~ රූ ක ඩ කෝළම් ~

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
පව් පව්. මුකුත් කියන්න එපා. අපි නොදන්න මොනවහරි දෙයක් තියෙනවද දන්නේ නෑ නෙ....
7.gif
7.gif
7.gif
.


:rofl:
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
සමහරු අපි ඉස්සරහ රූකඩ වෙද්දි අපි තවත් අය ඉස්සරහ රූකඩ වෙනවා...... ඒත්.. අවසානයේ අපි ඔක්කොම මේ දෛවයේ රූකඩ වෙනවා. එහෙම නේද?

ලස්සනයි දිල්.....

පසුබිම් නිර්මාණය හරිම ලස්සනයි.


බොහෝම ස්තුතියි චතුර අදහස්වලට :)
 
Jul 24, 2008
1,633
33
0
godak hoda nirmanayak.. Ayyandita mage pranamaya..oba nirmanaya dakina vidiha apurui..subapatum dil sahodari obe nirmanakaranayata!!
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
මටනම් හිතෙන්නෙ මේ සමාජයේ අපි හැමෝම රූකඩ කියල..

අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව අපිව පාලනය කරන්නෙ පුටස්තර බලවේග..

කාලීන නිර්මානයක් සහෝදරී….

බොහෝම ස්තුතියි රසික අදහස්වලට
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
රූකඩ හැමදාම නටවන්න පුළුවන්,ඒත් අපිවත් රූකඩ කරල නටවන්න හදන අයත් ඉන්නවා ප්‍රවේශම් විය යුත්තේ ඒ අයගෙන්..

ලස්සන වගේම අර්තවත් නිර්මාණයක් sis

ස්තුතියි ඔබේ අදහස්වලට සහෝ
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
නටනු හැම විට මා ගසනා පදයට
නොකෙ‍රැවොත් එලෙස ඔබ
කපමි නූල මා අත ඇති
වෙන්නේ ඔබට
කඩා වැටෙන්නට ‍
මහ පොළොව මතට..
ස්තුතියි නංගි.. :)


ස්තුතියි සහෝ
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
කියන වෙලාවට නටන හා නැටවෙන මිනිසුන් ඇති අපේ පවතින සමාජය රූකඩ ලෙස බා ගැනීමට බාහිර බලවේග අපේ රට ප්‍රමුඛ පෙලේ කේන්ද්‍රස්ථානයක් කරගෙන..

විවිධ අයුරින් අපිව නටවන මේ බටහිර බලවේග හා උන්ගේ ඩොලර් කුට්ටි සාක්කුවේ රුවා ගත්,උන්ගේ නුල මත ක්‍රියාකාරි වන රට බල්ලට ගියත් තමන්ගේ බලය ගැනම හිතන දේශීය බලවේග හා පරගැති දේශපාලුවන් සහමුලින් අතු ගා දමන තුරු අපි නැටවෙන එක කිසිවෙකුට වලක්වන්න බෑ...

අපි අපිම තේරුම් ගෙන නටන හා නැටවෙන එක නවත්ත ගත්තොත් අපිට රටක් ඉතුරුවෙයි හෙට දවසට...

නංගියා නිර්මානයට යොදාගෙන ඇති ප්‍රබල පදවැලින් හා සුක්ෂමව අතරින් පතර යොදා ගත් ප්‍රහසනමය රටාව නිර්මානයට එක්කරලා තියෙන්නේ ලොකු ආලෝකයක් හා දීලා තියෙන්නේ ලොකු තල්ලුවක්..

නොකියම බැරි දෙයක් පසුබිම් චිත්‍ර රූපණය..එය නිර්මානය උද්දීපනය කරන්නක් කීවොත් වඩා නිවැරදියි....

ඉතා සාර්ථක... ඉහල මට්ටමේ ජනතා අවදිකිරීමක්...

ඔබට ජය.....

අයියගෙ වටිනා අදහස්වලට බොහොම ස්තුතියි
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
this could also be about obsessions ..when you are obsessed with some thought or something you go on doing weird things in a very self destructive way. as in drugs ...lol i know this is not what you meant but it simply reminded me of a song that was about drug addictions

:P;) thanks for the comment Awantha
 

Dinuka888

Member
Aug 4, 2009
322
3
0
Oh My God..That was Marvelous...I'm speechless Dil
& good hint anyway ;)

quenched my thirst!! I love this one more than the other..
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
රූකඩ මානසිකත්වයෙන් මිදෙමු...විශිෂ්ඨ නිර්මාණයක්...!

හරිම ලස්සන අදහසක්.
කලින් එක වගේම අර්ථාන්විතයි ඔබේ නිර්මාණය.


