Questions රට හදලද විනය හදන්නෙ නැත්තන් විනය හදලද රට හදන්නෙ

රට හදලද විනය හදන්නෙ නැත්තන් විනය හදලද රට හදන්නෙ

  • රට හදල විනය හදන්න පුලුවන්

    Votes: 16 20.3%
  • විනය හදල රටහදන්න පුලුවන්

    Votes: 63 79.7%

  • Total voters
    79

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,645
    50,012
    113
    සේදවත්ත
    රට හැදුණම විනය හැදෙනව සෑහෙන්න (උදා : ශෙඩ් එකේ හරියට තෙල් තිබ්බනං ත්‍රීවිල් තෙල් ජාවාරමක් ඇති වෙන්නේ නෑනෙ)
    ඉතින් බන් විනය කියන්නේ හොරා නොකා හරියට ටෙන්ඩර් වලට තෙල් ගේන එකනේ . ක්‍රමය මතනේ රට හැදෙන්නේ . රට කියන පද්ධතියක් නම් විනය කියන්නේ උප ඒකක . උප ඒකක හරියට නොයා රට හැදෙන් නෑ
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93

    දුප්පත් රටවල පාලකයො තම ජනතාවට accountability එකක් නැත්තෙ
    මේකට හේතුව පාලකයා සහ ජනතාව අතර තියන ගැප් එක
    පෝස්ත් රටවල මෙ ගැප් එක අඩු නිසා ජනතාවට පාලකයො accountable
    ඉතින් මේක වෙනස් කරන්න ඔන නම් මේ ගැප් එක අඩු කරන්න වෙනව
    ඒක අඩු වෙන්නෙ මිනිස්සු අතට සල්ලි ඇවිල්ල ජනගහනයෙක් වැඩි කොටසක් මධ්‍යම පන්තියට ආවම
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,645
    50,012
    113
    සේදවත්ත
    දුප්පත් රටවල පාලකයො තම ජනතාවට accountability එකක් නැත්තෙ
    මේකට හේතුව පාලකයා සහ ජනතාව අතර තියන ගැප් එක
    පෝස්ත් රටවල මෙ ගැප් එක අඩු නිසා ජනතාවට පාලකයො accountable
    ඉතින් මේක වෙනස් කරන්න ඔන නම් මේ ගැප් එක අඩු කරන්න වෙනව
    ඒක අඩු වෙන්නෙ මිනිස්සු අතට සල්ලි ඇවිල්ල ජනගහනයෙක් වැඩි කොටසක් මධ්‍යම පන්තියට ආවම
    ඔව් එකටත් විනයක් ඕනේ . අදායම් විශමතාවට අඩු කරන්න නව කර්මාන්ත රටේ මුල්ය තත්වයට වැඩි දියුනු කරන එක මුල්ය විනයකින් කරාම ලැබෙන ආදායම රටේ සමස්ථ ජනතාව අතරේ සමසේ විනයක් ඇතුව බෙදිලා යනවා .

    ඩිසිප්ලීන් කියන්නේ යම් දෙයක් නොනවත්වා සිදුකිරීම . එකෙන් හොද හෝ නරක වෙනවා. සල්ලි පෙරේත වෙලා හොරා කෑවම ඇබ්බැහියක් වෙනවා එකත් විනය

    උදේ දිව්වම හැමදාම ඇග බැහැලා නිරෝගි වෙනවා එකත් විනය
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    ඔව් එකටත් විනයක් ඕනේ . අදායම් විශමතාවට අඩු කරන්න නව කර්මාන්ත රටේ මුල්ය තත්වයට වැඩි දියුනු කරන එක මුල්ය විනයකින් කරාම ලැබෙන ආදායම රටේ සමස්ථ ජනතාව අතරේ සමසේ විනයක් ඇතුව බෙදිලා යනවා .

