෝදන රජු ඇතුළු බොහෝ දෙනෙක් නිකං අහම්බෙන් ඔයා කියන විදිහට බෝසතානන් ගේ ළගින් හිටියේ නෑ
    ඔවුන් පෙරුම් පිරුවා මහා කුසලයක් රැස් කරා :yes: ඒ බව නම් බුද්ධ දේශනාවලම තියනවා

    මෙහෙමයි අමිල අයියේ...

    මාළුවෙක් ටැංකියක දාලා හැදුවහම ඌට මුලු සාගරයම ඒ 2 x 4 ටැංකියයි. අයියගේ මුල කොටසට මගේ විග්‍රහය ඒකයි...

    ධ්‍යාන කොටස් දෙකක් තියෙනවා. වැඩි විස්තරයක් කියන්න මම දන්නෙ නැති උනාට ඉන් එකක් තමයි සීලය දියුණු කරලා ලබන ඒවා. අනෙක නුවණ දියුණු කරලා ලබන ඒවා. වප් මඟුලේ සිදුහත් කුමරා ලැබුවේ පලමු කොටසේ එකක්..

    සිදුහත් කුමරත් සමග තවත් දේවල් හතක් මෙලොව බිහිවුනා කියලා බෞද්ධ සාහිත්‍යයයේ තියෙනවා. යශෝධරා, කන්ථක අසු, ජය සිරි මහ බෝධීය, චන්න ඇමති ඉන් කීපයක්..

    බමුණු මත ගැන අයියගේ විස්තරයක් තියෙනවා. කෙනෙකුට හිතුනොත් යශෝධරා දේවිය ඔහුම පතා සිටියේ ඒ කාලයේ මුල් බැස තිබුනූ බමුණු මත නිසා කියලා මම එහි වරදක් දකින්නෙ නැහැ. ඇයට සිතෙන්න පුලූවන් " මිනිහා දාලා ගිය ගෑනී" කියලා අවලාද විදිනවට වඩා කාමරයට වැදි රාහුල සුරතල් කිරීම කොතරම් අගනේද කියා.. වැඩි දුර යන්න ඕනේ නැහැ. සිදුහත් කුමරා සක්විති රජු වනු දකිනු රිසියෙන් සිටි සුද්ධෝදගෙන් වුනත්...
     
    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    :D:yes:ඔයා මේතරම් දිගට කියපු දේ තමයි මමත් කෙටියෙන් කිව්වෙ.සමහරුන්ට සිංහල නොදැනෙනාකමට කුමක් කරන්නද?

    සහතික ඇත්ත...