මට මේක දකිද්දි එක්තරා සිදුවීමක් මතක් වෙලා මෙම නිර්මාණයේ ඇති වටිනාකම හොදින්ම තේරුණා. ඒ නිසා ටිකක් වැඩිපුර කතා කරන්නං.:)

දවසක් මාරයා බුදු රජාණන් වහන්සේ ලගට ඇවිල්ලා මෙහෙම කියනවා...!

"ශ්‍රමණය, ඔය ඇස මගේ...ඔය ඇසට පෙනෙන රූපත් මගේ...ඇසේ ඇතිවෙන දැනගැනීමත් මගේ.."

"ඔව් මාරය, මේ ඇස නුඹේ තමයි...මේ ඇසට පෙනෙන රූපත් නුඹේ තමයි...ඇසේ ඇතිවන දැනගැනීමත් නුඹේම තමයි. ඒවගේම මාරය,
යම් තැනක ඇසක් නැතිනම්, පෙනෙන්නට රූපත් නැතිනම්, ඒ රූපවල දැනීමක් ද නැත්තං...ඔබේ කෙරුවාවල් සියල්ලම ඉවරයි"

(කස්සක සූත්‍රය - සංයුත්ත නිකාය 1)


මෙම සූත්‍රයේදි ඇස විතරක් නොවෙයි...කණ, නාසය, දිව, කය සහ මනසත් තමන්ගේ යයි
මාරයා කියනවා. මේ සෑම අවස්ථාවක දීම බුදු රජාණන් වහන්සේ මේ අයුරින් ම ඒ සියල්ල
මාරයාගේ බව පවසා මාරයාගේ කෙරුවාවල් නවතින තැන ද පෙන්වා දුන්නා.

ඇත්තටම අපිත් රූකඩ වගේ. අපේ රූකඩේ නූල් සවිවෙලා තියෙන තැන් හයක්
තියෙනවා. ඒ තැන් හය තමයි..අපේ ඇස, කණ, නාසය, දිව, කය සහ මනස..!
ඒ තැන් සියල්ල නටවන්නේ මාරයා අමුණපු නූල් වලින්.

ඇසට අමුණපු නූල තමයි...රූප..!
කණට අමුණපු නූල තමයි...ශබ්ද...!
නාසයට අමුණපු නූල තමයි...සුවද සහ ගද..!
දිවට අමුණපු නූල තමයි...රසය..!
කයට අමුණපු නූල තමයි...පහස...!
මනසට අමුණපු නූල තමයි...සිතිවිලි...!

මේ සියල්ලෙන් අපි නැටවෙනවා..! බස් එකක යද්දි හරි...රූමත් කාන්තාවක් දැක්කොත්
ඔලුව ඉබේම හැරවෙන්නෙ...ඇසට රූපය නූලක් වගේ සවිවෙලා තියෙන නිසයි...!

මිහිරි ගීතයක් ඇහුණොත් කණ ඉබේම ඒ දෙසට යොමුවෙන්නේ...කණට ශබ්දය නූලක් වගේ
ඇමිණිලා තියෙන නිසයි...!

නාසයට ඉමිහිරි සුවදක් දැණුනොත් ඒ සුවද දෙසට නාසය යොමුවන්නේ...නාසයට සුවද
නූලක් වගේ ඇමිණිලා තියෙන නිසයි...!(ඉස්සර තිබුණ කැප්රි ඇඩ් එක මතක ඇති)

දිවට මිහිරි රසයක් යන්තමින් හෝ දැණුන විට...තව තවත් ඒ රසය හොයන්නෙත්
දිවට රසය නූලක් වගේ ඇමිණිලා තියෙන නිසයි..!(මැගී ඇඩ් එක, කේක් ඇඩ්,...මතක් කරල බලන්න)

කයට මිහිරි පහසක් දැණුනොත් ඒ පහස සොයාගෙන, මහ රෑ ගෙවල් වලට හොරෙන්, ලෙඩ රෝග
ගැන නොසිතා, නින්දා ගැන නොසිතා, අනාචාරෙ යන්නෙත්...කයට පහස නූලක් වගේ
ඇමිණිලා තියෙන නිසයි...!

මනසට ‍සිතිවිල්ලක් හිතුනම...පැය ගණන් ඉන්න තැන පවා අමතක වෙලා ගිහින්, මනෝ පාර ගහන්නෙත්....මනසට සිතිවිලි නූලක් වගේ ඇමිණිලා තියෙන නිසයි...!

