මට තියන අවුල්
1) ත්රීවීල් කාරයෝ එක පාරටම හරවන එක. උන්ගෙ ඉස්සරහ තනි රෝදයක් තියන නිසා කොයි වෙලේ හරවනවද කියල සුවර් නෑ. අනික උන් මොන පැත්තට සිග්නල් දැම්මත් ඒව සුවර් කරන් ගිහින් ඇනගන්න බැ.
2) පාරෙ මැද දකුනු පැත්තේ කොට කොට යන, පස්සෙන් වාහනයක් එන කොට අයින් කරන්නෙ නැති උන්. සමහර බයික් කාරයොයි කාර් කාරයොයි පාරෙ මැද යනව. ඉස්සර කරන්න කරන්න ගියාම කුනුහබ්බ මතක් වෙනව. මම පාරෙ මැද යනවනම් බයික් එකේ ගියත් කාර් එකේ ගියත් හැමතිස්සෙම කන්නාඩියෙන් බලනව පස්සෙන් මොකක් හරි වාහනයක් මාව ඉස්සර කරන්න බලාගෙන එනවද කියල. එහෙම එනවනම් මම එවෙලෙම වම්පැත්තේ සයිඩ් එකට දාගන්නව.
3) රෑට වාහන එලවන එක නම් තිත්ත වෙලා තියෙන්නෙ. වැඩියෙන්ම ත්රීවීල් කාරයොයි බයික් කාරයොයි හෙඩ් ලයිට් ගහන් එනව ඩිම් කරන්නෙ නෑ. සමහරු ඩිම් කරත් උන් දාන් එන්නෙ LED or HID ලයිට්. ඒව ඇස්වලට වැදුනම හෙන අමාරුයි. එක්කො උන් ඒව හරියට ෆෝකස් කරල නෑ. ඒකේ ලොකු අවුලක් තියනව.