රුවක් ඇදෙනවා... සමලිංගිකද...?

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සමලිංගික නෙමේ .වරෙන් මලේ මීවිත තනිකරලා කියන්නේ බඩුවක් ගහන්නත් නෙමේ .ඕක ලියපු පදරචකයම ඔයගැන විස්තරකරල තිබ්බ .

    මතක විසිහට මේකෙත් ට්‍රේඩ් එකක් තිබ්බ ඔයගැන
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කිඹුුලයිය විල්තෙර පටන් ගත්තට පස්සේ නොහොබිනා විදියටවත් අර්ථයක් දෙමු..... :rofl:

    කුමරියක පා සළඹ සැලුනා..

    කුමරියක පා සළඹ සැලුනා..
    වසා සිටි නෙතු පියන් ඇරුනා..
    කුමර බඹසර අසපුවේ මා..
    සම වැදී උන් දැහැන් බිඳුනා..
    කුමරියක පා සළඹ සැලුනා..

    උකුල ළැම හස මලවි කරලිය
    මුවා කල ඇගෙ දුහුල් සළු තිර
    විවර කෙරුවා මනස් සලෙළුන්
    උමතු වු දෙනුවන් රැහැන් ඇද
    මා අබියස මැවුනු තුසිතය
    සුරන් නැළවූ සුයාමය..

    කුමරියක පා සළඹ සැලුනා..

    නිසල ජීවන තපෝ වන මැද
    හැඟුම් ගජසෙන් යදම් බිඳ ‍වැද
    තලා සිත කම්පනය කරවයි
    ලපලු තුරුවැල් කැකුළු මල් පෙති
    මා හඬවයි බිඳුනු තුසිතය
    සුරන් නැලවූ සුයාමය..

    ධනය,බලය හා ලිංගිකත්වය යන ත්‍රිත්වයට මනුෂ්‍යයෝ බොහෝ සෙයින් ප්‍රිය කරන බැව් දාර්ශනයකු විසින් කියා ඇත.එය සත්‍යයක් බැව් හොඳින්ම පෙනේ.මන්ද මනුෂ්‍යයා නොනවතින තරඟයක යෙදී සිටින්නේ ඉහත කී අරමුණු සාක්ශාත් කරගැනීමට බැව් ඕනෑම පුද්ගලයෙකුට හොඳීන්ම වැටහෙන කරුණකි.

    මෙම ගීතය මඟින් සම්භොග සුවය විඳගැනීමට මිනිසා තුළ ඇති ලෝලීත්වයත්,එකී පරමාර්ථය බිඳී ගිය කල්හි ඔහුතුළ ඇතිවන ශෝකී මනෝභාවයන්(හැඟීම්) නිරූපිතිය.එකී මනෝභායන් ගේය පද රචකයා අපූර්ව ලෙසින් තම පරිකල්පනයට හසු කොට ගෙන ඇත. ඉතා ඈත අතීතයේ පටන්ම මිනිසා අධික කාමාශාවෙන් පෙළේ. ක්‍රි.පූ 400-200 අතර කාලය තුළ වාත්ස්‍යායන් විසින් රචිත යැයි සැලකෙන කාම සූත්‍රය තුළින් ඔහු මිනිසුන්ගේ අරුම පුදුම ලිංගික චර්යාවන් විවරණය කරයි. මිනිසා සතු මෙකී කාමාශාව වර්ගයා බෝකරලීම සඳහා ස්භාවධර්මයා විසින් යොදනු ලැබූ උපක්‍රමයක් බැව් අපට සිතිය හැකිය.

    කුමරියක පා සළඹ සැලුනා..
    වසා සිටි නෙතු පියන් ඇරුනා..
    කුමර බඹසර අසපුවේ මා..
    සම වැදී උන් දැහැන් බිඳුනා..
    කුමරියක පා සළඹ සැලුනා..

