මොනා වුනත් පොර තැනේ හැටියට ඇණේ ගහල ජාමෙ බේරනව.
ඒකෙන් අදහස් වෙන්නෙ දැන් රනිල්ට කඩේ යනව කියන එක නෙමේ. මේකෙන් ගන්න පුළුවන් දේ තමා මිනිහෙක්ගෙ වචන වලට මිනිස්සුන්ට කොච්චර නැමෙන්න පුළුවන් ද බලන එක. හරියට දැනුම් තේරුම් නැතුව ඔහේ දෙපැත්තට ඉන්න එකෙක් මොනවහරි ලස්සන වචනයක් කියපු ගමන් පොර හොදයි ඌ තමා වැඩ්ඩ කියල හිතනව.
දැන් රනිල්ගෙ හොඳ දකින එක fashion එකක්. හැබැයි ඔය හැමෝම බෑ බෑ කියපු කාලෙ, හෙන ගැහෙනකල් හිටපු කාලෙ thread පිටින් fact based analysis කරලා බැරි නෑ රනිල්ට පුළුවන් කියල තේරුම් කරල දුන්නා උඹලට මතක අැති.
ඉන්ද්‍රජිත් කට කහනවට දෙයක් කියන් නෑ කියන එක දැන් අැරියස් තියෙන උන් වුණත් තේරුම් අරන් ඉන්නෙ. මොන වැල් බයිලා ගැහුවත් අැත්ත යථාර්ථය රට වැටිලා තිබුණ කරුමෙන් අපි ගොඩ අාවෙ රනිල් නිසා. බෑ කියල තිබුණ දේ වෙනස් කරපු එකම factor එක රනිල්. කැමති කැමති අයට ලකුණු දා ගන්න පුළුවන්, හැබැයි උෟ නොහිටියා නම් මේක වෙන් නෑ.
එ්ක මොන තරම් factor එකක්ද කියල අදහසක් ගන්න Sully film එකේ මේ කෑල්ල බලහන්. රනිල් කියන factor එක නොතිබුණා නම් මොන simulation එක දැම්මත් ලංකාව කියන්නෙත් plane crash එකක් වෙන්න රටක්. හැබැයි වාසනාවට එතුමා හිටියා. (Anna Gunn ගෙ වචන ටික ලංකාවට කොච්චර ගැළපෙනවාද කියලා හොඳට බලහන්!)
හැබැයි sullenburger වගේම රනිල් මහත්තයත් තනි credit එක ගන් නෑ කවදාවත්. එ්ක තමයි රනිල්ගෙයි මයිනාගෙයි තියෙන වෙනස.