Video කීපයක්ම බැලුව, සාමාන්‍යයෙන් මෙයා publish කරපු හැම එකක්ම වගේ බැලුව. කියන දේවල් වල ඇත්තක් තියෙනවා මචං එක පයින් ආයේ දෙකක් නැහැ එකේ. හෙන ගහන ඇත්ත කියන්නේ. ආර්ථික විසඳුම් ඕව තමයි ඕන. නමුත් වැඩේ තියෙන්නේ බන් කියන්නේ චන්දෙ ට කලින් නේ බන් එකනේ ප්‍රශ්නේ. ඉතින් කට වචනේ විශ්වාස කරනවා ඇරෙන්න වෙන මිනිස්සුන්ට කිසිම ඔප්ෂන් එකක් නැහැ කියන එකයි අවාසනාවන්ත කාරණය. මොකද හරියට කතා කලේ නැතිනම් මිනිස්සුන්ගෙන් චන්ද ගන්න බැහැ. ඒක ඌ වගේම අපිත් උබත් දන්නව නේද? එකනේ මේකේ point එක? මොකද හැම දෙස්පාලුවම චන්දෙට කලින් මිනිස්සුන්ගේ හදවත් වලට බලාපොරොත්තු දෙන්න දක්ෂ වෙන්න ඕන, එතකොට තමයි ගොඩ යන්නේ. මේ රටේ වැඩිපුරම ඉන්නේ ජනතාව "Emotional හරක්" නිසා උන්ගේ හිත එක හොදටම Play එක දෙන එකා තමයි චන්දෙන් දිනන්නේ. මොකද ගොඩක් එවුන් ට තේරෙන්නේ නැහැ මේ කතාවේ පොයින්ට් එක තමන්ගේ චන්දෙ ලබාගන්න කරන මාකටිං එක කියල, ඒක කතා කරන එකා වගේම අහන එකත් තේරුම් ගන්න ඕන.
මෙයාගේ බිස්නස් වැඩ ගැන කතා කරලා තමයි මෙයා මිනිස්සුන් ව නම්මගන්නේ Plan එක දැනට පෙන කැම්පේන් වල. මෙයා මේ වගේ සාකච්චා වලට එනකොට කියන්න ඕන කරුණු හරියටම තිතට Pre Plan කරගෙන තමයි එන්නේ. Talk එක දෙන විදිහට ගොඩක් මිනිස්සුන්ව අල්ලයි. නමුත් අවසානය යකා කොච්චර කළු ද කියල කල් තියා හොයාගන්න ක්‍රමයක් නැති එක අවාසනාව.
වැඩිය ඕන නැහැ උබෙම පොස්ට් එකේ මේ ටික අරගෙන බලපන්,
මේක තමයි මම කිව්වේ Pre Plan කරලා කියල, දැන් අතීතයේ ජනාදිපතිවරණවල් වල දීපු ඒවා අපහු දෙන්න බැහැ කියල කොහොමත් දන්නව දේශපාලුවෝ. ඉතින් අලුත් බෝල බස්සන්න ඕන කියල එයාලට ඒක තේරෙනවා. චන්දෙ දිනන්න හරියට ට්‍රයි කරන එකා ජල්තරේ උපරිම ගැහුවොත් තමයි දිනන්නේ. එතකොට එයා බබෙක් නෙමෙයි එකම බණේ ආයේ ආයේ ගහන්න.
ඉස්සර රනිල් කිව්වා ගොවියන් ට චුයින්ගම් දෙනවා අරව මේවා ඕවා අහල මිනිසු චන්දෙ දුන්න කාලයක් තිබ්බත් ඒකම කියනකොට දෙන්නේ නෑනේ?
මහින්ද යුද්දේ මාකට් කරාට එකෙන් ගන්න පුළුවන් චන්ද ටිකක් තිබ්බට ආයේ ආයේ යුද්දේ ගැන කිව්වම මිනිස්සුන්ට ඒක හරි ගියේ නෑනේ, ඉතින් UNP එකත් මිනිස්සුන්ට රාජකීය බෝල ටිකක් පොටෝෂොප් කරලා ගැහුව. දැන් ඒකම ආපහු ගහන්න බැහැනේ.. එහෙම තමයි බන් ස්ට්‍රටජී එක වෙනස් කරනව ජනතාවගේ Mind එක Play කරද්දී Moves දෙක තුනක් ඉස්සරහින් හිතුවේ නැතිනම් දිනන්න අමාරුයි.. අපි ඉතින් බලමු ඉස්සරහට මොනාද වෙන්නේ කියල. තව කල් තියෙනවනේ මෙයාට..
මොනවා උනත් ජනතාව හොදට මොලේ කල්පනා කරලා මේ පාර චන්දෙ දුන්නොත් හොඳයි ඉදිරි කාලයේ වෙන දේවල් ගැන සිහියෙන් තේරුම් අරගෙන.