    තම සිත ලොබ බැඳගත් ස්ත්‍රියගේ සම්ප්‍රාපතිය ඇගේ පාෂළඹේ හඬින් ඔහුගේ දෙසවන් විවර වේ.හඳෙහි දොරටු විවිර වේ.ඉන්ද්‍රිෙයා් පිබිදෙති.රාගී හැඟිම් සිතපුරා දුවැදියි.එතෙක් ඔහු වසාගෙන සිටි දෙනුවන් විවර වේ.මෙතෙක් ඹහු රැක සිටි කුමර බඹසර ඇගේ දසුනින් බිඳී යයි.කුමර භඹසර රැකීම යනු යොවුන් වියේ සම්බෝග සුවයෙන් වැළකී සිටීමයි.එතෙක් ඔහු තුළ තිබූ දැහැන බිඳී යයි.එතැන් සිට ඔහු ලොබ බඳින්නේ ඇය හා සංභෝග සුවය විඳ ගැනීමටයි.එසේම ගීතය ආරම්භයේදීම පා සළඹේ හඬ අපූරුවට ගීතය හා මුසු කරලීමට අමරදේවයෝ සමත් වී ඇත.

    උකුල ළැම හස මලවි කරලිය
    මුවා කල ඇගෙ දුහුල් සළු තිර
    විවර කෙරුවා මනස් සලෙළුන්
    උමතු වු දෙනුවන් රැහැන් ඇද
    මා අබියස මැවුනු තුසිතය
    සුරන් නැළවූ සුයාමය..

    ඇයගේ උකුළ,මල්සරා හෙවත් අනංගයාගේ වේදිකාවේ රංගනයේ යෙදෙනෙ හංසයින් එනම් පයෝධර වසාගෙන සිටින තිරය නම් ඇය හැඳ සිටින දුහුල් සළුවයි.කවියාගේ පරිකලපනය හැකියාවනම් අපූරවමය.ඔහුගේ දෙනුවන් සිටිනුයේ උමතුවෙනි.ඒ ඇගේ නග්න සිරිර දැකගැනීමටය.මනස නම් වූ සල්ලාල තරුණයා තම උමතු දෑසින් ඇගේ සිරැර වසාගෙන සිටින්නා වූ දුසුල් සළුව ඉවත් කරයි.කථකයා සිතින් ඇගේ සළු පිළි ඉවත් කළ අයුරු කී ආකාරය කදිමය.චිත්ත රෑපයන් දනවන සුළුය,ශෘංගාරවත් හැඟීම් අවදිකරවයි.මෙහි අනංගයාද ශඞගාරය සංකේතවත් කරයි.ඇගේ නග්න දේහය දකිනා ඔහුට තමා ඉදිරියේ දෙව්ලොව මැවුනා සේ සිතේ.එමඟින් ඔහුගේ ඉන්ද්‍රියන් සංතර්පණය වූ අයුරුද ඔහුගේ ප්‍රීතිජනක හැඟ්‍රම් ද ධ්වනිත කරවයි.

    නිසල ජීවන තපෝ වන මැද
    හැඟුම් ගජසෙන් යදම් බිඳ ‍වැද
    තලා සිත කම්පනය කරවයි
    ලපලු තුරුවැල් කැකුළු මල් පෙති
    මා හඬවයි බිඳුනු තුසිතය
    සුරන් නැලවූ සුයාමය..

