මචන් ඔය රෙදි කඩවල් වල බලන්න ගොඩක් බෝර්ඩ් ගහල තියෙන්නේ සේවකයන් අවශ්‍යයි කියල.ලොකු පඩි නැතත් බර වැඩ නැතුව සාමාන්‍ය වැඩ තියෙන්නේ.
පි.එස්.
කවුද කියන්නේ ලංකාව දුප්පත් තුන්වෙනි ලෝකේ රටක් කියල, ගංවතුරට තමන්ගේ බත් එක දුන්න වගේම, ඔන්ලයින් එකේ එක්ස්පොස්, බොරු ෂෝ කාරයෝ,මඩ කාරයෝ, වලි කාරයෝ විතරයි ඉන්නේ කියල හිතපු මට මේ ත්‍රෙඩ් එක දකිද්දී කදුළු ආව, ලංකාව ඉස්ස්රවගේම ඉදිරියටත් ගුණ යහපත් ඇති මිනිස්සුන්ගෙන් පෝසත් රටක් කියල. මේ වගේ රටක් වෙන කොහෙවත් නැ, වෙන රටවල් වලත් ඉන්නවා හෝම්ලස් අය එත් ඒ මිනිස්සු වගේ නෙවි, අපේ මිනිස්සු දුප්පත් මිනිහෙක් උනත් හිගන්නෙක්ට කීයක් හරි දෙනවා මන් දැකල තියෙනවා අදත් දැක්ක බස් එකේ යද්දී. මේ අතර ඉන්නවා ඒවගෙන් ප්‍රොයෝජන ගන්න අමන මිනිස්සු කොට්ටාසයක්, එත් උදව් කරන එක කව්රුත් අතහරින්නේ නැති එක ලොකු සතුටක්. චේතනාව උනත් ලොකු පිනක් කියනවනේ, අපේ අවාසනාවට අපිම ගේන පාලකයෝ කුහක නිසා අපි ආර්ථික වශයෙන් දුප්පත් උනත් ගුණ දර්ම අතින් ලෝකේ පලවෙනි තැන. උදව් කරන සැමෝටම පින්.