    ඩිසිප්ලීන් කියන්නේ යම් දෙයක් නොනවත්වා සිදුකිරීම . එකෙන් හොද හෝ නරක වෙනවා. සල්ලි පෙරේත වෙලා හොරා කෑවම ඇබ්බැහියක් වෙනවා එකත් විනය

    උදේ දිව්වම හැමදාම ඇග බැහැලා නිරෝගි වෙනවා එකත් විනය
    මම නම් හිතන්නෙ මේක දුප්පත් රටවල මිනිස්සු හිතින් හදාගත්ත මනස් ගාතයක්

    කර්මාන්ත දියුණු කරන්න විනයක් ඕන්නැ
    කර්මාන්ත දියුණු කරපු රටවල් ගොඩක් රජයකින් මැදිහාත් වෙලා කරපුවත් නෙමෙයි
    කාර්මික විප්ලවය කියන්නෙ ධනපතියෝ මැදිහත් වෙලා කරපු එකක් මිසක් නායකයෝ ඇති කරපු එකක් නෙමෙයි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,645
    50,012
    113
    සේදවත්ත
    මම නම් හිතන්නෙ මේක දුප්පත් රටවල මිනිස්සු හිතින් හදාගත්ත මනස් ගාතයක්

    කර්මාන්ත දියුණු කරන්න විනයක් ඕන්නැ
    කර්මාන්ත දියුණු කරපු රටවල් ගොඩක් රජයකින් මැදිහාත් වෙලා කරපුවත් නෙමෙයි
    කාර්මික විප්ලවය කියන්නෙ ධනපතියෝ මැදිහත් වෙලා කරපු එකක් මිසක් නායකයෝ ඇති කරපු එකක් නෙමෙයි
    ඒත් ධනපතියෝ හැදුනේ විනයක් ඇතුව වැඩ කරලා . කන්සිස්ටන් වර්ක් එතික්.

    කර්මාන්ත ඇති කරන්න විනයක් ඕනේ
    1 පුහුනු ශ්‍රමිකයන් නිසි විනයකින් පුහුණුව
    2. ප්‍රාග්ධනය නිසි විනයක් ඇතුව නිසි වයාපෘතිවල ආයෝජනය
    3. යටිතල පහසුකම් නිසි කලට අවශ්යතාව මත නීතියට පරිසරයට අනුකූලව නිසි විණයකින් සැපයීම
    4. කර්මාන්ත වලට අවශ්ය අමුද්‍රවය නිසි ප්‍රමිතියෙන් නිපදවීම හෝ ආනයනට මේවත් හරියට විනයකින් සිද්දවෙන්න ඕනේ . උදා ගූ පොහොර නැව

    විනය / ඩිසිප්ලීන් නැතුව කිසිම වැඩක් දිගුකාලිනව ප්‍රථිලභ ලැබිය හැකි ලෙස කල නොහැක . කුඩු විකුණන එකා උනත් විනයකින් ඒක කරන්නේ පේ රෝල් එක, ප්‍රවාහණය, පොලිටික්ස් , පොලිසිය හැඩලින් මේ ඕක්කම විනයක් ඇතුව නොකෙරුවාම තමා කෙල වෙන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,590
    100,801
    113
    ඩිසිප්ලීන් කියන්නේ යම් දෙයක් නොනවත්වා සිදුකිරීම . එකෙන් හොද හෝ නරක වෙනවා. සල්ලි පෙරේත වෙලා හොරා කෑවම ඇබ්බැහියක් වෙනවා එකත් විනය
    මේක හිතල තිබ්බෙ නැති දෙයක්. විනය කිව්ව ගමන් අපේ ඔළුවෙ හැදෙන්නෙ පිලිවෙලට ඉන්න එක. අපිලිවෙලට ඉන්න එකත් විනයක් තමා බලන් ගියාම. පිලිවෙලට ඉදල පුරුදු වෙච්ච එකෙක්ට අපිලිවෙලට ඉන්න එක අප්පිරිය උනාට අපිලිවෙලට ඉදල පුරුදු වෙච්ච කෙනෙක්ට පිලිවෙලට ඊය කියල්නෙ හිතෙන්නෙ.
     
    • Like
    Reactions: Don GasCan

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    ඒත් ධනපතියෝ හැදුනේ විනයක් ඇතුව වැඩ කරලා . කන්සිස්ටන් වර්ක් එතික්.