    මෙම ගීතය දෙස මතුපිටින් බලන්නෙකුට මෙම ගීතය සම්භෝග සුවය වර්ණනා කරමින් ලියැරවුණු ගීතයක යැයිද,ඇතැම්විට සිත රාගයෙන් පුරවා දමන ගීතයක්,අසභ්‍ය ගීතයක් ලෙසෙන් පෙනෙන්ට පුළුවනි.ඇතමුත් එවැනි මතවන්ද දරනු මා අසා දැක ඇත.එනමුතු මෙම ගීතය පිළිබඳ මගේ කියවීම එයට ඉඳුරාම වෙනස් වේ.මෙම ගීතය අභ්‍යන්තරයට විනිවිද ගොස් බැලුවහොත් මෙම ගීතය තුළද දර්ශනයක් ගැබ්ව ඇති බැව් පෙනේ.එය බෞද්ධ දර්ශනය හා සාම්‍යයක් දකවතියි සිතේ.මිනිසාගේ සිත ආශාවන්ගෙන් බැඳුණු කල්හි ,සංසාර බැඳීම තර වෙයි,එය අහිමි වී ගිය කල්හි එමඟින් දැනෙන ශෝකය එය තමා සතුව තිබෙන කල්හි විඳි සංතර්ර්පණයට වඩා බොහෝසෙයින්ම වැඩිය.එසේම ප්‍රියයන්ගෙන් වෙන්වීමද දුකකකි.එසේම මෙම ගීතය තුළින් විප්‍රලම්භ ශෘංගාරය වහනය වේ.
    මෙතෙක් ඹහු ගෙවූ ශාන්තිදායක ජීවිතයේ නිසල බව බිඳ දමිමින් ජීවිතයට ආ කාමා රාගය ඔහු සුළු මොහොතකට සංතර්ඵණය කර ඔහු රවටා ඔහුගේ සිත කම්පිත කරමින් පළාගොස් ඇත.සැබවින්ම රාගය යනු මායාවක් නොවන්නේද?
    කේ.ඩී.කේ.ධර්මවර්ධනයන්ගේ අගනා පරිකල්පනීය හැකියාවෙන් හැඬවුණු මෙම ගීතයට මනරම් සංගීතයක් සැපයීම වික්ටර් රත්නායකයන්ගෙන් වන අතර මෙම ගීතය ගායනා කරනුයේ හෙළයේ මහා ගාන්ධාරයානො පණ්ඩිත් අමරදේවයන්ය.

    අසභ්‍ය ගීතයන් ලෙසින් ඇතමුන් අතින් කෙලසුණු මෙම ගීතයට මා විසින් වටිනා නමක්,නව අර්ථකථනයක් දීමට දැරූ පරිශ්‍රමය පිළිබඳ ඔබසැමගේ අවංක අදහස්,යෝජනා,චෝදනා සියල්ල දැන ගැනීමට ද කැමැත්තෙන් පසුවෙමි.

    ~~ලක්මාල් රංග කුමාර~~
    http://geeyaka-arutha.blogspot.com/2015/12/blog-post_55.html
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ..... ~~ලක්මාල් රංග කුමාර~~
    http://geeyaka-arutha.blogspot.com/2015/12/blog-post_55.html

    කලාව රසවින්දනය හා විචාරය කියන්නේ ඒකට තමයි යාලූවේ... මම දිගින් දිගටම පුල පුලා කියන්නේ ඒකම තමයි.... කලාව නිර්මාණයක් හැම කෙනෙකුටම එකම කෝණයෙන් පේනව නම් ඒක නිකං ප‍්‍රවෘත්ති නිවේදනයක් වගේ වෙයි... නිර්මාපකයාම පැනල දෙන්න ගියාම අංජබජල් වෙනවා... තමන්ගේ නිර්මාණය රිසි සේ විඳීමට රසිකයාට ඉඩ දී ඔහු පැත්තකට වෙන්න ඕන.... තමන්ගේ වස්තු බීජය අනුව ගිතයක් ලියල පසුව තනුවට පද වෙනස් කරලා ඒක විචාරය කරන එකා මන්ද බුද්ධික කුපාඩියෙක් කියනවා නම් කියන්න තියෙන්නේ ඇටිකෙහෙල් කාපු උගුඩුවාගේ කතාව තමයි...

    තවත් මේකට උත්තර දීල තිබ්බ දෙයක් තමයි කලා නිර්මාණය උත්තමයි, වන්දනීයයි කියල නෑ... එහෙම එකක් නෑ.... ඇයි කලා නිර්මාණයකට පූජනීයත්වයෙන් වන්දනා කරන්නේ රස විඳිනවා මිසක....
     
    Last edited:

    එතකොට උඹ කියන විදිහට උසස් කලා නිර්මාණ කියල දෙයක් නැද්ද මේ ලෝකෙ?:rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සමහරවිට මෙයා දන්න ළඟපාත පොට් එකක් තියෙනවද දන්නේ නෑ නෙ අහවල් ගිනි නිවන :oo: එතෙන්ට එක්කන් යනවද දන්නෙත් නෑ කොල්ලව වරෙන් මලේ ළඟ තැනක් තියෙනව කියල :oo:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    එතකොට උඹ කියන විදිහට උසස් කලා නිර්මාණ කියල දෙයක් නැද්ද මේ ලෝකෙ?:rolleyes:

    ඒක උසස් ද නැද්ද කියල තිරනය කරන්නේ රස විඳින්නා... පිකාසෝ සමහරක් අයගේ කෝණයෙන් බලිකාරයෙක්... හැබැයි සමහරුන්ට අනුව විශිෂ්ටයෙක්....
    ඒක සාපේක්ෂයි....

