රුපියලේ අගය වැඩි වුණත් කරදරයි

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒ කියන්නෙ රුපියල අවප්‍රමාණ වීම, Freelancer කට්ටියට හොඳයි. එහෙමද ?
    උබ මෙතන සිද්දාන්තය තෙරුම් අරගෙන නැ මචන්.. ෆ්‍රීලැන්ස් කට්ටිය උදේට කන්න පාන් ගෙඩිය ගේන්නේ ඩොලර් දීලා නෙමෙයිනේ.. ඒක ගන්නේ රුපියල් වලට.. ඉතින් ඩොලර් එක 140ක් වෙලා ෆ්‍රී ලැන්ස් කාරයා බඩගිනි උනාම කන්න ගේන පාන් රාත්තල රුපියල් 100ක් නම් ඌ කොහොමද ජීවත් වෙන්නේ ඩොලර් හම්බු කරලා.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    පැටියා;18621825 said:
    $ එකට 130ක් ලැබෙනවට වඩා 140ක් ලැබෙන එක පට්ට ඒත් 130ට ගන්න පුලුවන් බඩුව එතකොට 140 වෙලා.

    ඊට වඩා වැඩි වෙනව. මොකද ටැක්ස් ගහන්නෙ ප්‍රතිශත වලින් නිසා. ඒක නිසා තමා යෙන් රේට් එක අඩු වැඩි වෙනකොට වාහන වල ගනන් සැලකිය යුතු ලෙස ඉහල පහල යන්නෙ. අපනයන කාරයොන්ටත් වාසි සල්ලි අතට ගන්නකන් විතරයි.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    උබ මෙතන සිද්දාන්තය තෙරුම් අරගෙන නැ මචන්.. ෆ්‍රීලැන්ස් කට්ටිය උදේට කන්න පාන් ගෙඩිය ගේන්නේ ඩොලර් දීලා නෙමෙයිනේ.. ඒක ගන්නේ රුපියල් වලට.. ඉතින් ඩොලර් එක 140ක් වෙලා ෆ්‍රී ලැන්ස් කාරයා බඩගිනි උනාම කන්න ගේන පාන් රාත්තල රුපියල් 100ක් නම් ඌ කොහොමද ජීවත් වෙන්නේ ඩොලර් හම්බු කරලා.

    ඔය තර්කය සාර්තකයි නම් සිම්බාබ්වෙ අපනයන කාරයො ලෝකෙ අල්ලලා මේ වෙනකොට. :lol::lol::lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඊට වඩා වැඩි වෙනව. මොකද ටැක්ස් ගහන්නෙ ප්‍රතිශත වලින් නිසා. ඒක නිසා තමා යෙන් රේට් එක අඩු වැඩි වෙනකොට වාහන වල ගනන් සැලකිය යුතු ලෙස ඉහල පහල යන්නෙ. අපනයන කාරයොන්ටත් වාසි සල්ලි අතට ගන්නකන් විතරයි.

    :yes: ගොනා බැඳ කරත්තෙ වගේ බඩු එනවා පස්සෙන්. බන්දුල ගුණවර්ධන කියන විදියට පඩිය පසුපස ජීවන වියදම පන්නනවා වගේ කතාවක්නෙ ඕක :yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් බන් ඔය ගානින් හරි රුපියල අවප්‍රමාණය නොවී තියන් ඉන්නෙ මැද පෙරදිග රස්සාවල් කරන්න යන ගෑනු ටික නිසා :baffled:
    ලැජ්ජ උනත් ඇත්ත ඒක තමා.. :(:(:(
     