    කර්මාන්ත ඇති කරන්න විනයක් ඕනේ
    1 පුහුනු ශ්‍රමිකයන් නිසි විනයකින් පුහුණුව
    2. ප්‍රාග්ධනය නිසි විනයක් ඇතුව නිසි වයාපෘතිවල ආයෝජනය
    3. යටිතල පහසුකම් නිසි කලට අවශ්යතාව මත නීතියට පරිසරයට අනුකූලව නිසි විණයකින් සැපයීම
    4. කර්මාන්ත වලට අවශ්ය අමුද්‍රවය නිසි ප්‍රමිතියෙන් නිපදවීම හෝ ආනයනට මේවත් හරියට විනයකින් සිද්දවෙන්න ඕනේ . උදා ගූ පොහොර නැව

    විනය / ඩිසිප්ලීන් නැතුව කිසිම වැඩක් දිගුකාලිනව ප්‍රථිලභ ලැබිය හැකි ලෙස කල නොහැක . කුඩු විකුණන එකා උනත් විනයකින් ඒක කරන්නේ පේ රෝල් එක, ප්‍රවාහණය, පොලිටික්ස් , පොලිසිය හැඩලින් මේ ඕක්කම විනයක් ඇතුව නොකෙරුවාම තමා කෙල වෙන්නේ
    ඔයා ඔතන අදහස් කරන්නෙ work ethic වගේ එකක්
    මගෙ හිතේ මෙතන කතාව යන්නෙ වෙන දෙයක් ගැන
    විනය කියල මෙතන මේගොල්ලො අදහස් කරන්නෙ පෝලිමක හරියට තමන්ගේ වාරේ එනකන් බලන්න ඉන්න එක, පාරේ කුණු දාන්නෙ නැතුව ඉන්න එක, පාරෙ කෙල ගහන්නෙ නැතුව ඉන්න එක වගේ එව්ව මිසක් තමන්ගේ වැඩේ හරියට කිරීම වගෙ එව්ව නෙමෙයි
    ගොවියන්ටත් ඔයා ඔය කියන්න වැඩ විනය කියන එක තියනව
    නමුත් ගොවියන්ට මම නම් හිතන්නෙ මේ ගොල්ලො කතා වෙන සමාජ විනය නැහැ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,645
    50,012
    113
    සේදවත්ත
    මේක හිතල තිබ්බෙ නැති දෙයක්. විනය කිව්ව ගමන් අපේ ඔළුවෙ හැදෙන්නෙ පිලිවෙලට ඉන්න එක. අපිලිවෙලට ඉන්න එකත් විනයක් තමා බලන් ගියාම. පිලිවෙලට ඉදල පුරුදු වෙච්ච එකෙක්ට අපිලිවෙලට ඉන්න එක අප්පිරිය උනාට අපිලිවෙලට ඉදල පුරුදු වෙච්ච කෙනෙක්ට පිලිවෙලට ඊය කියල්නෙ හිතෙන්නෙ.
    ඔව් , චේතනාව තමා . චේතනාව සමාජයට හරි හෝ වැරදි උනාට එකම දේ නැවත නැවත ප්‍රථිපලයක් බලාගෙන කරනව කියන්නෙ විනය .

    සිරීයල් කිලර්ස්ලා
    ස්ත්‍රී දූසකයෝ
    ඔට්ටු දාන අය
    සෙක්ස් පිස්සෝ
    ඩ්‍රග් ඇඩික්ට්ස්

    මේ වගේ අයව සමාජයෙන් පිලිකුල් කරාට උන් එකම දේ හරියටම කරනවා ලෙසටම
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඉතින් බන් විනය කියන්නේ හොරා නොකා හරියට ටෙන්ඩර් වලට තෙල් ගේන එකනේ . ක්‍රමය මතනේ රට හැදෙන්නේ . රට කියන පද්ධතියක් නම් විනය කියන්නේ උප ඒකක . උප ඒකක හරියට නොයා රට හැදෙන් නෑ
    විනය කියල මෙතන මේගොල්ලො අදහස් කරන්නෙ පෝලිමක හරියට තමන්ගේ වාරේ එනකන් බලන්න ඉන්න එක, පාරේ කුණු දාන්නෙ නැතුව ඉන්න එක, පාරෙ කෙල ගහන්නෙ නැතුව ඉන්න එක වගේ එව්ව මිසක් තමන්ගේ වැඩේ හරියට කිරීම වගෙ එව්ව නෙමෙයි නෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,590
    100,801
    113
    විනය කියල මෙතන මේගොල්ලො අදහස් කරන්නෙ පෝලිමක හරියට තමන්ගේ වාරේ එනකන් බලන්න ඉන්න එක, පාරේ කුණු දාන්නෙ නැතුව ඉන්න එක, පාරෙ කෙල ගහන්නෙ නැතුව ඉන්න එක වගේ එව්ව මිසක් තමන්ගේ වැඩේ හරියට කිරීම වගෙ එව්ව නෙමෙයි නෙ
    තමන්ගෙ වැඩේ හරියට කිරීම ඇතුලෙනෙ ඔය ටිකත් තියෙන්නෙ. ඒව පොඩි පොඩි දේවල් උනාට ඒවත් සිස්ටම් එකේම කොටස්නෙ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,645
    50,012
    113
    සේදවත්ත
    විනය කියල මෙතන මේගොල්ලො අදහස් කරන්නෙ පෝලිමක හරියට තමන්ගේ වාරේ එනකන් බලන්න ඉන්න එක, පාරේ කුණු දාන්නෙ නැතුව ඉන්න එක, පාරෙ කෙල ගහන්නෙ නැතුව ඉන්න එක වගේ එව්ව මිසක් තමන්ගේ වැඩේ හරියට කිරීම වගෙ එව්ව නෙමෙයි නෙ
    ලංකාවේ උන් එක්ක බෑ බන් මුන්ට උනු කිරි බොන්න ඕනේ රැවුලේ නොගෑවී 🤦
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    තමන්ගෙ වැඩේ හරියට කිරීම ඇතුලෙනෙ ඔය ටිකත් තියෙන්නෙ. ඒව පොඩි පොඩි දේවල් උනාට ඒවත් සිස්ටම් එකේම කොටස්නෙ.

    ඒ කියන්නෙ නීතියෙන් enforce කරල තියෙන දේත් ඇතුළුව ද (තෙල් ටෙන්ඩරෙන් ගසා කෑවොත් නීතියෙන් දඬුවම් ලැබෙන නිසා විනයානුකූලව ගසා නොකෑම)

    ලංකාවේ උන් එක්ක බෑ බන් මුන්ට උනු කිරි බොන්න ඕනේ රැවුලේ නොගෑවී 🤦

    ලංකාවට ස්ට්‍රෝ afford කරන්න බැරි නිසා නෙ ඒ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,590
    100,801
    113
    ඒ කියන්නෙ නීතියෙන් enforce කරල තියෙන දේත් ඇතුළුව ද (තෙල් ටෙන්ඩරෙන් ගසා කෑවොත් නීතියෙන් දඬුවම් ලැබෙන නිසා විනයානුකූලව ගසා නොකෑම)
    නීති රීති දෙකම තමා. දැන් අර කලින් කිව්ව එක ලේන් එකේ කුණු දාන්න තැනක් කට්ටියම කතා වෙලා ඉන්නකොට එතනට කුණු දාන එක වගේ ඒව රීතිනෙ. එතකොට නීතියෙන් කියල තියෙන දේවල් ඒ විදියටම කරන එක කොහොමත් කරන්න ඕනිනෙ.

    ගොඩක් වෙලාවට දඩුවමට බය නිසා වැරදි නොකරනවට වඩා ඒකෙන් වෙන හානිය තේරුම් අරගෙන වැරදි නොකරන එක තමා හොද?
    උදාහරණයක් විදියට හෙල්මට් එක නොදා යන එක දඩුවමට බයටත් වඩා හැප්පුනොත් වෙන දේ දන්න නිසා කරන දෙයක්නෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ගොඩක් වෙලාවට දඩුවමට බය නිසා වැරදි නොකරනවට වඩා ඒකෙන් වෙන හානිය තේරුම් අරගෙන වැරදි නොකරන එක තමා හොද?
    උදාහරණයක් විදියට හෙල්මට් එක නොදා යන එක දඩුවමට බයටත් වඩා හැප්පුනොත් වෙන දේ දන්න නිසා කරන දෙයක්නෙ.

