ඊයේ (26) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසර වෙනුවෙන් රජයේ මුළු වියදම රුපියල් කෝටි 181,229ක් වන අතර එයින් රුපියල් කෝටි 78,786ක් රාජපක්ෂ පවුලේ අමාත්‍යංශ අතර බෙදාගෙන තිබේ. මෙම වසරේදී රාජපක්ෂ පවුලේ අමාත්‍යංශ අතර බෙදාගෙන තිබෙන මුළු මුදල රුපියල් කෝටි 67,782ක්ය.
මෙම ඇස්තමේන්තු අභිබවා වියදම් ඉහළ යාම සාමාන්‍යයෙන් සිදුවේ.
මෙම වසර වෙනුවෙන් ජනාධිපතිවරයාගේ වියදම් ඇස්තමේන්තුව වූ රුපියල් කෝටි 857ක මුදල ප්‍රමාණවත් නොවීම නිසා පසුගිය අප්‍රේල් මස අවසන් වන විට අමතර රුපියල් කෝටි 34ක් පරිපූරක ඇස්තමේන්තු මඟින් වෙන්කර ගෙන තිබීම මේ බව තහවුරු කරන ප්‍රබල සාක්ෂියකි.
මෙවැනි තත්වයක් යටතේ ලබන වසර වෙනුවෙන් රාජපක්ෂ පවුල තුළ රඳවාගෙන තිබෙන අමාත්‍යංශ සඳහා ඇස්තමේන්තු කර තිබෙන වියදම් පහත පරිදිය.
ජනාධිපතිවරයා සඳහා රුපියල් අටසිය පනස් හත් කෝටි අනූපන් ලක්ෂ පනස් දහසක් (රු.8,579,550,000)
මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශය සඳහා :- රුපියල් දහඅට දහස් අනූ දෙකෝටි පනස්හතර ලක්ෂයක් (රු. 180,925,400,000)
රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය සඳහා :- රුපියල් විසිඅට දහස් පන්සිය දෙකෝටි විසි ලක්ෂයක් (රු 255,022,000,000)
ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සඳහා :- රුපියල් රුපියල් එකොළොස් දහස් තුන්සිය කෝටියක් (රු 113,000,000,000)
වරාය හා මහාමාර්ග අමාත්‍යංශය සඳහා :- රුපියල් විසිදහස් තිස්තුන් කෝටි පනස් ලක්ෂයක් (රු 200,335,000,000)
2015 අයවැය විසර්ජන පනත් කෙටුම්පතෙහි අන්තර්ගත සැකෙවින් පහත පළවේ.
රජයේ මුළු වියදම - රු. කෝටි එක්ලක්ෂ අසු එක් දහස් දෙසීයයි.
රජයේ ණය ගැනීම් සීමාව - රු. කෝටි එක් ලක්ෂ තිස් හතර දාහයි.
ආරක්ෂක අමාත්‍යාංශයේ වියදම - රු. කෝටි 28,502
පළාත් පාලන අමාත්‍යාංශයේ වියදම - රු. කෝටි 23,468
මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යාංශයේ වියදම - රු. කෝටි 20,033
මුදල් අමාත්‍යාංශයේ වියදම - රු. කෝටි 18,082
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වියදම - රු. කෝටි 15,371
සෞඛ්‍ය අමාත්‍යාංශය - රු. කෝටි 13,949
ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය - රු. කෝටි 11,300
අධ්‍යාපන අමාත්‍යාංශය - රු. කෝටි 4,760
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය - රු. කෝටි 4,110