    AnuradhaRa

    Well-known member
  • උබට මාන්දමද? කොහෙන්ද ඔය ඉකොන් ඉගෙන ගත්තේ.. ලන්කාව 100% විදේශ ඉන්දන මත යැපෙන්නේ.. ඉතින් බොල රුපියල ඔය ආකාරයෙන් ඉහල ගියාම අපි ගිය අවුරුද්දේ ගෙව්වට වඩා මේ අවුරුද්දේ තෙල් වලට ගෙවන්න ඔනේ. ඒ හා සමානව ඒ වැඩිවෙන වියදම ආන්ඩුව ජනතාවගෙන් බදු හැටියට අය කර ගන්න ඔනේ. හැම කෙනාටම ඩොලර් ගේන්න හැකියාව නැ. ෆ්‍රීලැන්ස් කරන එකෙක් ගෙනෙයි. ගමේ ගොවි මහත්තයා ඒ වෙනුවට මොකද කරන්නේ, ඒ මනුසසයා අර ඩොලරයට සාපේක්ශව තමන්ගේ වී ටික, එලවලු ටික ඉහල යවනවා. සමහරු අහනවනේ ඩොලර් එක නැග්ගම ඇයි ලන්කාවේ කිකිලියො දාන බිත්තර ගනන් යන්නේ කියලා. ඒක තමා ලන්කාව ඇතුලේ කුකුලු ගොවියන්ගේ විසදුම. ඒ මිනිස්සු කරන්නේ ඒ මිනිස්සුන්ගේ බාන්ඩ ඉහල දානවා, ඒකට හෙතුව ඩොලර් එක මත තමා ඉන්දන මිල තීරනය වෙන්නේ. කිකිලි බිත්තර ලන්කාවේ දැම්මට ඒකට ඔනේ යටිතල පහසුකම් ඔක්කොම යැපෙන්නේ ඩොලර් මත.

    :baffled:
    රුපිය ඉහළ යනව කිව්වෙ බං.. රුපියලේ අගය වැඩි වෙනව කියන එක..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔය තර්කය සාර්තකයි නම් සිම්බාබ්වෙ අපනයන කාරයො ලෝකෙ අල්ලලා මේ වෙනකොට. :lol::lol::lol::lol::lol:
    නැ නැ බන්. මම උදාහරනෙකට ගත්තේ, කැම විතරක් නෙමෙයි. හැමදේම ගනන් යනවානේ බන් ඩොලර් එක නැග්ගම. ඔකට එකම විසදුම තමා ලන්කාවේ අපනයන වැඩි කරන එක. ඒ කිව්වේ ලන්කාව විකුනන එක නෙමෙයි. රටේ කර්මාන්ත ඇති කරලා රට ඇතුලේ ස්තිරසාර වියාපාර ඇතිකලොත් අපිට පුලුවන් අපනයන ආදායම වැඩි කරන්න. ඒ කියන්නේ ෆ්‍රීලැන්ස් අයත් එක්ක. එක ඩොලර් එකක් හරි ලන්කාවට එනවනම් ඒක ආදායමක්නේ. ඒත් අපි ඩොලර් 10ක් හම්බු කරලා ඩොලර් 20ක ආනයනය කරනවා. ඉතින් ගොඩ යාමක් නැ. නය නය තමා හැමදාම..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඊට වඩා වැඩි වෙනව. මොකද ටැක්ස් ගහන්නෙ ප්‍රතිශත වලින් නිසා. ඒක නිසා තමා යෙන් රේට් එක අඩු වැඩි වෙනකොට වාහන වල ගනන් සැලකිය යුතු ලෙස ඉහල පහල යන්නෙ. අපනයන කාරයොන්ටත් වාසි සල්ලි අතට ගන්නකන් විතරයි.
    යෙන් එකේ නම් මෙහෙම සීන් එකක් තියනවා . යෙන් එක බැස්සට උන්ට අවුලක් නැ. මොකද උන්ගේ රටේ නිශ්පාදනය ව්ඩි වෙන නිසා. ජපන් කාර් මිල බැස්සට මචන්, උන්ගේ ආදායව අඩු වෙන්නේ නැ. මොකද යෙන් එක බාල්දු උනාම උන්ගේ කාර් වැඩිපුර විකිනෙනවා. එතකොටත් උන්ගේ ආදායම එකයි. කාර් ගොඩක් අඩුවට වීක්කත් උන්ට එක ආදායම. යෙන් එක නැගලා කාර් ටිකක් වික්කත් උන්ට එක ආදායම. ඒ නිසා උන්ට අවුල් නැ. අපිට අවුල, අපි රුපියල නැග්ගත් බැස්සත් විකුනන්නේ එකම ජන්ගි ප්‍රමානය.ඒකත් එක්කො කොරියන්, චීන උන්ගේ මැටීරියල් කොස්ට් එකක් එක්ක..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නැ නැ බන්. මම උදාහරනෙකට ගත්තේ, කැම විතරක් නෙමෙයි. හැමදේම ගනන් යනවානේ බන් ඩොලර් එක නැග්ගම. ඔකට එකම විසදුම තමා ලන්කාවේ අපනයන වැඩි කරන එක. ඒ කිව්වේ ලන්කාව විකුනන එක නෙමෙයි. රටේ කර්මාන්ත ඇති කරලා රට ඇතුලේ ස්තිරසාර වියාපාර ඇතිකලොත් අපිට පුලුවන් අපනයන ආදායම වැඩි කරන්න. ඒ කියන්නේ ෆ්‍රීලැන්ස් අයත් එක්ක. එක ඩොලර් එකක් හරි ලන්කාවට එනවනම් ඒක ආදායමක්නේ. ඒත් අපි ඩොලර් 10ක් හම්බු කරලා ඩොලර් 20ක ආනයනය කරනවා. ඉතින් ගොඩ යාමක් නැ. නය නය තමා හැමදාම..