    එක්කො හානිය තේරුම් අරන් වැරදි නොකරන්න තරම් විනයානුකූල සමාජයක් වෙන්න ඕන --- > රට හැදෙනව

    එක්කො හරියට නීතිය ක්‍රියාත්මක කරන සිස්ටම් එකක් තියෙන්න තරම් හැදිච්ච රටක් වෙන්න ඕන (උදා: ඇමරිකාවෙ පොලිස් නිළධාරියෙක් විනයානුකූල වුණත් නැතත් රටට හැම පොලිස් නිළධාරියාටම බොඩි කැම් ඉශූ කරන්න තරම් resources තියෙන නිසා පොලිස් නිළධාරියෙකුට නීතිය නමන්න තියෙන ඉඩ අඩුයි ලංකාවට වඩා) --- > විනය හැදෙනව
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,892
    1
    15,234
    113
    මුලින්ම නීති පද්ධතිය Update කරන්න ඕන. හරියට ක්‍රියාත්මක වෙන විදියට නීති හදන්න ඕනෙ.

    විනය කියල දෙයක් නෑ නීති පද්ධතිය තමයි තදට තියෙන්න ඕනෙ. විනයක් තියනව කියල පස්සෙ පේන්නෙ ඒක.

    නීති පද්ධතිය තද උනානම් මෙහෙම වෙන්නෙ නෑ.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    විනය හදන්නෙ නැතුව රට හදන්න අමාරුයි ඒ වගේම නීතිය ක්‍රියාත්මක විය යුතුයි සාධාරණව. පොඩි උදාහරණයක් කිව්වොත්, අපි දෙයක් කරද්දි සමහරු ඇවිල්ලා බලෙන්ම අපේ දේවල් වලට සම්බන්ධ වෙනවා, හරි වැරදි කියනවා, උපදෙස් දෙනවා එහෙම නැත්නම් ප්‍රමුකත්වය ගන්නවා. ප්‍රතික්ශේප කළොත් ගැටුමට පවා එනවා. ඕකට හේතුව එය නොකළයුතු දෙයක් බව නොදැන සිටීමයි. විනයක් ගැන දැනුමක් නැති අයට හොඳ සිස්ටම් එකක් අවශ්‍යයි කියල හිතන්නෙ නෑ එහෙම එකක් හදන්නත් බෑ.
     
    • Like
    Reactions: Challenger SRT8

    shenat

    Well-known member
  • May 13, 2007
    58,723
    87,118
    113
    ආශ්චර්යමත් රටක
    දෙකම ටික ටික වෙන්නෙ. දෙකම එක පාර පටන් ගන්න ඕන

    මුලින්ම නීති පද්ධතිය Update කරන්න ඕන. හරියට ක්‍රියාත්මක වෙන විදියට නීති හදන්න ඕනෙ.

    විනය කියල දෙයක් නෑ නීති පද්ධතිය තමයි තදට තියෙන්න ඕනෙ. විනයක් තියනව කියල පස්සෙ පේන්නෙ ඒක.

    නීති පද්ධතිය තද උනානම් මෙහෙම වෙන්නෙ නෑ.

    මෙන්න මේක තමයි වෙන්න ඕන. විනය කියල නිකන් හැදෙන්නෙ නෑ. මෙහෙම තමයි හැදෙන්න පටන් ගන්නෙ.
    ------ Post added on Jul 11, 2022 at 5:55 AM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,654
    125,244
    113
    දෙහිවල
    මම හිතන්නෙ යම්තාක් දුරකට විනය මුලින් හදාගන්න ඕන..
    එහෙම නැතුව සමස්තයක් විදියට රටකට ඉස්සරහට යන්න බැහැ..
    අද රටේ තත්වෙ එහෙමයි.. එක එකාට ඕන දේ උන් කරනවා..