ලිපියේ අඩුපාඩු ගොඩක් තියනවා, කොළඹ ඉදන් කාගෙන් හරි අහගෙන ලියපු ලිපියක්. නමුත් එහෙමයි කියල අපි මේ වගේ ලිපි මේකේ දාන්නෙත් නෑනේ (මම සිංහලෙන් ලිපි ලියන්නේ නැත්තේ copyrights නොතකා කොල්ලයි / බල්ලයි හැම එකාම share කරන නිසා ). ඒකනිසා ඔබේ උත්සාහය හොදයි!
අඩුපාඩු ගොඩ අතරින් කිහිපයක් පෙන්වන්නම් ......
"ලංකාගමට නුදුරින් කොලොන්කොටුව, වඩුගෙදර, නිල්වැලිගම, පිටදෙණිය ආදී ගම්මාන පිහිටා තිබෙනවා".
ග්‍රාම නාම වැරදියි.
"පවුල් 270ක් පමණ ලංකාගම ග්‍රාම නිලධාරී වසමේ ජීවත් වෙනවා".
පවුල් 500 ඉක්මවා තිබෙනවා.
"මේ ගඟ වැසි කාලයට පිටාර දැමීම නිසා නිතරම ගම ගංවතුරට අසුවෙනවා".
මෙය මුළුමනින්ම වැරදියි. ලංකාගම ගංවතුරට හසු වෙන්නේ නෑ. තාක්ෂණික වශයෙන් මෙතන සිදුවන්නේ වෙන දෙයක්.