    ඉස්සරහට නම් හොඳ කලක් යයි මිනිස්සු මොලේ කල්පනා කරලා ආණ්ඩුව තේරුවොත්. පාටලී කියන්නෙ ගෑස් නිධි දෙකක් හම්බවුනාය ඒවගෙන් 2020 වෙද්දි ලංකාව බලෂක්තියෙන් ස්වයංපෝෂිත කරනවා කියලා. GSP+ අනං මනං හම්බවෙලා තියනවා ආයෙත්. මොන මොනවා හරි අපනයනය කරන්න පුලුවන් බඩු හදන කර්මාන්තශාලා ටිකක් හදාගත්තනං ගොඩ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පැටියා;18621880 said:

    ඔය ගැස් නිදි නම් දෙපැත්ත කැපෙන බ්ලේඩ්.. හරියට ඇල්ලුවොත් රටම ගොඩ. පිස්සෙක් මැනේජ් කලොත් බඩු හරි.. ලොකේ යුද්ද ඇති වෙන්න ප්‍රදාන හේතුවක් ගැස් හා තෙල්.. ඔකට් ඇම දාන්න බලන් ඉන්න උන් එමටයි..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔය ගැස් නිදි නම් දෙපැත්ත කැපෙන බ්ලේඩ්.. හරියට ඇල්ලුවොත් රටම ගොඩ. පිස්සෙක් මැනේජ් කලොත් බඩු හරි.. ලොකේ යුද්ද ඇති වෙන්න ප්‍රදාන හේතුවක් ගැස් හා තෙල්.. ඔකට් ඇම දාන්න බලන් ඉන්න උන් එමටයි..

    :yes:
     
    AnuradhaRa

    Well-known member
  • අපේ රට තනියම හිටියනං අවුලක් නෑ.. දැං අපි ගොඩක් පරිභෝජනය කරල තියෙන්නෙ ණයට.. මොකද අපනයන වලට වඩා.. ආනයන වියදම හැම අවුරුද්දකම වැඩියෙන් තිබුණෙ...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපේ රට තනියම හිටියනං අවුලක් නෑ.. දැං අපි ගොඩක් පරිභෝජනය කරල තියෙන්නෙ ණයට.. මොකද අපනයන වලට වඩා.. ආනයන වියදම හැම අවුරුද්දකම වැඩියෙන් තිබුණෙ...

    වැඩිම ප්‍රමානයක් යන්නේ ඉන්දනවලට. සැලකියයුතු ප්‍රමානයක් යනවා කිරිපිටිවලටත්.. ඉන්දනනම් කමක් නැ කියමුකො, අපිට නැති නිසා. ඒත් කිරිපිටිවලට ඩොලර් දෙන එක අපිට නවත්තන්න පුලුවන් දෙයක්..
     
    AnuradhaRa

    Well-known member

  • වැඩිම ප්‍රමානයක් යන්නේ ඉන්දනවලට. සැලකියයුතු ප්‍රමානයක් යනවා කිරිපිටිවලටත්.. ඉන්දනනම් කමක් නැ කියමුකො, අපිට නැති නිසා. ඒත් කිරිපිටිවලට ඩොලර් දෙන එක අපිට නවත්තන්න පුලුවන් දෙයක්..

