තේරෙන සිංහලෙන්.. නොතේරෙන බබාලට ...සුප්පුව පැත්තක දමා මෙය කියවන්න
බදු වැඩි කරන්න සිද්ද වුනේ ඇයි ?
(1) ආර්ථිකය හැසිරවීමේ දුරවලතා - කලින් අයවැය තමයි ලංකාවේ ඉදිරිපත් කරපු දුර්වලම අය වැය. එක සංශෝදනය වෙලා දැන් "ගරු කථානායකතුමනි" කැල්ල විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. දේශපාලන පලිගැනීම් මත තෝරගත්ත සමාගම්වලට බදු ගැහුවා. අතීතයට උපයපු ලාබෙට බදු ගැහුවා. එක පාරටම අලුතින් බදු පැනවුව. මේ වගේ දේවල් නිසා ආයෝජකයන්ගේ විශ්වාසය ගිහිල්ල තියෙනවා. ඒ නිසා තමයි කොටස් වෙළදපොල දුර්වල උනේ. බිලියන දෙකක් අයොජන ලංකාවෙන් ඉවත් කරගත්තේ
(2) මුල්‍ය අක්‍රමිකතා - මහබැංකුව මුල්‍ය අක්‍රමිකතා , මේවා නිසා කොටි කියක් ලංකාවට පාඩු උනාද?
(3) චීනය වැනි රටවල් තරහ කර ගැනීම, පොර්ට් සිටි ප්‍රමාදය වෙනුවෙන් ඩොලර් ලක්ෂ 1200 විතර ගෙවන්න සිදුවීම හෝ ඊට සමාන වටිනාකමක් සහිත ඉඩම් දීමට සිදුවීම. රටේ සංවර්දනය වියපෘති අතරමග නතර වීම.
(4) රටේ ආර්ථිකයට ඔරොත්තු නොදෙන රජයේ සේවක වැටුප් 10000 වැඩි කිරීම
පිටරටින් ආයෝජන ගෙන්න කලින් ලංකාවේ ආයෝජකයන් ගේ විස්වාසය දිනාගන්න ඕනේ. මහින්ද ණය ගත් නිසා ඒවා ගෙවන්න tax වැඩිකරනවා කියන්නේ බොරු කතාවක්. රටේ ණය ප්‍රතිශතය මහින්දගේ කලේ අඩු වුන. වැඩියෙන්ම තිබුනේ JR ගේ කලේ.
රනිල්ගේ දුර්වල මුල්‍ය කළමනාකාරිත්වය සහ මෝඩ තීරණ නිසා තමයි රටට මේ දේ සිද්ද උනේ. මොලයක් නොවේ අල ගෙඩියක් කියන්නේ නිකම්ද ?.
මචන් දන්නවනම් කියපන්කො 
මහින්ද port city එකෙන් කොච්චර ප්‍රමාණයක් චීනෙට සින්නක්කර දුන්නද ?
රනිල් port city එකෙන් කොච්චර ප්‍රමාණයක් චීනෙට සින්නක්කර දුන්නද ?

මහින්ද port city එකෙන් කොච්චර ප්‍රමාණයක් චීනෙට සින්නක්කර දුන්නද ?
රනිල් port city එකෙන් කොච්චර ප්‍රමාණයක් චීනෙට සින්නක්කර දුන්නද ?

...ඉතින් අපි හැමදාමත් කලේ අපේ අතීතයේ රජවරුන්ගේ වැඩ ගැන පුරසාරම් කියවන එක විතරයි.ඒ කාලයේ හදපු වැව් එහෙම දැන් ඉන්න අයට හදන්නවත් බෑ විදේශ සහය නැතිව .එකෙන්ම තේරෙනවනේ අපේ තත්වය ..ඉතින් ලංකාව ඉන්නේ ඇත්තටම බොහොම පහල තැනක ..එදා ඉදන්ම නිල් - කොළ පක්ෂ වලට බලය මාරු උනාට රට දියුණු උනේ නෑ ..සිරිමාවෝ බණ්ඩාරනායක දේශීය ස්වයන්පොෂිත ආර්ථික ක්‍රමයක් හදන්න ගියා .නමුත් එක කරන්න හදපු වැඩපිළිවෙල අසාර්ථකයි ..එකෙන් උනේ අන්තිමට රටේ මිනිසුන්ට කන්න නැති උන එක ..මේ නිසා UNP ආණ්ඩුව බලයට ඇවිල්ලා විවෘත ආර්ථිකය හදුන්වලා දුන්නා..අදටත් අපි මේ තැනට දියුණු උනේ ඒ නිසා ..අද අපිත් යම් තරමකට ලෝකයා එක්ක සම්බන්ධ වෙන්නේ ඒ නිසා...ඉතින් වර්තමානයේ මහින්ද යුගය අවසාන කරලා රනිල් බලයට ඇවිල්ලා තියෙනවා ...කියපු කතා නම් බොහොමයි ...ඒවා දැන් කතා කරලා වැඩක් නෑ ...මම මේ කියන්න ආවේ රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය සහ අපේ අනාගතය ගැන මට දැනෙන විධිහ ...

