මේ හාමුදුරුවෝ පැවිදි දිවියට ඇවිල්ලා දැනට අවුරුදු 10 ක් වෙනවා. ඒ කෙනුත් අවුරුදු 3 & 1/2 ලංකාවේ. ගිහි ජීවිතේ කාලේ උන් වහන්සේ යුගොස්ලෝවියා ජාතිකයෙක් සහ වෘතියෙන් පශු වෛද්‍යයවරයෙක්. ආගම ක්‍රිස්තියානි. ලයිබ්‍රරි එකේ බුදු දහම සම්බන්ධපොත් කියවලා තමයි ධර්මය වැලඳගෙන තියෙන්නේ. මේ හාමුදුරුවෝ එක්ක තවත් හාමුදුරු නමක් ඉන්නවා කණ්නාඩි කුට්ටමක් දාගෙන ඉන්නේ ඒ අනික් හාමුදුරුවෝ. උන් වහන්සේ දකුණු අප්‍රිකාණු ජාතිකයෙක් සහ පැවිදි දිවියට ඇවිත් වසර 7ක්. සතියේ දවස් පහ ආහාර ලැබෙනවා උන් වහන්සේලාට පහළ තියෙන පංසලෙන්. සෙනසුරාදා සහ ඉරිදා දින දෙක පිඬු සිඟා වඩිනවා උදේ 6.30 ට වගේ. ඔය මෙතුමා භාවනා කරන්න හදපු කුටි උන්වහන්සේයි අනික් හිමි නමයි තවත් එක්කෙනෙකුගේ උපකාර ඇතුව තනිව හදපුවා.