    දැං මචං ඔය ගෙවුම් ශේෂයෙ හිඟය පියවන්ඩත් පිටරටින් ණය තමා ගන්නෙ... :baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දැං මචං ඔය ගෙවුම් ශේෂයෙ හිඟය පියවන්ඩත් පිටරටින් ණය තමා ගන්නෙ... :baffled:
    ණය ගෙවන්න ණය ගන්නවා.. ඒකත් දැන් පැනලා. දැන් නය වාරික ගෙවන්න නය ගන්නවා. ඔක සාමාන්ය විවහාරේ කියන්නේ ක්‍රෙඩිට් කාඩ් එකට ලොන් එකක් දානවා කියලා. අන්න ඒ ක්‍රමේ. ක්‍රෙඩිට් කාඩ් එකේ බිල ගෙවගන්න බැරි උනාම, ඒ කාඩ් එකෙන්ම නයක් අරගෙන අර මාසික අඩුම ගෙවිය යුතු මුදල ගෙවලා කාර්තුවකට වැඩේ ශේප් කරනවා. ඒ වගේ රටත් දැන් නය වාරිකයට නය ගන්න තත්වෙට ගිහින්..
     
    • Like
    Reactions: mldarshana

    AnuradhaRa

    Well-known member
  • මොකද යෙන් එක බාල්දු උනාම උන්ගේ කාර් වැඩිපුර විකිනෙනවා. එතකොටත් උන්ගේ ආදායම එකයි. කාර් ගොඩක් අඩුවට වීක්කත් උන්ට එක ආදායම.

    උඹටනං Econ හොඳට දිරවල වගේ... :)
     
    AnuradhaRa

    Well-known member
  • ණය ගෙවන්න ණය ගන්නවා.. ඒකත් දැන් පැනලා. දැන් නය වාරික ගෙවන්න නය ගන්නවා. ඔක සාමාන්ය විවහාරේ කියන්නේ ක්‍රෙඩිට් කාඩ් එකට ලොන් එකක් දානවා කියලා. අන්න ඒ ක්‍රමේ. ක්‍රෙඩිට් කාඩ් එකේ බිල ගෙවගන්න බැරි උනාම, ඒ කාඩ් එකෙන්ම නයක් අරගෙන අර මාසික අඩුම ගෙවිය යුතු මුදල ගෙවලා කාර්තුවකට වැඩේ ශේප් කරනවා. ඒ වගේ රටත් දැන් නය වාරිකයට නය ගන්න තත්වෙට ගිහින්..

    :baffled:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ණය ගෙවන්න ණය ගන්නවා.. ඒකත් දැන් පැනලා. දැන් නය වාරික ගෙවන්න නය ගන්නවා. ඔක සාමාන්ය විවහාරේ කියන්නේ ක්‍රෙඩිට් කාඩ් එකට ලොන් එකක් දානවා කියලා. අන්න ඒ ක්‍රමේ. ක්‍රෙඩිට් කාඩ් එකේ බිල ගෙවගන්න බැරි උනාම, ඒ කාඩ් එකෙන්ම නයක් අරගෙන අර මාසික අඩුම ගෙවිය යුතු මුදල ගෙවලා කාර්තුවකට වැඩේ ශේප් කරනවා. ඒ වගේ රටත් දැන් නය වාරිකයට නය ගන්න තත්වෙට ගිහින්..

    Nice Explanation :)
     
    • Like
    Reactions: Screw SL

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    පැටියා;18621880 said:
    ඉස්සරහට නම් හොඳ කලක් යයි මිනිස්සු මොලේ කල්පනා කරලා ආණ්ඩුව තේරුවොත්. පාටලී කියන්නෙ ගෑස් නිධි දෙකක් හම්බවුනාය ඒවගෙන් 2020 වෙද්දි ලංකාව බලෂක්තියෙන් ස්වයංපෝෂිත කරනවා කියලා. GSP+ අනං මනං හම්බවෙලා තියනවා ආයෙත්. මොන මොනවා හරි අපනයනය කරන්න පුලුවන් බඩු හදන කර්මාන්තශාලා ටිකක් හදාගත්තනං ගොඩ.

    :yes::yes::yes:

    මල ජරාව ආනයනය තහනම් කරා නම් හරි. කිරිපිටි ඉන්දියන් යකඩ ගොඩවල් වගේ බොරු වියදම්. ලගදිම volkswagen කර්මාන්තශාලාවක් මෙහෙ අරිනවලු. :)

    මහින්දයා ආය ආවොත්නම් මම පහුවදාම පාස්පෝට් එක හදනව :no: