රුවක් ඇදෙනවා ගීයට අරුතක්
රුවක් ඇදෙනවා කවුදෝ එනවා = කවුදෝ එකෙක් එනව වගේ පේනවා
මීවිත ඇඳරිය දෑස වසනවා = ඩෝප් නිසා හරියට පේන්නෙ නෑ
හද පොදි බැඳි දුක දියකර පා කර = වෙරි මතින් මගේ හිතේ දුක අමතක කරලා
ඔබේ ලොවට මා මොහොතින් එනවා = මාත් ඔය පදමට එනවා ඉක්මනටම
සොඳුරු යොවුන් විය මල් මග මුල හිඳ = ඉලංදාරිියෙක් වෙලා ඉඳගෙනත්
කිම තොල මීවිත පොඟවන්නේ = ඇයි මෙහෙම බොන්නෙ?
නුරා විරහ ගිනි නිවා දමන්නයි = බූට් කාපු එක අමතක කරන්නයි
සුරා විතින් මා දෙතොල තෙමන්නේ = මං මෙච්චර බොන්නෙ
නැගුණු නුරා ගිනි මී පොද වැටිලා = හිතේ අමාරුවට වෙරිමත එකතුවෙලා
හතර වටින් දළු ලා එනවා = ඒක දැන් ඩබල් වෙලා එයි
අවන් හලේ මී විත තනි කරලා = ඔය ෂොට් එක මේසෙ උඩම තියෙන්න ඇරල
වරෙන් මලේ පියවර නගලා = වරෙං බං යන්න

TFS rep + 7