ලංකාවට එන්නම ඉන්න හිතිලා තියෙන්නේ..මෙහෙ වරදක් නෑ..ඒත් නිකන් තනියක් වගේ දැනෙනවා...ගන්න තීරණයක් දැන්ම ගන්න ඕන තවම පුතාට අවුරුදු 3.ව්යිෆ් කැමති නැහැ ලංකාවට ඉන්නම යන්න.
ආදායම් මාර්ග 2ක් 3ක් වගේ මාසෙට ලක්ශ 3ක් 4ක් එන විදියට තිබුනොත් තුන් දෙනෙක්ට ඇති වෙයිද? ලංකාවේ ගෙවල් හදන්න නැහැ..වාහන ගන්න නැහැ. ඒවා අරන් තියෙන්නේ ඊට අමතරව.තව තාත්තගෙන් අම්මගෙන් ලැබෙන ගෙවල් ඉඩම් තියනවා..මොනා කරන්නද කියල හිතාගන්න බැහැ.
