රන් බිස්‌කට්‌ ගුද මාර්ගයෙන් එළියට

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    රන් බිස්‌කට්‌ ගුද මාර්ගයෙන් එළියට

    යකෝ මේක කරන්ඩ ට්‍රයි කරපු විදිහ හොයල බලන්ඩ වටිනවා. මාර අම්මණ්ඩිලා දෙන්නෙක් වෙන්න ඇති.



    කාන්තාවෝ දෙදෙනා ලක්‌ෂ 23ක්‌ වටිනා රන් බිස්‌කට්‌ ගුද මාර්ගයෙන් එළියට ගෙන සපත්තුවේ හංගන්න හදලා


    ගුද මාර්ගයේ සඟවා ගෙන සිටි රන් බිස්‌කට්‌ තුනක්‌ එළියට ගෙන යළිත් රේගු නිලධාරීන්ගේ ඇස්‌ වසා තමන් පැලඳ සිටි පාවහන් තුළ එම රන් බිස්‌කට්‌ සඟවා ගැනීමට අසාර්ථක උත්සාහයක යෙදුණු කාන්තාවන් දෙදෙනකු 24 වැනිදා කටුනායක ගුවන් තොටුපළේදී රේගු අත්අඩංගුවට පත් වී ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.

    මෙම කාන්තාවන් දෙදෙනාගෙන් එක්‌ අයකු කොළඹ, බොරැල්ල, ප්‍රදේශයේය. අනෙක්‌ කාන්තාව වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඔවුන් අවුරුදු 51 සහ 21 වයස්‌වල පසුවන්නියන් බව රේගුව පවසයි. මොවුන් 24දා උදැසන 7.45 ට පමණ ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණ තිබේ.

    මොවුන් දෙදෙනා රුපියල් ලක්‌ෂ 23 ක්‌ වටිනා ග්‍රෑම් 350 ක්‌ පමණ බරකින් යුත් රන් බිස්‌කට්‌ 03 ක්‌ සඟවා ගෙන ශ්‍රී ලංකාවට පැමිණ තිබිණි.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    :rofl:හංගපු උන්ම ඒ මාර්ගය ලොකු කරලා ගන්න ඇති.
     

    Chandima93

    Banned
    May 4, 2018
    173
    14
    0
    ලංකාවට ගේන්ඩ පුළුවන් රත්තරන් ප්‍රමාණයක් තියනවද?
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    Metal Detector වලින් තමා ඉතින්, මට මතක විදිහට Arrival එකේ ඉදල exit වෙනකන් Metal Detectors නැහැ :confused::confused:

    pl3477294-walk_through_security_door_frame_metal_detector_for_factory_airport.jpg
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,804
    1
    9,690
    113
    colombo
    මංගලයා ඒකටත් බද්දක් ගහන්න හදලා ඊට පස්සේ තමා මාට්ටු වෙලා තියෙන්නෙ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මෙහෙට ගෙනල්ලා ආයෙත් ඉන්දියාවට වැඩි ගානට යවන සිද්ධියක් නේද තියෙන්නේ
    දවස ගානේ එක එකා අහුවෙනවා කියහන් කො
    මෙහෙම ගියොත් නිකන් මාලයක්වත් දාගෙන එන්න බැරි වෙනවා