රුපියල් 140 කට පාඩු නැහැ

maxter256

Active member
  • Apr 15, 2010
    273
    48
    28
    රුපියල් 140 කට පාඩු නැහැ

    http://aagiyakatha.blogspot.com/2014/03/140.html

    රුපියල් 140 කට පාඩු නැහැ
    ඉස්කෝලෙන් අස්වීමේ සහතිකේ අරගෙන තිබුණාට චරිත සහතිකේ අරගෙන නොතිබුණු නිසා ඒක ගන්න යන්න ඕනේ කියලා මට හිතුණා. කැම්පස් එකේ විභාග කාරියත් ඉවර නිසා ජොබ් එකකට යද්දී වුණත් චරිත සහතිකේටත් වටිනාකමක් තියෙන නිසා ඒකට ඉස්කෝලෙට දවස් කීපයක්ම යන්න වුණා. එක දවසක් ඒ වැඩ භාරව ඉන්න මිස්ට රැස්වීමක් නිසා උදේම ඉස්කෝලට ආපු මට දවල් 1 විතර වෙනකම් කරන්න වැඩක් තිබ්බෙත් නැති නිසා මම ගියා ජාතික පුස්තකාලෙට.

    ජාතික පුස්තකාලේ කියන්නේ බොහොම වටින කියන තැනක්. 1978 ඉදන් [???] මේ දක්වා ලංකාවේ පළවෙන හැම පත්තරයක්ම සඟරාවක්ම එයාලා ගාව තියෙනවා. ඒ වගේමයි හුඟා...ක් පොත් එහෙමත් එතන තියෙනවා. ඒ ගැන විස්තර වෙන දවසක කියන්නම්කෝ.

    ඉතින් හවස 1 විතර වෙනකම් කරන්න වැඩකුත් නැති නිසා ජාතික පුස්තකාලෙන් පොත් දෙක තුනක් බලලා මම ගියා ඒකේ තියෙන පොත් වෙළෙඳසැලට.


    ඒකෙදී හම්බුණු වටිනා කියන පොතක් ගැන තමා මේ කියන්න සූදානම. පොතේ නම පාඨශාලීය සද්ධර්ම කෝෂය. ඒක අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් තමා ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ගිහි පැවිදි උගතුන් රාශියකගේ දායකත්වයෙන් රචනා කරලා තියෙන මේ කෘතිය හැමෝටම බොහොම වටිනවා කියලයි මට හිතුණේ.

    "අ" අකුරේ ඉදන් "හේ" අකුර වෙනකම් බුදු දහම, ශාසන ඉතිහාසය එක්ක සම්බන්ධ වෙන විවිධ කරුණු ගැන කෙටියෙන් අවබෝධයක් ගන්න මේ පොතෙන් පුලුවන්. උදාහරණයක් කිව්වොත් මේ පොත ආරම්භ කරන්නේ "අ" අකුරෙන් එන අක්කෝසකභාරද්වාජ ගැන කෙටි විස්තරයකින්. තව මැද්දෙන් මැද්දෙන් කිව්වොත් දසබල, වජ්‍රාසනය, සමාපත්ති වගේ එකී මෙකී නොකී ගොඩක් දේවල් ගැන සාමාන්‍ය සරල විස්තරයක් මේ පොතේ පිටු 272 ක් පුරාවට තියෙනවා.

    නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වෙන එක තමා හොඳම දේ මේ පොතෙන් සිද්ධ වෙන.

    උදාහරණයක් ගත්තොත් මේකේ තිබිලා මට වචනයක් අහුවුණා "අනුග්‍රහ බුද්ධිය" කියලා. දුගී මගී යාචකයන්ගේ දුක දැකලා අනුග්‍රහයක් විදිහට ආහාර, වස්ත්‍ර දෙන එකට තමා අනුග්‍රහ බුද්ධිය කියන්නේ. ඒකේ අනික් එක "පූජා බුද්ධිය". බුදුන්ට. සඟුන්ට. සසුනට හරි පිදිය යුත්තෙක්ට හරි යම් වස්තුවක් පූජා වේවා කියන සිතුවිල්ලෙන් කරන පූජාව පූජා බුද්ධිය.

    ඒ වගේමයි සමහර වෙලාවට අපිට පොත් කීපයක් පෙරලලා හොයාගන්න වෙන දෙතිස් කතා, දස බල, අසුභානුස්සති 10, ධූතාංග 13 වගේ කාරණා ගොඩකුත් මේ පොතේ තියෙන නිසා එක තැනකින් ඔක්කොම හොයාගන්න පුලුවන් වෙන එකත් ලොකු පහසුවක්

    ඉතින් දහම් පාසල් යන දරුවන්ට වගේමයි අනික් ලොකු කුඩා බාල මහළු හැමෝටම වටිනා කියන මේ පොත අරගෙන බලන්න. මිළ රුපියල් 140 යි. මට ඩිස්කවුන්ට් එකකුත් එක්ක රුපියල් 126 කට. කරන සමහර වියදම් එක්ක බලද්දී මේ ගාණ නම් මහ ගාණකුත් නෙමෙයි. අනික මේ පොත ගන්න එක නාස්තියකුත් නෙමෙයි කියලා තමා මගේ හැඟීම
     
    • Like
    Reactions: ruwanfer

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Nodanna dewal 2k meken danagaththa
    "අනුග්‍රහ බුද්ධිය" කියලා. දුගී මගී යාචකයන්ගේ දුක දැකලා අනුග්‍රහයක් විදිහට ආහාර, වස්ත්‍ර දෙන එකට තමා අනුග්‍රහ බුද්ධිය කියන්නේ. ඒකේ අනික් එක "පූජා බුද්ධිය". බුදුන්ට. සඟුන්ට. සසුනට හරි පිදිය යුත්තෙක්ට හරි යම් වස්තුවක් පූජා වේවා කියන සිතුවිල්ලෙන් කරන පූජාව පූජා බුද්ධිය.
    +7