මම එහෙම කියන්නේ ලෝකේ ප්‍රධාන tourist attractions 10න් 6ක්ම තියෙන්නේ යුරෝප්වල. උන්ට කිලෝමීටර් දෙතුන්සියෙන් බලන්න පුළුවන් ඒවා ඔසී නිව්සිලන්ඩ් උන්ට කිලෝමීටර් 16000ක් ගෙවාගෙන ඇවිත් බලන්න ඕනේ. ප්ලේන් ආවටම බෑනේ මචන් යන වියදම, දුර, කාලය බලපානවනේ. ඔසී උන් තමයි බාලිවල වැඩියෙන්ම යන tourists ලා, ඒ උනට ලඟම තියෙන tourist attraction නිසා. ඔසී නිව්සිලන්ඩ් වලට දෙපැත්තෙන් තියෙන්නේ ඉන්දියන් ෆැසිෆික් සාගර. ඒවා හරහා යන්න ඕනේ එතනින් එහා රටකට යනවනම්. අනික දකුණු අර්ධගෝලයේ කෙලවරේ. ගොඩක් රටවල් තියෙන්නේ උතුරු අර්ධගෝලයේ. එතකොට යටින් ඇන්ටාර්ක්ටික්.
උබ මේ කියන කතාව ඇත්ත. traveling පැත්තෙන් බැලුවොත් ඔසී, NZ compare කරන්න බැහැ EU රටවල් එක්ක. එහම් කරන්න යන එකත් මෝඩ වැඩක්. EU වල පට්ටම ලස්සන ප්ලේස් තියෙනවා එහෙ උන්ට දවවසින් වහනෙකින් ගිහින් බලල එන්න පුළුවන්. මම මගේ කලින් යුරෝප් ගියපු thread එකකත් මේ ගැන කියල ඇති. ඒ ගැන කතා දෙකක් නෑ.(
https://elakiri.com/threads/යුරෝපේ-වැඳ-පුදා-ගත්ත-සිංහලු.2186289/)
උබ කියන geographical challenge එකත් ඇත්ත දුර වැඩි නිසා.
එත් උබ අර කලින් කිව්වා වගේ ඔසී, NZ උන්ට මැරෙනකල්ම මෙහෙ හිරවෙලා ඉන්න වෙන්නේ කියන කතාව ගැනයි මම කිව්වේ. Ausi පාස්පෝට් එක ගත්තම විස ගැන worry වෙන් දෙයක් නෑ.අනික මෙහෙ ඇවරේජ් සැලරි එකක් ගන්න කෙනෙක්ට EU Air fare එක comfortably affordable. එත් උබට හිතෙනවා නම් කෝ ගොඩක් උන් යන්නේ නෑ නෙහ් කියල, එක මචන් එක එකාගේ කැමැත්ත.
සමහරු ආසා එක එක රටවල් වල යන්න. එත් සමහරු ආස රට ඇතුලෙම නිදහස් ප්ලේස් එකකට ගිහින් සතියක් දෙකක් නිදහසේ ගත කරලා එන්න. තවත් සමහරු ආස කෑම්පින් බඩු ටික සෙට් කරගෙන off-road vehicle එකක් තියාගෙන වෙලාවක් හම්බුනු ගමන් කෑම්පින් යන්න.සුද්දෝ එකම ප්ලේස් එකට 7/8 පාර කෑම්පින් යද්දී සමහරු කැමති අලුත් අලුත් ප්ලේස් වල කෑම්පින් කරන්න. පොඩි බබාලා ඉන්න අය සමහරු EU වගේ රටවල් වල travel කරන්න කැමති නෑ තව ටිකක් කල් පොඩි උන් ලොකු වෙන කන් ඉන්නවා, නැත්නම් ළමයි එක්ක අමාරුයි කියල.ඒ වගේ එක එක එකාගේ කැමැත්ත. උබ දකින උන් වැඩිය EU වල travel කරන්නේ නෑ කියන එකෙන් අදහස් වෙන්නේ නෑ මෙහෙ ඉන්න උන් මරෙනකල්ම මේක ඇතුලේ ඉන්නවා කියන එක. මෙහෙ සුද්දොත් ඉනන්ව මරෙනකල්ම මේකෙම ඉන්න උන්. මම දන්නා සමහර සුද්දොන්ට ඔසී පාස්පෝට් එකක් නැහැ , උන් කවදාවත් ඕස්ට්‍රේලියාවෙන් එලියට ගිහින් නැහැ.උන්ට යන්න උවමනාවකුත් නැහැ.