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    සමහරවිට මෙයා දන්න ළඟපාත පොට් එකක් තියෙනවද දන්නේ නෑ නෙ අහවල් ගිනි නිවන :oo: එතෙන්ට එක්කන් යනවද දන්නෙත් නෑ කොල්ලව වරෙන් මලේ ළඟ තැනක් තියෙනව කියල :oo:

    ම්... අවසානෙය විරහව නිවන්න නෙවෙයි කතා කරන්නේ බුර බුරා නැගෙන නුරාව නිවන්නයි....
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඒක උසස් ද නැද්ද කියල තිරනය කරන්නේ රස විඳින්නා... පිකාසෝ සමහරක් අයගේ කෝණයෙන් බලිකාරයෙක්... හැබැයි සමහරුන්ට අනුව විශිෂ්ටයෙක්....
    ඒක සාපේක්ෂයි....

    ලෝකෙ හැමදේම සාපේක්ශයි මිත්‍රයා. නමුත් බහුතරයකගේ අදහස තමයි සමාජ සම්මතය වෙන්නෙ.බහුතරයක් රසවිදින්නන් යම් නිර්මානයක් රසවිදල ඒ නිර්මානයෙන් දෙන පණිවිඩයෙන් සමාජයට හොද දෙයක් දෙනව කියල කියනවනම් ඇත්තටම ඒ නිර්මාණය උසස් නිර්මාණයක් වියයුතුයි.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ලෝකෙ හැමදේම සාපේක්ශයි මිත්‍රයා. නමුත් බහුතරයකගේ අදහස තමයි සමාජ සම්මතය වෙන්නෙ.බහුතරයක් රසවිදින්නන් යම් නිර්මානයක් රසවිදල ඒ නිර්මානයෙන් දෙන පණිවිඩයෙන් සමාජයට හොද දෙයක් දෙනව කියල කියනවනම් ඇත්තටම ඒ නිර්මාණය උසස් නිර්මාණයක් වියයුතුයි.

    ඒක තීරණය වෙන්නේ බහුතර භාවිතාව මතයි.... මම කලිනුත් කිව්වේ කලාවෙන් දෙන පණිවිඩය ග‍්‍රහණය කරගන්න ආකාරය සම්බන්ධව නිර්මාපකයා වගකිව යුතුයි... හිතේ එකක් තියාගෙන අතේ වෙන එකක් තිබ්බ පලියට මම මේ කලේ හිතේ තියෙන එක කිව්වට සාධාරණ නෑ.... මේ ගීතයේ කඩිමුඩියේ සංවාදයක් කරනවා.... ග‍්‍රාහකයාට ඒක ග‍්‍රහණය වෙන්නේ විවිධාකාරයෙන්....

    ඔව් කලාව අවසානයේ සමාජයට පණිවිඩයක් දිය යුතුයි...තර්කයක් නෑ....

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඒක තීරණය වෙන්නේ බහුතර භාවිතාව මතයි.... මම කලිනුත් කිව්වේ කලාවෙන් දෙන පණිවිඩය ග‍්‍රහණය කරගන්න ආකාරය සම්බන්ධව නිර්මාපකයා වගකිව යුතුයි... හිතේ එකක් තියාගෙන අතේ වෙන එකක් තිබ්බ පලියට මම මේ කලේ හිතේ තියෙන එක කිව්වට සාධාරණ නෑ.... මේ ගීතයේ කඩිමුඩියේ සංවාදයක් කරනවා.... ග‍්‍රාහකයාට ඒක ග‍්‍රහණය වෙන්නේ විවිධාකාරයෙන්....

    ඔව් කලාව අවසානයේ සමාජයට පණිවිඩයක් දිය යුතුයි...තර්කයක් නෑ....

    ඔව් යහපත් පණිවිඩයක් දියයුතුයි.