බලන්න දවස පුරාවට කොයිතරම් නටනවද..! උපන් දා සිට කොහොම නැටිල්ලක් අපි නටන්න ඇද්ද..! :nerd:
ශේක්ශ්පියර් මේ ධර්මය දැනගෙන හිටියෙ නැතත්, එයා කිව්වා...ජීවිතය කියන්නෙ
රග මඩලක් කියලා..අපි එහි නලුවන් බව. එය සැබෑමයි. ඒත් ඇත්ත කතාව එක්ක බලද්දි ටිකක්
වෙනස්..! ඒ මොකද...නලුව දන්නවා..රගපාද්දි ඊළගට වෙන දේ..! ඒත් අපි දන්නෙ නැ..හෙට
අපි මැරෙයිද කියලවත්..! එහෙනං ජීවිතය නිකම්ම නිකම් රග මඩලක් නොවේ..! දිලක්ෂිකා
සොයුරි කිව්වා වගේ..ජිවිතය කියන්නේ...රූකඩ රග මඩලක්. රූකඩයා පිටපත ගැන දන්නෙ නෑ.
රූකඩයා ඊළගට වෙන දේ දන්නෙ නෑ. නූල සෙලවෙද්දි අතපය සොලවනවා. ඒ වගේම යි නේද
අපේ ජීවිතත්..!

ඉතින් කොහොමද මේකෙන් ගැලවෙන්නේ..?

නූල් ටික ගලවගන්න ඔන..නටවන කෙනාට තේරෙන්නෙ නැති වෙන්න.:nerd:
අපි ඇසත් රූපයත් අපිව නටවන්නේ කුමක් නිසාද කියල හොයාගෙන...ඇසත්
රූපයත් අතර තියෙන සම්බන්ධය කඩාගත්තනං හරි. ඇසත් රූපයත් බැදිල තියෙන්නේ
තණ්හාව නිසයි...ඒකට කියනවා ආශාව, බන්ධනය, රාග‍ය. මේ සියල්ල එකම
තැනකින් බිදුන වචනයි. ආශාවක් නැත්තං ලස්සන රූපයක් අහම්බෙන් දැක්කත්..
දෙවැනි වර බලන්නේ නැහැ. ඉතින් පස්සෙන් යාම ගැන කවර කතාද?
ඔන්න නූල කඩාගන්න තැන..!

දැන් ඉතින් නට නට හිටියා ඇති කියල හිතුණ දාට...මේ තණ්හාව කියන ගැටය
ලිහල දාල නූල් ටික ගලවලා දාල මේ සංසාරෙම නටපු නැටිල්ලෙන් සදහටම
නිදහස් වී...සැබෑ නිදහස භුක්ති විදිමු. සැබෑ නිදහස යනු මෙය මිස..යුද්ධයකින්
ලැබෙන ජය නොවේ. එය තාවකාලිකයි. මේ නිදහස් වීමෙන් ඔහු හො ඇය මිදෙන්නේ
මේ නටන්නං වාලෙ නට නට දුක් විදින මාරයාගේ විජිතය වූ සංසාරයෙනුයි.

ඉතාම අර්ථාන්විත නිර්මාණයක් කළ දිලක්ෂිකා සොයුරී,

මේ සියලු දුකෙන් අතමිදී...රූකඩ භාවයෙන් මිදි..සදාකාලික නිදහස භුක්ති විදින්නට...
ඔබතුමියටත් ‍වාසනාව උදා වේවා..!

සදා ජය....!


අයියණ්ඩි
:nerd::nerd::nerd::nerd:


අයියන්ඩී,

ඔබේ විශිෂ්ඨ පැහැදිලි කිරීම නිසා මේ නිර්මාණයට ලැබුනෙ අගනා අලංකාරයක්.....ඔබේ හසල දැනීමට මගේ අචාරය...

බොහෝමත්ම ස්තුතියි ඔබට
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
කාලීන රූකඩ කෝලමක්...

අපූරු නිර්මාණයක් දිල් අක්කියෝ...
තව තවත් නිර්මාණ කරන්න අක්කියට‍ ධෛර්යය හා ශක්තිය නිබද ලැබේවා!!!


බොහොම ස්තුතියි ඔයාගෙ අදහස්වලට නංගි
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
මට තියෙන ගැටලුව අපේ අතේ ඔය තියෙනවා කියන නූල කොච්චර හයියද කියන එකයි.. අනෙක් එක අපි ඒ නූල හරවන පැත්තටමද ඔය රූකඩ ටික හැරෙන්නෙත් කියලයි..

සාර්ථක නිර්මාණයක් අක්කේ !


එතන තියෙන්නේ නූලෙ හයිය නෙමේ..හිතේ හයිය....
ස්තුතියි ඔයාගෙ අදහසට