මෙහෙමයි, ගොඩාක් සල්ලි තියෙන එකෙක්ට එහෙම යන්න පුළුවන් හැබැයි සාපේක්ෂව ඔසී නිව් සීලන්ඩ් ඉන්න උන්ට එහෙම අඩු ගානකින් travel කරන්න බෑ ඉන්න geographical location එකත් එක්ක. ඒ නිසයි උන් ළඟ තියෙන ඒවාට ගොඩක් යන්නේ. අරූ කිව්වා වගේ Japan එහෙම location එකක් ඔසී උන්ට ගිහින් බලන්න පුළුවන්. හැබැයි සාපේක්ෂව යුරෝප් ඇවිදලා ඉන්න එකෙක්ට වඩා හොඳයි.
geographical location කතාව ඇත්ත. මෙහෙ ඉන්න උන්ට බාලි, Fiji, Pucket, වනුවාටු ලගයි. ඒ වගේම නිතර deals එනවා Jetstar වගේ airlines වලින්. ඒ නිසා අඩු ගානට යන්නත් පුළුවන්.
මෙහෙමයි, එක එකාගේ ආතල් තියෙනව නෙහ් බන්. සමහරුන්ට බකට් ලිස්ට් තියෙනව මට වගේ. සමහරුන්ට එහෙම නැහැ. සමහරුන්ට අහවල් රටට යන්නම ඕනෑමයි කියල එකක් නැහැ, බාලි, පුකෙට්, ෆිජි වගේ රටකට ගිහින්, ශේප් ගානකට හොද හොටෙල් එකක ඉදල, හොද ස්පා පාරකුත් අරගෙන, හොදට කාල බිල සැපේ ඉදල එන්න සමහරු කැමති. එක බජට් එකෙනුත් වාසි. එත් එහෙම නැතිව නිවාඩුවක් හම්බුනු ගමන් බකට් ලිස්ට් එක ටික් කරන්න තමයි සමහරු කැමති. එක තමයි උබ ඔය දකින්නේ.මම දන්න උන් ඉන්නවා, උන් කැමති කෘස් ෂිප් holiday වලටම විතරයි. යන්නේ කොහෙද කියල අදාල නෑ යන්නේ කෘස් විතරයි.
වැඩේ ලංකාවේ උන් මේක ලෝකේ උතුම් ඇටේ සීන් එකෙන් ලෝකේ බලනවා වගේ තමයි ඔසී, කැනඩා, නිව් සිලන්ඩ් ඉන්න උන් උන්ගේ එක දිහා බලන්නේ. එහෙම නැතුව බැලුවනම් obviously ඕනේ එකෙක්ට පේනවා ඒ රටවල geographically disadvantage එකක් තියෙනවා කියලා. බහුතරයක් සිංහලු ඉන්න රටවලින් එහා ලෝකයක් බලන්න හිතන්නෙවත් නෑ. උන් ඉතුරු කරගන්න කීයෙන් හරි ආයෙම කරන්නේ අවුරුදු ගානකට සැරයක් ලංකාවට ඇවිත් යන එක විතරයි. එහෙම කරන එකේ වරද්දක් නෑ උන්ට දෙමව්පියෝ, නෑදෑයෝ බලන්න හම්බවෙන එකම චාන්ස් එක ඒක විතරයි.
මෙහෙම දේකුත් තියෙනව, සමහරු පුරුදු වෙලා ඉන්නවා හැම අව්රුද්දකම ලංකාවට ඇවිත් මාසයක්, එකහමාරක් වගේ ඉදල යන්න. එහෙම නිවාඩු ගත්තම ආයෙත් ලොකු නිවාඩුවක් ගන්නත් සමහරු කැමති නැහැ මොකද ෆුල්ටයිම් employee කෙනෙකුට අව්රුද්දට දවස් 21 වගේ annual leaves accrue වෙන්නේ. එත් ගන්න උවමනාව තියෙන කෙනෙකුට manager නුත් ශේප් නම් අනික් නිවාඩු වලිනුත් බැලන්ස් එකක් ගෙන ආයේ එකක් ගන්න බැරිම නැහැ.

මට කියන්න ඕන උනේ බන්, travelling වලින් විතරක් හැමදේම මනින්න බෑ. එක හරිම subjective
ඔය මොනවා උනත්, ලංකාවේ ඉන්නත් ආස නම්, ඇති වෙන්න සල්ලිත් තියෙනව නම් හොදම දේ ලංකාවේම ඉන්න එක තමයි.
