මේකත් ටිකක් විතර බොන්න ඕන කාරණාවක් .කෙටියෙන්ම කියනවා නම් ලේසිත් නැති අමාරුත් නැති EXAM එකක් .ෂෝක් නේද .මේකේ ප්රධාන වශයෙන්ම කොටස් දෙකක් තියනවා .එකක් තමා ජෙනරල් ටෙස්ට් එක .අනික් එක ඇකඩමික් එක .ඔය දෙකෙන් ඇකඩමික් එක තමා අමාරු (කට්ටිය එහෙම කියනවා එත් ඉතින් මම කරලා තියෙන්නේ ඇකඩමික් එක විතරයි .එක නිසා ජෙනරල් ටෙස්ට් එක ගැන දන්නේ නෑ )ඉගෙන ගන්න යන උන් ඇකඩමික් ටෙස්ට් එක තමා කරන්න ඕන .ආතල් කෝටියයි .බය වෙන්න දෙයක් නෑ හැබැයි .මේකේ සිස්ටම් එක මෙහෙමයි .ටෙස්ට් එකේ කොටස් හතරක් තියනවා .රීඩින්(Reading) ,ලිසිනින්(listening ) ,රයිටින්(Writing ) ,ස්පිකින්(Speaking ) .කට්ටියට තේරෙනවා ඇතිනේ .මුන් චෙක් කරලා බලන්නේ අපිට ඉංග්රීසියෙන් ඉගෙන ගන්න පුලුවන්ද කියල . ඔය එක එක කොටස් වලට වෙනම ලකුණු දෙනවා නමයෙන්(9) .අමුතු සිස්ටම් එකක් .දහයෙන් වත් සීයෙන් වත් නෙමෙයි ලකුණු දෙන්නේ නමයෙන්(9) අනේ මන්ද .මොනවා උනත් එහෙම ඔය කොටස් හතරටම දීල පස්සේ ඕවරෝල් බෑන්ඩ්(overall band ) එක කියල වෙනම දෙනවා එකක් ,හරියට ඔය ලකුණු හතරේ අවරේජ් වගේ එකක් .එතකොට තේරෙනවනේ එකත් ඇවිල්ල නමයෙන් තම දෙන්නේ ,මොකද අරවගේ ඇවරේජ් එක වගේ එකක් නේ දෙන්නේ .එතකොට ගන්න පුළුවන් උපරිම ලකුණු ප්රමාණය 9 ක් තම .ඕක නම් ලේසියෙන් කවුරුත් ගන්නේ නෑ .අපිට 6ක් වගේ තිබ්බහම වැඩේට හොදටම ඇති .ටෙස්ට් එක ගෙන ඊලග එකෙන් දාන්නම්